topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රනිල් දුෂිතයින් කොටසක් රකිනවා.. අනෙක් කොටස මෛත‍්‍රී රකිනවා.

14918963_671

රනිල් දුෂිතයින් කොටසක් රකිනවා.. අනෙක් කොටස මෛත‍්‍රී රකිනවා… මේ දුෂිතයින්ට සහ ආරක්ෂක වළල්ලට දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කළ යුතුයයි
ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර දිසානායක පැවැසුවේ ය.ඔහු මේ පැවැසුවේ ”දුෂිතයෝ සහ ආරක්ෂකයෝ” සම්මන්ත‍්‍රණයේ දේශනයට එක් වෙමිනි
පසුගිය වසරේ ජනවාරි 8වෙනිදාට පෙර සමාජයේ සාකච්ඡුාවට ලක්වුණේ අපේ රටේ දූෂිතයන් පිළිබඳව හා දුෂණ පිළිබඳවයි. අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලදී, ආණ්ඩුවේ ඉඩම් පෞද්ගලික සමාගම්වලට විකිණීමේදී දූෂණ වෙලා තියෙන්නේ කොහොමද භාණ්ඩාගාරයේ ගිණුම් තමන්ගේ ගිණුම්වලට ගත්තේ කොහොමද කියන දුෂණ ගැනයි හා දුෂිතයින් ගැනයි අපි කතා කළේ. ජනවාරි 08වෙනිදායින් පසුව කතාබහට ලක්වුණා, පසුගිය දුෂිතයින් සහ ඔවුන් ආරක්ෂා කරන ආරක්ෂකයින් ගැන. දැන් කතාබහට ලක්වෙමින් තිබෙන්නේ, පැරණි දුෂිතයින් නව දුෂිතයින් සහ දෙගොල්ලන්ගේම ආරක්ෂකයින් ගැනයි. දුෂණයන් ගැන මාතෘකාව මේ තරම් ප‍්‍රබල වන්නේ ඇයි? ඒ වගේම අප දේශපාලන ව්‍යාපාරයක් ලෙස මේ දුෂණ ගැන හා දුෂිතයින් ගැන මාතෘකාව කරළියට ගේන්නේ ඇයි? මේක සිරිපාලගේ වත්තේ පොල් සුමනපාල කැඩුවා වගේ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒක පෞද්ගලිකයි. මහින්දගේ ඉඩම රනිල් ඇල්ලූවා වගේ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒක ඒ ගොල්ලන්ගේ ප‍්‍රශ්නයක්. මේ කතා කරන්නේ මේ රටේ මහජනයාගේ ධනය කොල්ලකෑම පිළිබඳ ප‍්‍රශ්නයක්.
මේ හොරකම් කරන්නේ මොනවද? මේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ ජනතාව. රටේ ධනය ඇති වෙන්නේ ජනතාව වැඩ කරලා. ඒ වැඩ කිරීමෙන් ඇති වෙන ධනයෙන් පංගුවක් ආණ්ඩුව බදු ආකාරයෙන් භාණ්ඩාගාරයට ගන්නවා. එහෙනම් මේ භාණ්ඩාගාරයේ තිබෙන ධනය අයිති මේ රටේ ජනතාවටයි. අපි කාටත් අයිති ධනය තමයි භාණ්ඩාගාරයේ තිබෙන්නේ. එක වර්ගයක හොරකම් කිරීමක් තමයි භාණ්ඩාගාරයේ තිබෙන ධනය හොරකම් කිරීම. දෙවැනි හොරකම් තමයි භාණ්ඩාගාරයට එන්න තිබෙන ධනය එන්න කලින් හොරකම් කිරීම. රේගුවෙන් ප‍්‍රාඩෝ රථ 130ක් රවී කරුණානායක විසින් එක් වාහනයකට ලක්ෂ 16ක් පමණක් අරගෙන නිදහස් කරනවා. භාණ්ඩාගාරයට එන්න තිබුණ ධනය විශාල ප‍්‍රමාණයක් අහිමි වුණා. රවී කරුණානායක මීය කඩන්නේ අත ලෙව කන්න නෙවෙයි කියලා අපි දන්නවා. ඒ වගේම රටේ සම්පත්, මහජන ධනය වැය කරලා හදපු දේපොළ, ඉඩම් විකුණනකොට හොරාකනවා. පිටකොටුවේ තිබුණ ආණ්ඩුවේ ඉතාම වටිනා ඉඩම් අක්කර හතරක් ඉන්දියානු ක‍්‍රිෂ් සමාගමට විකුණද්දී නාමල් රාජපක්ෂගේ ගිණුමට සල්ලි යනවා. මේ හොරාකන්නේ මහජනයට අයිති ධනය.
මහජනතාව මීට වඩා වංචාව දුෂණය ගැන අවදි විය යුතු නැද්ද? අපේ රටේ පුරවැසියන් තේරුම් ගත යුතු දෙයක් තිබෙනවා. තමන්ට අයිති ධනය තිබෙන්නේ තමන්ගේ නිවසේ පමණක් නෙවෙයි කියලා. මේ රටේ ස්වාභාවික සම්පත්, භාණ්ඩාගාරයේ මුදල් මේ රටේ ජනතාවගේ ධනයයි. තමන්ගේ පසුම්බියේ තිබෙන මුදලක් තමන්ගේ දරුවෙකුට හොරකම් කරගන්න නොදී ආරක්ෂා කරන ජනතාව තමන්ට අයිති මහජන ධනය හොරකම් කරන්න ඉඩ දෙනවද? ඒ නිසා මේ වංචාවට දුෂණයට එරෙහිව අපේ රටේ ජනතාව පෙරට ආ යුතුව තිබෙනවා.
