topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලක්ෂ 8000ක ක්‍රීඩාංගණයේ කතාව

දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකාවේ විශාලතම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හෝමාගම දියගම දී ඉදිකිරීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පසුගියදා පැවසීය. අක්කර 26 ක භූමිභාගයක් පුරා විසිරෙන සේ ඉදිකෙරෙන බව කියන මෙම ක්‍රිකට් ක්‍රීඩාගංණය ආසන 40,000 කින් යුතු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව සකස් කෙරෙන රටේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය බවයි ඔහු සඳහන් කරන්නේ.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඇතුළු කණ්ඩායමක් පසුගිය 17 දින මෙම යෝජිත ක්‍රිකට් ක්‍රීඩාංගන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

“අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු, විනාශ කරපු, නතර කරපු සංවර්ධන ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමේ ව්‍යාපෘතිය යටතේ, හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයෙන් අක්කර 26 ක කොටසක් වෙන්කරලා දුන්නා ක්‍රිකට් පාලක සභාවට ලංකාවේ විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය අවුරුදු 3ක් ඇතුළත කාලපරිච්ඡේදය තුළ තනා නිම කිරීම සඳහා. දැන් ඒ සම්බන්ධව සියලු සැලසුම් සකස් කරලා අවසන් කරලා තිබෙනවා…”යයි එහිදී ඔහු ප්‍රකාශ කළේය.

“ඒ සඳහා අද දින ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමත්, කොළඹ දිස්ත්‍රික්ක ලේකම්තුමත්, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්තුමා ඇතුළු උසස් නිලධාරීන් සියලු දෙනාම පැමිණ ස්ථානීය පරීක්ෂණයක් අවසන් කළා. ඉදිරි කාලපරිච්ඡේදය තුළ දී ඉදිකිරීම් කටයුුතු පටන් ගන්නවා…”යි අමාත්‍යවරයා මාධ්‍යට ප්‍රකාශ කළේය.

මේ ප්‍රවෘත්තිය සැලවීමත් සමඟ ශ්‍රී ලංකාවේ හිටපු ටෙස්ට් ක්‍රීඩකයින් දෙදෙනකු මෙන්ම නායකයින් දෙදෙනකුද වන මහේල ජයවර්ධන සහ රොෂාන් මහානාම ඊට කඩිනමින් ප්‍රතිචාර දක්වා තිබුණි.

මේ සම්බන්ධයෙන්, සිය පුදුමය පලකරමින්, මහේල ජයවර්ධන ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ප‍්‍රශ්න කර තිබුණේ, ලංකාවේ දැනට තිබෙන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක‍්‍රීඩාංගනවල පවා, ශ‍්‍රි ලංකාව ප‍්‍රමාණවත් තරමට ක්‍රිකට් තරග ක‍්‍රීඩා නොකරන පසුබිමක, තවත් අලුත් ක‍්‍රීඩාංගනයක් මොකටද යනුවෙනි.

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයෙකු හා වත්මන් ICC තරග තීරකවරයෙකු වන රොෂාන් මහනාම පවසා ඇත්තේ, රට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ද  මුහුණ දී තිබෙන මෙවැනි දුෂ්කර අවදියක අපිට ඇති වන්නට ක්‍රිකට් ක්‍රීඩාංගණත් තිබියදී මිලියන ගණනක් වියදම් කර අලුතින් ක්‍රිකට් ක්‍රීඩාංගන ඉදි කරන්න යාම විහිළුවක් බවයි.

