අද දින රැකියා විරහිත උපාධිධාරීන් හා සංවර්ධන නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙත තමන්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර ඊට සමගාමීව උතුරේ උපාධිධාරීන්ද එහි ආණ්ඩුකාර වරයා වෙත ගොස් තිබුනේ තම ගැටලු ඉදිරිපත් කිරීමටයි.
එහදී ආණ්ඩුකාරවරයා නොසිට ඇති අතර ආණ්ඩුකාරවරයාගේ ලේකම් මුණ ගැසිම සදහා අවස්ථාව හිමි වුවත් ඔහු මෙම ගැටලු සම්බන්ධව කිසිදු දැනුවත් වීමකින් නොසිටි බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ පවසයි.
පසුව මෙම ගැටලු පිළිබදව ඔහු දැනුවත් කර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් රැකියා විරහිත උපාධිධාරී සංගමයට ලබාදී ඇති තොරතුරු දැන ගැනීමෙන් පසුව පිරිස විසිර ගිය බව ඔහු පැවසීය.