කවුද මේ හොරකම් කරන්නේ? හොරකමේ ප‍්‍රධානතම නායකයින් වී තිබෙන්නේ, පාලක දේශපාලඥයින්. ඒක රාජපක්ෂ ආණ්ඩුවේත් වත්මන් ආණ්ඩුවේත් සියලූ පාලකයින් මේකට සම්බන්ධයි. ඊළඟට පරිපාලන ක්‍ෂේත‍්‍රයේ 2400න් 50කට ආසන්න පිරිසක් මේ දුෂණයට හවුල් වෙලා තිබෙනවා. ලලිත් වීරතුංග, ගාමිණී සෙනරත් ඇතුළු පිරිසක්. දුෂිතයින් ආරක්ෂා කිරීම වෙනුවෙන් 80,000ක් සිටින පොලිසියේ 100ක් පමණ ඉන්නවා. 190,000ක් සිටින හමුදාවේ 100කට ආසන්න පිරිසක් මේකට සම්බන්ධයි. ඒ වගේම තමයි මේකට සම්බන්ධ ව්‍යාපාරික කණ්ඩායමක් ඉන්නවා. ප‍්‍රභාත් නානායක්කාර, නඬේසන් වගේ අය. දේශපාලකයින්, ව්‍යාපාරිකයින්, රාජ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, හමුදා නිලධාරීන් පිරිසක් වළල්ලක් හදාගෙන තිබෙනවා. මේ වළල්ලේ සමහරුන්ට ටීවී නාලිකා තිබෙනවා. පත්තර අයිතියි. මාධ්‍යයට අත තියාගෙන ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ වළල්ලට පාතාලය සම්බන්ධ වෙලා තිබෙනවා. අවි ආයුධ තිබෙනවා. ඒ නිසා අපි කතා කරන්නේ සාමාන්‍ය වළල්ලක් ගැන නෙවෙයි. මේ වළල්ල තමයි දුෂිතයින් ආරක්ෂා කරන ඉදිරි වළල්ල වී තිබෙන්නේ. ගෝඨාභය රාජපක්ෂ මිග් ප‍්‍රහාරක යානා මිලදී ගැනීමේදී ඩො.මි. 30ක වංචාවක් කරනවා. ඒ ගැන ලියන ලසන්ත ඝාතනය කරනවා ආරක්ෂක වළල්ලේ අය දාලා. මේ අපරාධය ලියනකොට එක්නැලිගොඩ අතුරුදන් කරනවා. ඒ නිසා තමයි මේ දුෂිතයින් රකින දූෂිත වළල්ලට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රහාරය ආරම්භ කළේ. මේ දුෂිත වළල්ල කේන්ද්‍රයට ප‍්‍රහාරය එල්ලකොට පොඩිපට්ටම් කළ යුතුව තිබෙනවා. එය බිඳිය හැකි වන්නේ ප‍්‍රබල මහජන බලවේගයකට පමණයි. අල්ලස් කොමිසමට එෆ්සීඅයිඩියට පැමිණිල්ලක් දාලා, මාධ්‍ය සාකච්ඡුාවක් තියලා, වොයිස් කට් එකක් දීලා මේක පරාජය කරන්න බැහැ. වංචාවට දුෂණයට එරෙහි අරගලයත් මේ සමාජ ක‍්‍රමයට එරෙහි අරගලයේම දිගුවක්. ඒක සරල නැහැ. මේ ආරක්ෂක වළල්ල ඝාතන සිදුකරනවා. මුදල් පොම්ප කරනවා. දේශපාලන පක්ෂ බේදභින්න කර තිබෙනවා. ඒ නිසා ප‍්‍රබල මතයක් ගොඩ නැගිය යුතුයි. අපි කියනවා මේ දුෂිත ආරක්ෂක වළල්ල පොඩි පට්ටම් කිරීම සඳහා ප‍්‍රබලතම මහජන ව්‍යාපාරය ගොඩනගලා මේ සටන ජයග‍්‍රහණයෙන් අවසන් කරන්නේ කියලා. මේ ත‍්‍රාඩ රැළ පරාජයට පත් කළ යුතුව තිබෙනවා. මම ඔබට වංචා දුෂණ කිහිපයක් කියන්නම් මේ රටට කරලා තිබෙන අපරාධය තේරුම් ගන්න. 001_1530
මා ළඟ තිබෙනවා ඉඩම් ලැයිස්තුවක්. ශිරන්තිට ගම්පහ එක් ස්ථානයක පර්චස් 80ක ඉඩමක් තිබෙනවා. ගම්පහ හොරගහලන්ද මිල්ලගහවත්ත ශිරන්තිට පර්චස් 95ක තව ඉඩමක් තියෙනවා. කෝන්ගහවත්ත, මිල්ලගහවත්තේ රෝහිත රාජපක්ෂට පර්චස් 18ක ඉඩමක්. හොරගහලන්ද මීගහවත්තේ ශිරන්තිට පර්චස් 17යි. මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩා සමාජයට ගම්පහ රූට් 2යි පර්චස් 28යි. ඬේසි පොරස්ට්ට (ආච්චි* ගල්කිස්සේ රූඞ් 1යි පර්චස් 19යි. ඬේසි පොරස්ට් ගාලූපාර ගල්කිස්ස පර්චස් 12යි. ඊළඟ ඬේසි පොරස්ට්ට ගාලූ පාර ගල්කිස්ස රූඞ් 1යි පර්චස් 19යි. කවුඩාන, ගල්කිස්ස රූඞ් 1යි පර්චස් 10යි. ඊළඟ ගාලූපාර ගල්කිස්ස රූඞ් 1යි පර්චස් 19යි. ගාලූපාර ගල්කිස්ස පර්චස් 27යි. ඬේසි පොරස්ට් දෙල්කඳ පර්චස් 12යි. සමන් මාවත රත්මලාන පර්චස් 34යි. කොහෙන්ද මේ ඉඩම්? ශිරන්ති කොළඹ 07 ටොරින්ටන් මාවත ලක්ෂ 350 නිවස 2013 වසරේදී මිලදී ගෙන තිබෙනවා. ගවර්ස් කෝපරේට් පුද්ගලික