මහානාම වැඩිදුරටත් පවසන්නේ “මේ වන විට ලොව බොහෝ රටවල් දැවැන්ත ඉදිකිරීම් ව්‍යාපෘති පවා අත්හිටුවලයි තියෙන්නේ. ශ්‍රී ලංකාවට ඇතිවෙන්න ජාත්‍යන්තර ක්‍රිකට් පිටි තියෙනවා. ඒවා අවුරුද්දේ වැඩි කාලයක් නිකම් වහලා දාලයි තියෙන්නෙ. ක්‍රිකට් ආයතනය කියනවා මෙය ඉදිකරන්න යන්නේ ණයක් අරගෙන කියලා. හම්බන්තොට ක්‍රීඩාංගණය හදන්න වියදම් කරපු මිලියන ගණනක් තවමත් ගෙවන්න තියෙනවා. අපිට කියන්න තියෙන්නෙ මේ වෙලාවේ එවැනි නාස්ති නොකර අපේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කරන්න හොද වැඩපිළිවෙළක් යොදන්න කියලයි.” යනුවෙනි. ඔහු මේ බව ‘ශ්‍රීලංකා මිරර් වෙබ්’ අඩවියට පවසා ඇත.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන මෙම ක්‍රීඩාංගණය ඉදි කිරීම සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 8කි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම මුදල පියවා ගැනීමට අපේක්ෂා කරන්නේ, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ප්‍රතිපාදනවලින් ඇමරිකානු ඩොලර් මිලියන 2 .5 ක් වාර්ෂිකව ගෙවන පරිදි බැංකුවකින් හෝ වගකිවයුතු මූල්‍ය ආයතනයකින් ණයක් ලබා ගැනීමෙන් බවයි පවසන්නේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත සිය අදහස් පළකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මැතිවරණ අපේක්ෂක උදය ගම්මන්පිල පැවසුවේ, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදි කිරීමට ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 30 ක මුදලක් වෙන් කර ඇති බවයි.

“අයි.සී.සී ආයතනය ශ්‍රී ලංකාවට වෙන් කළා ඩොලර් මිලියන 30 ක්. අලුත් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාංගණයක් හදන්න. ඒ සල්ලි ලැබෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් සභාවෙන් ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට. ජාත්‍යන්තර ක්‍රිකට් සභාව සල්ලි දෙන්නේ ක්‍රිකට් පිටි හදන්න ක්‍රිකට් දියුණු කරන්න පමණමයි. එතකොට එතන ලංකාණ්ඩුවේ සල්ලි සතයක්වත් නෑ. ඒ සල්ලි අපි පාවිච්චි නොකළොත් වෙන රටකට ලබා දෙනවා ක්‍රිකට් පිටියක් හදාගන්න….”යයි ගම්මන්පිල වැඩිදුරටත් පවසා තිබුණි.

මේ පිළිබඳව මාධ්‍ය කළ විමසීමකදී අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ මාධ්‍ය හා සන්නිවේදන කළමනාකරු රාජේෂ්කර් රාඕ පැවසුවේ සිය ආයතනය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩාංගණයක් ඉදිකිරීමක් සම්බන්ධයෙන් කිසිඳු ආකාරයක ගිවිසුමක් හෝ සාකච්ඡාවක් නොමැති බවයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් “අපි චීනෙට තාම ණයයි සුරිය වැව ක්‍රිකට් ක්‍රීඩාංගණය හැදුවට. ණය ගෙවන්නේ වරාය අධිකාරියෙන්. තාම කොටි ගණන් පොලී ගෙවනවා භාණ්ඩාගාරයෙන්. සුරිය වැව හැදුවේ ලංකාවේ විශාලම ක්‍රීඩාංගණය හදනවා කියලා. දැන් එකේ රිලව් පිනුම් ගහනවා. එහෙම තියෙද්දී හෝමාගම තව ලොකුම එකක් හදන්න හදන්නේ මේ මොහොතේ රටේ තියෙන විශාලම ප්‍රශ්නය, කොරෝනා ප්‍රශ්නය යට ගැහීමේ උවමනාවෙන්ම තමයි…”යනුවෙන් කෝප් කමිටුවේ හිටපු සභාපති මෙන්ම ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසීය.

මේ අතර ගම්මන්පිල සහ අමාත්‍ය බන්දුල නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ යටිතල පහසුකම් සංවර්ධය ඕනෑම ක්‍රීඩාවකටම වැදගත් බවයි. එහෙත් මේ අවස්ථාවේදී එවැන්නකට ප්‍රමුඛතාව දීම යුතුදැයි බරපතළ ලෙස සිතා බැලිය යුතු බව ඔහු පවසයි. එසේම අවසන් තීරණයක් ගැනීමට පෙර සියලු පාර්ශවකරුවන් සම්බන්ධ කරමින් අවසන් තීන්දුවක් ගැනීම වගකිව යුතු බලධාරීන්ගේ ප්‍රමුඛතම අරමුණ විය යුතු බව නාමල් සඳහන් කරයි.

