කැකිරාව, ඉහළගම හන්දිය ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. මියගොස් ඇත්තේ 33 හැවිරිදි කැකිරාව, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඊට සම්බන්ධ සැකකරු කැකිරාව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.