සමාගම නාමල් අයිති ආයතනයක්. ඔහුට තිබෙනවා හම්බන්තොට සිරිබෝපුර මිලියන 1.6ක් වටිනා ඉඩමක්. සියඹලාවත්ත රුපියල් මිලියන 02ක් වටිනා ඉඩම. 2004.01.06 දින මිලදී ගෙන ඇති මිලියන 1.7ක ඉඩම. 2014.01.04 මිලදී ගත් මිලියන 2.4ක් වටිනා ඉඩම. 2014.02.02 මිලදී ගත් මිලියන 05ක් වටිනා ඉඩම. කොල්ලූපිටියේ ෆෑන් ඒෂියා බැංකුවේ 2013-2014 සඳහා රුපියල් මිලියන 16ක තැන්පතුව. සම්පත් බැංකුවේ 2013-2014 සඳහා රුපියල් මිලියන 24ක ආයෝජනය. වැලිබල් ෆිනෑන්ස් ආයතනයේ 2013-2014 සඳහා රුපියල් මිලියන 06ක ආයෝජනය. කොටස් වෙළෙඳපොළ 2013-2014 රුපියල් මිලියන 14ක ආයෝජනය. රුපියල් මිලියන 100ක් දී හෙලෝ කෝප් සමාගම මිලදී ගැනීම. රෝහිත රාජපක්ෂට අයත් මිහිදු මාවත දෙහිවල පර්චස් 26.7ක ඉඩම. සිරිබෝ කැලේ තිබෙන මිලියන 1.6ක් වටින ඉඩම. මිලියන 80ක් වටිනා සීඑස්එන් නාලිකාවට අයත් ට‍්‍රක් රථය. (කොටසක් පමණි* )
මේ අපේ රටේ මහජනයාගේ දේපොළ නෙවෙයිද? ශිරන්ති, නාමල්, යෝෂිත මේ තරම් දේපළ එක්රැස් කරගන්න මොනවද කළේ. දැන් එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරු කියනවා හරි අමාරුයි, මේවා හොයාගන්න කියලා. සමහර ඒවා සීෂෙල්ස්වලලූ, සමහර ඒවා ඩුබායිවල හංඟලාලූ. ඩුබායි නෙවෙයි හම්බන්තොට පලයල්ලා. ගල්කිස්සේ පලයල්ලා. ගම්පහ පලයල්ලා. මේ රටේ මහජන ධනය හොරකම් කරපු විදිය ඔප්පු තිරප්පු සහිතව අපි ඉදිරිපත් කරලා තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මේවා සඟවන්නේ නැද්ද?දු ෂිතයින් රකින පෙරමුණේ රාළ රනිල් වික‍්‍රමසිංහයි. හැබැයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා මේ ගොල්ලන්ට වැඩක් දෙන්න ඕන කියලා කල්පනා කරනවා. තව ගොල්ලක් රකින්න හදනවා. දෙන්නා දෙගොල්ලක් ආරක්ෂා කරනවා.
මේ රටේ මහජනයාගේ ධනය කොහොමද මේ අය නාස්ති කළේ. 2014 නොවැම්බර් සහ දෙසැම්බර් අරලියගහ මන්දිරයේ කෑම වියදම් කීයද? 2014 නොවැම්බර් මිලියන 49යි. 2014 දෙසම්බර් මිලියන 75ක් ගෙවලා. හිල්ටන්, මවුන්ට් ලැවීනියා, සෙන්සාල් හෝටල්වලින් තමයි කෑම. බිල්පත ආවා ජනාධිපති ලේකම් කාර්යාලයට මිලියන 124ක්. නමුත් තවත් මිලියන 26ක් ගෙවන්න කියලා බිල්පතේ තියෙනවා. රුපියල් මිලියන 150ක්. මාස දෙකක කෑම වියදම ලක්ෂ 1500යි. දැන් රනිල් වික‍්‍රමසිංහ කියනවද වැසිකිළිය පරීක්ෂා කරන්න කියලා කාපු විදිය හොයන්න. ඒ විදියට පරීක්ෂණ ප‍්‍රමාද කරනවා. ඒ විතරද? වීකැටිය ව්‍යාපෘතිය කියලා එකක් කළා මහින්ද රාජපක්ෂගේ මවගේ සහ පියාගේ සොහොන හදන ව්‍යාපෘතියක්. වියදම් කළේ ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව. ලක්ෂ 910යි. රජයේ දේපොළක් නෙවෙයිද? ගෝඨාභය ලිඛිතව දැනුම් දී තිබෙනවා ගොඩම් ගොඩකිරීමේ සංස්ථාවට මුදල් වියදම් කරන්න. දැන් ලිපිය යවලා තිබෙනවා අත්අකුරු පරීක්ෂා කරන්න. මේ සූදානම ඔහුගේ අකුරු නෙවෙයි කියන්නයි. නීතිපති නිලධාරීන් මේකට උදව් කරනවා. වෙනකාටවත් රුදාවක් තිබුණද ගෝඨාභයගේ අම්මගේ තාත්තාගේ සොහොන හදන්න. අපි අහනවා ජනාධිපතිගෙන් අගමැතිගෙන් මේවා අවුරුදු ගණන් ඇදෙන්න ඕන පරීක්ෂණද? ඒ විතරක් නෙවෙයි මිග් ප‍්‍රහාරක යානා ගනුදෙනුවෙන් ඩොලර් මිලියන 30ක් පාඩු කරලා. ලක්ෂ 45,000ක්. යුක්රේනයේ තානාපති උදයංග වීරතුංග ගනුදෙනුවට හවුල්කාරයෙක්. ඔහු අල්ලන්න රතු නිවේදනයක් තිබෙනවා. අල්ලගන්න බැරිද? බැරිනම් මහින්ද රාජපක්ෂගෙන් අහලා බලන්න. මේ අය යටපත් කරනවා.