ඔහුගේ බාල සහෝදර නාවික හමුදා නිලධාරි යෝෂිත රාජපක්ෂ සිය ට්වීට්ර් පණිවිඩයකින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි.
ඒ “ශ්‍රී ලංකා ක්‍රිකට් යනු අපගේ ආඩම්බරය හා ප්‍රීතියයි. නමුත් වර්තමාන සෞඛ්‍ය අර්බුදය දෙස බලන විට ලෝකය සුනුවිසුනු වී ඇති අතර, මට පෞද්ගලිකව හැඟෙන්නේ නව ක්‍රිකට් පිටියක් ඉදිකිරීම වැනි විශාල යටිතල පහසුකම් ව්‍යාපෘති මේ කාලයේ අවශ්‍ය නොවන බවයි.”
“මෙම ව්‍යාපෘති පිළිබඳව පසුව සොයා බැලිය හැකි අතර, මේ වන විට ප්‍රමාණවත් අරමුදල් තිබේ නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩි දියුණු කළ හැකියි. තාවකාලික තීරණ නොගත යුතුය. ” යනුවෙනි.

ඔවුන් දෙදෙනාම පෙසේ පවසන්නේ අමාත්‍ය බන්දුල පවසන පරිදි “අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා..” ඉඩම් පවා ලබාදී ඇති යෝජිත ඉදිකිරීම පිළිබඳව වීම විශේෂයකි.

ණයක් ලබාගෙන ඉදිකිරීමට සැලසුම් කරන මෙම ක්‍රිකට් ක්‍රීඩාංගනය පිළිබඳව නිවේදයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග අනාවරණය කරන්නේ ඔස්ට්‍රේලියාවටත් වඩා දැනටමත් මෙරට ක්‍රිකට් ක්‍රීඩාංගණ සංඛ්‍යාවක් තිබෙන බවයි.

ඓතිහාසික තරග රැසක් පැවැති අස්ගිරිය සහ මොරටුව වැනි ක්‍රීඩාංගණ අද වන විට අත්හැර දමා තිබෙන බව පෙන්වා දෙන අර්ජුන  පවසන්නේ කළ යුත්තේ එවැනි ක්‍රීඩාංගණ දියුණු කිරීමට සැලසුම් සකස් කිරීම මිස අලුතින් ජාත්‍යන්තර ක්‍රීඩාංගණ ඉදි කිරීමට අතිවිශාල මුදලක් වැය කිරීම නොවන බවයි.

ගෙවුණු වසර තුනේදීම හම්බන්තොට සූරියවැව ක්‍රිඩාංගණයේ පවත්වා ඇත්තේ එක් තරගයක් පමණක් බව පෙන්වා දෙන ඔහු පසුගිය වසර තුනේදී දඹුල්ල ක්‍රීඩාංගණයේ එකදු ජාත්‍යන්තර තරගයක්වත් පවත්වා නොමැති බවත් සිහිපත් කරයි.

ක්‍රිකට් සම්බන්ධ ප්‍රකට වෙබ් අඩවියක් වන espncricinfo පවසන පරිදි ශ්‍රීලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා පවසා ඇත්තේ “ක්‍රීඩාංගණය ඉදිකිරීමේ පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දැරිය යුතු” බවයි. පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ‘ගොඩනැගීමට කැපවූ’ දෙවන ක්‍රීඩාංගණය මෙය බව ඔවුන් සිහිපත් කරයි. මිට පෙර උතුරු ප්‍රදේශයේ  යාපනයෙහි ක්‍රීඩාංගණයක් ඉදිකරන බව ශ්‍රීලංකා ක්‍රිකට් 2017 දී නිවේදනය කර තිබුණි. එම භූමියේ වැඩ ආරම්භ කිරීමට පවා  අපොහොසත් වී ඇති espncricinfo සඳහන් කරයි. යාපනයේ ස්ථානය පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයක් පවා තවම අවසන් කර නොමැති බව ද ඈෂ්ලී ද සිල්වා තහවුරු කර ඇත.