දකුණු කොළඹ වරාය ව්‍යාපෘතියට එච්එස්බීසී බැංකුවේ ඇමරිකන් ඩොලර් ගිණුමක් තිබුණා. ඒ වගේම රුපියල්වලින් ජංගම ගිණුමක් තිබුණා. 2012.05.21 දින ඩොලර් ජංගම ගිණුමෙන් රුපියල් ජංගම ගිණුමට ඩොලර් 150,000ක් මාරු කරනවා. රුපියල් ලක්ෂ 194ක මුදලක් පුෂ්පා රාජපක්ෂ පදනමේ ගිණුමට බැරවෙලා තිබෙනවා. චීන සමාගමට බදු පදනමට දකුණු කොළඹ වරාය ව්‍යාපෘතිය දුන්නා. ඒ වෙනුවෙන් බැසිල්ගේ නෝනට ලක්ෂ 194ක් දුන්නා නම් බැසිල්ට, මහින්ද රාජපක්ෂට කොයිතරම් දුන්නද කියලා හිතාගන්න පුළුවන්ද? නමුත් පුෂ්පා රාජපක්ෂගෙන් තවමත් කටඋත්තරයක් අරගෙන නැහැ. චයිනා හාබර් එක ස්ටෑන්ඩඞ් චාටඞ් බැංකුවේ ගිණුමක් පවත්වාගෙන ගියා. ඒ ගිණුමෙන් ජනාධිපති මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ටී ෂර්ට් ගහන්න වියදම් කරලා තිබෙනවා. හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ වියදම වැඩිවෙන්නේ ඇයි? චයිනා උපයන්නේ තමන්ගේ ලාභය පමණක් නෙවෙයි. ලාභයෙන් කොටසක් මහින්ද රාජපක්ෂලාට දෙන නිසා. භාණ්ඩාගාරය වැඩි මුදලක් ගෙවලා තිබෙනවා. එයින් කොටසක් මහින්ද රාජපක්ෂ අරගෙන තිබෙනවා. රනිල් වික‍්‍රමසිංහ මහත්තයෝ චයිනාර් හාබර් ලංකාවේ ඡුන්දෙට සල්ලි දුන්නේ ඇයි කියලා ගෙන්වලා අහන්න. මේ විදියට හොරාකාපු දුෂිත රැළක් නෙවෙයිද ජනවාරි 08වෙනිදා පරාජයට පත්කළේ.
බැසිල් රාජපක්ෂගේ මල්වානේ ඉඩමේ වටිනාකම රුපියල් මිලියන 225යි. ගම්පහ ඔරුතොට ඉඩම රුපියල් මිලියන 100යි. මාතර ඉඩම රුපියල් මිලියන 54යි. මිලියන 379ක්. බැසිල් රාජපක්ෂට මේ තරම් මුදලක් කොහින්ද ඉඩම් ගන්න. බැසිල්ගේ නඩුව කල් ගියා ලබන මාර්තු 31ට. නඩු පිරිලා. මාර්තු මාසේ නඩුව දෙසැම්බර්වලට කල් යයි. සම්බන්ධයක් නැද්ද? කොහොමද මෙහෙම වෙන්නේ. ඒ නිසා මේ ¥ෂිතයින් රකින වළල්ලක් තිබෙනවා. දැන් වැඩිපුරම සාකච්ඡුා වෙන්නේ මෙවර කෝප් කමිටුවේ වාර්තාව. නමුත් මීට කලින් සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාගේ සභාපතිත්වයෙන් යුත් වාර්තාවක් ඉදිරිපත් වුණා අගෝස්තු මාසේ 09වෙනිදා. ඒ වාර්තාවෙන් කියනවා හෙජින් ගිවිසුම නිසා පාඩුව රුපියල් කෝටි 1020යි. හැම පාසලකටම ලක්ෂ 20ක් දෙන්න තිබුණා. චූදිතයින් හොයන්නේ නැහැ. ෆවුසි තමයි ඇමති. කබ්රාල් තමයි උපදෙස් දුන්නේ. මේ මහජන ධනය. කිසි කෙනෙක් පිළිබඳ පරීක්ෂණ නැහැ. ෆයිල් එක වහන්න උපදෙස් දීලා. එක කල්ලියක් රකිනවා රනිල් වික‍්‍රමසිංහ. අනෙක් කල්ලිය රකිනවා මෛත‍්‍රීපාල සිරිසේන. ආරක්ෂකයින් ගොඩක් නැහැ. ශ‍්‍රී ලංකා එයාර් ලයින් පාඩුව වසර 08ක් ඇතුළත කොටි 10,200යි. සෑම පාසලකටම රුපියල් කොටියක් දෙන්න තිබුණා. ලංකාවෙන් යන අයට නිකන් ටිකට් දෙන්න තිබුණා. මේවා හොරකම් නෙවෙයිද? වැලිඅමුණ වාර්තාව හැදුවා. දුෂණයට විරුද්ධ මහත්තුරු වාර්තාව හදන්න ලක්ෂ 42ක් වියදම් කරලා. ඒවා වෙනම හොයන්න ඕනෑ. අනෙක් එක ඇවන්ට්ගාඞ් ගනුදෙනුව. ඒක ජාවාරමක්. මංකොල්ලයක්. කුමන්ත‍්‍රණකාරී මධ්‍යස්ථානයක්. නාවික හමුදාපතිවරු සම්බන්ධ වුනා. ආණ්ඩු වට්ටන්න පුළුවන් තැනක්. ඇමතිලා මිලදී ගත්තා. මාධ්‍ය මිලදී ගත්තා. ඇවන්ට්ගාඞ් කියන්නේ කුප‍්‍රකටකාරී තිප්පොලක්. ඒකට එරෙහිව පරීක්ෂණ කළ යුතු නැද්ද? නමුත් කාලයේ වැලි තලාවෙන් වැහිලා යනවා.
දැන් සුසිල් පේ‍්‍රමජයන්ත කෝප් වාර්තාව අල්ලගෙන බැට දෙනවා නේද? සුසිල් පේ‍්‍රමජයන්ත තෙල් නැව් 08ක් ගෙනාවා. තෙල් සූත‍්‍රය හැදුවේ කොහොමද? සාමාන්‍ය ක‍්‍රමයට නෙවෙයි. ඒ නිසා පාඩුව තෙල් නැව් 8ක් නිසා රුපියල් මිලියන 1037යි. රවී කරුණානායකලා වගේම සුසිල් පේ‍්‍රමජයන්ත මීය කැඩුවේ අත ලෙවකන්නද? ගිවිසුම් වෙනස් කළා තෙල් නැව් 8ට පමණක්. හොරකම් නෙවෙයිද? සුසිල් පේ‍්‍රමජයන්ත පරීක්ෂණවලට කැඳවන්න දෙන්නේ නෑ. මොකද සොරුන්ගේ අනෙක් මුර දේවතාවා ඉන්නවා. කවුද? මෛතී‍්‍ර. එක එක තර්ක තියෙනවා ඒ ගොල්ලන්නට. නමුත් මේ මහජන ධනය කොල්ල කාපුවා. සමහරු කියනවා ආයතන පණ මදි, නීති මදි කියලා. නැහැ. පොදු දේපොළ පනත, මුදල් විශුද්ධිකරණ පනත තබෙනවා. රුපියල් 25000කට වඩා හොරකම් කළොත් ඇප නැහැ. මේ කරලා තිබෙන හොරකම්වල හැටියට ගෝඨාභයට, නාමල්ලට, බැසිල්ලට, යෝෂිතලට ආත්ම ගණනාවක ඇප නෑ. ඒ තරම් බලවත් පනත් තිබෙනවා. මුදල් විශුද්ධිකරන පනත 2007 සම්මත කළා. මේ පනත අනුව සෑම පුරවැසියෙක්ම දේපොළ හම්බකරගත් විදිය පැහැදිලි කළ යුතුයි. කියන්න බැරිනම් පවරා ගන්න පුළුවන්. ඒ තරම් බලවත් පනතක්. අපරාධ පනත තිබෙනවා. ඒ හරහාත් පරීක්ෂණ කරන්න පුළුවන්. ඒ නිසා නීතිවල ප‍්‍රශ්නයක් නැහැ. ආයතනවල ප‍්‍රශ්නයක් නැහැ. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නීත්‍යානුකූල බව මහේස්ත‍්‍රාත්තුමා පැහැදිලි කළා. අල්ලස් හෝ දුෂණ කොමිසම තිබෙනවා. මහ බැංකුවේ මූල්‍ය අපරාධ ගැන පරීක්ෂණ කරන්න ආයතන තිබෙනවා. මහ ඡුන්දයට කලින් නිලධාරීන් කාර්යක්ෂමව වැඩ කළා. මහ ඡුන්දයෙන් රාජපක්ෂලා බලයට ආවානම් ඒ නිලධාරීන් විශාල බලපෑමකට යටත් කරනවා. අල්ලස් කොමිසම පරීක්ෂණ ගණනාවක් කරගෙන ගියා. රාජපක්ෂ කල්ලියේ අය කොමිසමට යනකොට මාධ්‍ය දන්නවා. ආණ්ඩුවේ අය යනකොට දන්නේ නෑ. රාජිත ගියා. දුමින්ද ගියා. ප‍්‍රියංකර ගියා. ෆවුසි ගියා. පළමු වතාවට බලයේ ඉන්න ආණ්ඩුවේ අය අල්ලස් කොමිසමට කැඳෙව්වා. පාලනයේ ඇති කෙනෙක්ට නඩුත් දැම්මා. ෆවුසිට නඩු දානකොට රාජිතට උණ ගැනුණා. ඒ නිසා මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රකාශයක් කරලා ආයතනවලට පහර දුන්නා. මොකටද? පරීක්ෂණ නතර කරන්න. ඩිලාන්ට, සුසිල්ට, අනුර ප‍්‍රියදර්ශනට චෝදනා තිබෙනවනම් ඒ අය බේරන්න ඕනෑ. මීට පස්සේ කවුරු අල්ලස් කොමිසමේ තනතුරට ආවාත් මෛත‍්‍රීගේ මිනිහා කවුද කියලා හිතනවා. ඒ නිසා අනිවාර්යෙන් පරීක්ෂණ යටයනවා. අද එෆ්සීඅයිඞීය කටඋත්තර ගන්න කලින් ඒ ගැන හිතනවා. ඒක තමයි ඇත්ත. මෛත‍්‍රීගේ ප‍්‍රකාශයෙන් පසුව වැඩිම ප‍්‍රීති ප‍්‍රමෝදයට පත්වුණේ විමල්, ගම්මන්පිල, මහින්දාන්නද, ඩිලාන්. අද ඒ ආයතන අකර්මණ්‍යය වෙලා. දුර්මුඛ කරලා. දුෂිතයින්ගේ ආරක්ෂකයින් විසින් ඒ ආයතන බිඳ දමලා.