“අපි ලෝක කුසලාන සඳහා ලංසු තබන්නෙමු. ඒ ආකාරයේ විශාල උත්සවයක් පැවැත්වීම සඳහා ඔබට ක්‍රීඩාංගණ පහක් අවශ්‍ය වනු ඇත..”යි ඈෂ්ලි ද සිල්වා පවසා තිබුණි.

එහෙත්  අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය,කිසිඳු විටෙක සත්කාරක රටක් තිබිය යුතු නිශ්චිත ක්‍රීඩාපිටි ගණනක් නියම කර ඇති බවක් නොපෙනේ. එමෙන්ම ලෝක කුසලාන සඳහා සාර්ථක මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා එම ක්‍රීඩාපිටි වලට නිශ්චිත ප්‍රේක්ෂක ධාරිතාවක් අවශ්‍ය නොවීය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් සත්කාරක රටක යෝග්‍යතාවය තක්සේරු කරන විට පමණක් මෙම සාධක ක්‍රියාත්මක වේ. නමුත් සාමාන්‍ය භාවිතාව වන්නේ තරඟාවලි සත්කාරක අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමෙන් පසුව පවත්නා පහසුකම් වැඩිදියුණු කිරීම හෝ නව ක්‍රීඩාංගණ ඉදිකිරීමයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ණයක් ලබාගෙන ක්‍රීඩාංගණයක් ඉදිකිරීම කෙරෙහි සැලකිය යුතු උනන්දුවක් දැක්වුවද, ආර්. ප්‍රේමදාස පිටියෙහි දැනට පවතින පුහුණු පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිගු කාලීනව කරන ලද ඉල්ලීම් වලට එය විසින් විසඳුම් ලබා දී නොමැත. ක්‍රීඩකයින් විසින් ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට ඉල්ලා සිටියද, තටාකයක් ඉදිකිරීම ආරම්භ කර වසර පහකට පසුවත් ව්‍යුහය සඳහා අදාළ වන අනුමැතිය ලබාගෙන නොමැත.

එහි ගෘහස්ථ දැල් පහසුකමක් නොමැත. එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයින්ට පමණක් නොව, සංචාරක කණ්ඩායම්වලටද  අභියෝගයක් බවයි පැවසෙන්නේ.

සත්කාරක අයිතිවාසිකම් සඳහා ලංසුවක් ඉදිරිපත් කිරීමට බිලියන 8ක ණය මුදලක් ලබාගෙන නව ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට බලාපොරොත්තුවන ශ්‍රී ලංකා ක්‍රිකට් 2012 පැවති ලෝක විස්සයි විස්ස තරගාවලිය අමතක කර තිබේ. ආර්. ප්‍රේමදාස, හම්බන්තොට සහ පල්ලේකැලේ යන ක්‍රීඩාංගණ තුන හරහා එම තරගාවලිය අවසන් කළ බව සිහිපත් කළ යුතුව තිබේ.  මේවන විට දඹුල්ල ක්‍රීඩාංගණය ද දිවා රාත්‍රී ක්‍රිකට් සඳහා නැවත භාවිතයට ගෙන තිබේ. එස්එස්සී, පී සාරා සහ ගාල්ලේ ක්‍රීඩාංගණ ද දිවා ක්‍රීඩා සඳහා ශක්‍යතාවයක් සහිත විකල්පයන්ය. එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් සහ දේශපාලන බලධාරීන්ට ඒ මදිය. තවත්, තව තවත් ‘යෝධ’ ඉදිකිරීම් අත්‍යවශ්‍යය.

එහෙත් espncricinfo වෙත ඈෂ්ලි ද සිල්වා පවසන පරිදි හෝමගම හි නව ක්‍රීඩාංගණය සඳහා කොපමණ මුදලක් වැය වේදැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තවමත් සොයාගෙන නැත. එහෙත් ඈෂ්ලි ද සිල්වා නොදන්නා බව කියන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන ඒ  මුදල රු. බිලියන 80කි. නොඑසේනම් රු. ලක්ෂ 8000කි.

Leave A Reply

Your email address will not be published.