කලින් රාජපක්ෂලා දුෂිතයෝ. මේ ආණ්ඩුව ආරක්ෂකයෝ. දැන් මේ ආණ්ඩුව දුෂිතයෝ සහ ආරක්ෂකයෝ. මහනුවර අධිවේගී මාර්ගය ව්‍යාපෘතිය. සැලැස්ම වෙනස් කළා මේ ආණ්ඩුව. කිලෝමීටර් 5ක දුර වැඩිවුණා. පරණ සැලැස්ම අනුව කිලෝමීටරයකට බිලියන 2.7යි. අලූත් සැලැස්ම අනුව කිලෝමීටරයකට රුපියල් බිලියන 4.3යි. කිරිඇල්ල මේවට උත්තර දිය යුතුයි. කිරිඇල්ල දැන් වෙන වෙන ඒවා කියනවා. කෝප් කමිටුවේ සභාපති ධුරයට හඳුන්නෙත්ති සුදුසු නැහැ කියනවා. කිරිඇල්ල දන්නවා ළඟදිම මාර්ග සංවර්ධන අධිකාරිය කෝප් කමිටුවට කැඳවනවා කියලා. ඇත්තටම වෙලා තියෙන්නේ පරණ හොරු වෙනුවට අලූත් හොරු ඇවිල්ලා. රේගුවේ වංචාවලට රවී කරුණානායක සම්බන්ධයි. කෘෂිකර්ම අමාත්‍යංශයට බිල්ඩින් එක් ගන්නකොට මාසික කුලිය ලක්ෂ 210යි. මාස 24ක අත්තිකාරම් දුන්නා. මිලියන 424යි. කොන්දේසිය තමයි ගිවිසුම අවුරුදු 5කටම අත්සන් කරන එක. මහජනයාගේ ධනය. කවුද කැබිනට් පත‍්‍රිකාව දැම්මේ රනිල් වික‍්‍රමසිංහ. කැබිනට් පත‍්‍රිකාවේ තිබෙනවා 210ට ගත්තට තක්සේරුව මිලියන 13.5යි. පේන්නම හොරකම් කරනවා. විගණකාධිපති වාර්තාවේ හොරකම සඳහන් වෙනවා. ගල් අඟුරු මගඩියෙන් රටට විශාල මුදලක් නැති කළා. නාමල් රාජපක්ෂලාගේ හිතවතුන් කලින් කළා. මේ ආණ්ඩුව ආවට පස්සේ නැවත ටෙන්ඩර් දැම්මා. වැඩිම මිල තියෙන වැඩිම මිල ඉදිරිපත් කරපු කෙනාට ටෙන්ඩර් එක දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා හදවත කම්පාකරන ගනුදෙනුවක් කියලා. මිස්ටර් ක්ලීන්ගේ යහපාලනයද මේක. ඒ හොරු වෙනුවට මේ හොරු දුකෙළියේ නිරත වෙලා. ආණ්ඩුව මාරු වෙලා මාස දෙකක් යනවිට අර්ජුන මහෙන්ද්‍රන් දුකෙළියේ.
ජනතාව ආණ්ඩුව මාරු කරලා ¥ෂිතයින්ට දඩුවම් දෙයි කියලා බලාගෙන ඉන්නකොට ඒ ආණ්ඩුව මාස දෙකක් යන්න කලින් මහ බැංකු බැඳුම්කරවලින් හොරකම් කරනවා. මේක සරල ගනුදෙනුවක් නෙවෙයි. ගනුදෙනුව සිදුවූ මොහොතේ පාඩුව කෝටි 167යි. විනාඩි 10 ඇතුළත වෙනස් කරන්න තිබුණා. බැඳුම්කරවල ආයෝජනය කිරීම කිසිම අවදානමක් නැහැ. ඒනිසා පොලී අනුපාතිකය අඩුයි. පොලී අනුපාතිකය 9.7% තිබුණේ. 11.7%ට ගියා. අනෙක් බැංකුවල පොලී අනුපාතිකය වැඩිවෙනවා. සමස්ත ආර්ථික දේහයට වසර 30ක් බලපානවා. කෝප් වාර්තාව ආවා. ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා මහ බැංකු අධිපතිවරයා මැදිහත්වීමක් සිදුකර තිබෙනවා කියලා. සමහරු කියනවා වංචනිකයා කියලා නැහැ කියලා. කෝප් කමිටුව නිර්දේශ ලබාදෙනවා. කෝප් සභාවට නඩු අහන්න බලය නැහැ. කෝප් වාර්තාව ලියන ක‍්‍රමයක් තිබෙනවා. ඒ විදියට තමයි ලියලා තියෙන්නේ. ඒ ගැන නොදන්න මහත්තුරු කියනවා. වංචනිකයා කියලා ලියලා නැහැ කියලා. මීටත් වඩා හොරා කියලා කියන්න ඕනැද? බෑනාගේ සමාගම අයුතු ලෙස ලාබ ලබා තිබෙනවා. නමුත් කෝප් සභාවට පුද්ගලික ආයතන ගැන හොයන්න බලයක් නැහැ. පර්පර්චුවල් එක ගැන හොයන්න බලයක් නැහැ. ලියකියවිලි ගෙන්නගන්න අයිතියක් නැහැ. කෝප් කමිටුව පැහැදිලිව කියනවා සමාගම අයුතු ලාබයක් ලබා තියෙනවා කියලා. ඒ ගැන පරීක්ෂණයක් කරන්න එෆ්.සී.අයි.ඞීයට, මහබැංකුවට පුළුවන්. අජිත් පෙරේරා කියනවා පර්පර්චුවල් හමගහන්න කතා කරන්නේ නැහැ කියලා. ඒ අය හැදුවේ පර්පර්චුවල් හමගහලා අර්ජුන මහේන්ද්‍රන් බේරන්න. කෝප් එක කරන්නේ මහ බැංකුවේ ක‍්‍රියාවලිය ගැන පරීක්ෂණයක්. පෞද්ගලික ආයතන ගැන පරීක්ෂණ කරන්න වෙන ආයතන තියෙනවා. තව කියනවා රනිල්ගේ නම නැහැ කියලා. අගමැති වෙන්දේසි ක‍්‍රමයට යන්න කියලා උපදෙස් දුන්නා කියලා කටඋත්තරයක් තියෙනවා. අගමැතිගේ වාක්‍ය දේව වාක්‍ය නෙවෙයි. ඔහු උපදෙස් දුන් පලියට මුදල් මණ්ඩලයේ තීරණයක් නැතිව ක‍්‍රමය වෙනස් කරන්න බැහැ. අගමැතිගේ දුරකතන ඇමතුම මත තීරණ ගත්තා කියලා බේරෙන්න බැහැ. රනිල්ගේ නම දැම්මා නම් රනිල් කියනවා ආණ්ඩුව ප‍්‍රතිපත්තිමය තීරණයක් ගත්තා කියලා. මොකද ආණ්ඩුවට ප‍්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන්. රනිල්ගේ නම දැම්මා නම් එකෙන් බේරෙනවා. හොරත් සුද්දයි. හොරාගේ අම්මත් සුද්දයි. ඒකයි කරන්න උත්සහ කළේ. අපි ඒවට අහු වුණේ නැහැ. නමුත් අපි ඇල්ලූවේ මහ බැංකුවේ වංචාවේ සැලසුම්කරුවා. උඩින් සැලසුම්කරුවෙක් ඉන්නවා. රනිල් වික‍්‍රමසිංහ. අධිපතිවරයා අධිකරණයේදී ඒ බව කියයි. ඒ නිසා මේ කෝප් වාර්තාව ගැන වැරදි අර්ථකතන හදන්න උත්සහ කරනවා. මේකේ ක‍්‍රියාවලිය ගැන, නීතිමය තත්වය ගැන නොදැන රනිල්ගේ නම නෑනේ, පර්පර්චුවල් නෑනේ, වංචාකාරයා කියලා නෑනේ කියලා මත හදනවා. මෙතනින් ඔබ්බට යා හැකි වන්නේ නීතිපති දෙපාර්තමේන්තුවට යවා නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හෝ පරීක්ෂණ දියත් කළ යුතුව තිබෙනවා. අනෙක් හැම තැනම හොරු හැංගෙන කොට කෝප් කමිටුවේ හොරුන්ට හැංගෙන්න බැරි වුණේ ඇයි? අනෙක් හැම සභාවකම මුලසුන දරන්නේ හොරුන්ගේ ආරක්ෂකයෝ. කෝප් කමිටුවේ මුලසුන දරන්නේ හොරුන්ට දඩුවම් දෙන්න දේශපාලනය කරන අය. ඒක තමයි වෙනස. බලපෑම් කරලා, ඞීල් දාලා, කප්පම් දීලා ආරක්ෂා වෙන්න පුළුවන්. නමුත් කෝප් කමිටුවේ බලය තිබෙන්නේ එවැනි වරදාන වරප‍්‍රසාදවලට යටකරන්න බැරි කෙනෙක් අතේ.
මීට කලින් හිටපු කෝප් සභාපතිවරු මතකද ජනතාවට. ඉදිරිපත් කරපු වාර්තා මතකද? අද කෝප් එක ගැන පැමිණිලි අරන් යනවා. කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද. කවුද මේ. වංචාවේ ¥ෂණයේ පීතෘවරු. අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය හිටියනම් මේ අය නතර කරගන්නවා. කටඋත්තර ටික ගන්න. වංචාවට එරෙහිව රනිල්ට, අර්ජුන් මහේන්ද්‍රන්ට දඩුවම් කරන්න කියන්න බැසිල්ට, කෙහෙලියට, මහින්දානන්දට, මහින්දට, නාමල්ට, හොරු රැුළට සුජාත අයිතියක් නැහැ. තිස්ස විතාරණගේ කතාව කොහොමද? හොරකම් කරනකල් බලාගෙන හිටපු අය අද හොරු ගැන මහ ලොකුවට කතාකරනවා. හැමදාමත් වුණේ මේ ටික. පරණ හොරු ටික වෙනුවට අලූත් හොරු ටිකක් ආවා. වංචාවට එරෙහිව දූෂණයට එරෙහිව සටන් කිරීමේ සුජාත අයිතිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණට පමණයි. අපි සටන දියත් කරන්නේ අලූත් හොරුන්ටත් පරණ හොරුන්ටත් දඩුවම් දිය හැකි පරිදියි.
ජනාධිපතිට කියනවා ඔබ බලයට පත් කළ ජනවරම තේරුම් ගන්න කියලා. අපේ රටේ හමුදාව පිරිසිදු කරන්න නම් හමුදාවේ අතළොස්සක් ඉන්න දුෂිතයින්ට දඩුවම් ලබාදිය යුතු නැද්ද? රාජ්‍ය සේවය පිරිසිදු කරන්න නම් රාජ්‍ය සේවයේ දුෂිතයින්ට දඩුවම් දිය යුතු නැද්ද? ගාමිණී සෙනරත්ට, ලලිත් වීරතුංගට, දමයන්ති ජයරත්නට එරෙහිව පරීක්ෂණ නැහැ. ශුද්ධ ව්‍යාපාරිකයින් පිරිසිදු ව්‍යාපාර කරනවා. දුෂිත ව්‍යාපාරිකයෝ ටිකක් ඉන්නවා. තිරු නඬේසන් තමයි බැසිල්ගේ ගනුදෙනු පිටුපස සිටියේ. ජනවාරි 08 පාන්දර රනිල් වික‍්‍රමසිංහ අරලියගහ මන්දිරයට ගියේ තිරු නඬේසන් එක්ක. අර්ජුන ඇලෝසියස්ගේ ලාභය දිනකට ලක්ෂ 137ක්. දුෂිත ව්‍යාපාරිකයින් නෙවෙයිද? සමහරු රූපවාහිනී නාලිකා අයිතිකරුවන්. දුෂිත කල්ලියක් ඉන්නවා. මේ දුෂිත වළල්ල තමයි පාලකයින් සහ පාලනය ආරක්ෂා කරන්නේ. මාධ්‍ය බලය උපයෝගි කරගන්නවා. මැතිවරණවලට සල්ලි පොම්ප කරනවා. පාතාලය සපයනවා. අවි ආයුධ දෙනවා. ඒ නිසා දුෂිතයින් වෙනුවට ජනතාව රැකගන්න පාලනයක් ගොඩනැගිය යුතුයි. ඒ නිසා දුෂණ විරෝධී සටන ශක්තිමත් කළ යුතුයි. දුෂිතයින්ට එරෙහි සටනේ ශුද්ධ වූ අයිතිය තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණටත් ඒ වටා එකතුවෙන බලවේගයන්ට පමණයි.
සමහරු අහනවා ඔයගොල්ලෝ ආවත් දුෂිත වළල්ලක් හැදෙයිද කියලා. අපේ රටේ සාධාරණ ව්‍යාපාරිකයින් බිය විය යුතු නැහැ. නමුත් මහින්ද රාජපක්ෂලා, නාමල් රාජපක්ෂලා බයවෙන්න ඕනෑ. රනිල් වික‍්‍රමසිංහත් දැන් බය වෙන්න ඕනෑ. රවී කරුණානායක බය වෙන්න ඕනෑ. අපි ඉතාමත් වැදගත් විනිවිදභාවයෙන් යුතුව පරීක්ෂණ දියත් කරනවා. අපිට පුද්ගලික වෛරයක් නැහැ. අපේ ව්‍යාපාරයේ මිනිසුන් ඉතාමත් උසස්. පෞද්ගලික ගැටුම් අපිට අදාළ නැහැ. අපි මහජනයාගේ පැත්තේ හිටගත් ව්‍යාපාරයක්. අපිට ගැටුම තිබෙන්නේ ජනතාවගේ වුවමනාවට එරෙහිව හිටගත් අය සමඟයි. අපේ රටේ හොඳ මහත්වරු ඉන්නවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති රවී මහත්තයාගෙන් මම ඉල්ලනවා ඔබ විශ‍්‍රාම ගිය පසු ඔබ කළ පරීක්ෂණ ගැන ලොග් සටහන් රටට හෙළි කරන්න කියලා. තාජුඞීන්ගේ, ලසන්තගේ ඝාතන පරීක්ෂණ ගැන බලපෑම් කරපු අය ජනතාව දැනගත යුතුයි. ජවිපෙ ඉන්නේ හොඳ අය. ඒ වගේ ඉන් පිටතත් හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. පොලිසියේ, හමුදාවේ, රාජ්‍ය සේවයේ ඒ හොඳ අය ඉන්නවා. ඒ මහත්වරුන්ගෙන් අපි යාන්ත‍්‍රණයක් හදනවා. ඉන්පසුව මේ දේපොළ පිළිබඳව ඉතාම විනිවිදභාවයකින් යුතුව පරීක්ෂණයට භාජනය කරනවා. මහජනයට අයිති දේපොළ නැවත ලබාගත යුතුයි. අපේ රට හිඟන තත්වයට ඇදල දාලා, අධ්‍යාපනයට තිබෙන සෞඛ්‍යට තිබෙන මුදල් කපනවා. ජනතාවට බදු ගහනවා. ධනය ඉතා අතළොස්සක් එක්රැුස් කරගන්නවා. ජනතාව හූල්ලනවා. ලෙඩ ඇඳේ අඩ අඩ ඉන්නවා. රස්සාවක් නැතිව කාලකණ්ණි වෙනවා. ඒ හොරාකාපු ධනය ගන්න ඕන නැද්ද? ඒ ධනය ගන්න ඕන පිරිසිදු එකම අතයි තිබෙන්නේ. ඒ ජනතා විමුක්ති පෙරමුණ පමණයි. මේ රට ගොඩ ගන්න මහා ධනයක් එතන තිබෙනවා.
මේ රට දුෂණයට එරෙහිව පමණක් නොව මේ රට නව මාවතකට යොමු කරන බලවේගයක් ගොඩ නැගිය යුතුයි. අපි 2020 බලය ලබාගන්න පුළුවන් ව්‍යාපාරයක් ගොඩනගනවා. මේ රටේ ජනතාව තීරණය කරන්න ඕනෑ බලය දෙනවද නැද්ද කියලා. අපි බලය ලබාගැනීමට සූදානම් ව්‍යාපාරයක් හදනවා. ජනතාව තීරණය කරන්න පුළුවන් ඒ ව්‍යාපාරයට බලය දෙනවද නැත්නම් වෙන කාටහරි දෙනවද කියලා. ඒ වෙනුවෙන් අපි එයට අත තියල තිබෙනවා. මේ සටන වෙනුවෙන් සියලූ දෙනාට කාර්යභාරයක් තිබෙනවා. සියලූ දෙනාටම ඒවෙනුවෙන් එකතුවෙන්න කියලා ආරාධනය කරනවා.

14902720_6710

Leave A Reply

Your email address will not be published.