topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

JR එහා යන්න හදන GR.

ආණ්ඩුව විසින් 20 වැනි ව්‍යවස්ථා සංහෝධන කෙටුම්පත ඊයේ රාත්‍රි ගැසට් මගින් ප්‍රකාශයට පත් කළා. එයින් පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංහෝධනයට විශාල සංශෝධන ප්‍රමාණයක් යෝජනා කරනවා. 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති අතරින් ඉවත් නොවන ඒවා අතලොස්සක් තියෙන්නෙ. ජනාධිපතිවරයාගේ ධුර කාලය, ජනාධිපතිධුරය සඳහා එක් අයකුට දෙවතාවකට වැඩියෙන් ඉල්ලුම් කිරීමට නොහැකිවීම, තොරතුරු දැනගැනීමේ පනත වැනි කිහිපයක් හැරෙන්නට අනෙක් සියල්ල වෙනස් කරනු ලබනවා.

2015 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන වෙලාවෙ රටේ සංවාදය හැදුණේ විධායක ජනාධිපතිධුරය නිසා අක්‍රමිකතා විශාල වශයෙන් සිදු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයට හානි වෙනවා ඒ නිසා තනි කෙනෙක් අත බලය ඒකරාශිවී තිබීම වෙනස් කළ යුතුයි කියන අදහස මතයි. නමුත් දැන් මේ 20 වන සංශෝධනයෙන් කෙරෙන්නෙ තනි කෙනෙකු අත බලය සංකේන්ද්‍රණය වෙනවා.
ඒ අනුව, අගවිනිසුරු, අභියාචනාධිකරණයේ සභාපතිවරයා ඇතුළු විනිසුරුවරු පත් කිරීමේ බලය ජනාධිපතිවරයාට ලබා දෙන්න යෝජනා කරනවා. ඒ හරහා අධිකරණයට බලපෑම් සිදු කරන්න සම්පූර්ණයෙන් එය හසුරුවන්න ජනාධිපතිවරයාට අවස්ථාවක් දී තිබෙනවා.

ඒ විතරක් නෙවෙයි, ස්වාධීන කොමිෂන් සභාවලට සාමාජිකයන් පත් කරන්න 19 වැනි ව්‍යවස්ථාවෙන් නිර්මාණයකර තිබුණු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාවක් ගෙන එන්න යෝජනා කෙටුම්පත්කර තිබෙනවා. ස්වාධීන පුරවැසියන් ව්‍යවස්ථා සභාවට පත්වෙන්න තිබුනු අවස්ථාව නිසා කොමිෂන් සභාවලට පත් කිරීම්වලදි පැවති පිලිගත් ක්‍රමවේදය අහෝසි කරලා පර්ලිමේන්තු සභාව විසින් ජනාධිපතිවරයාගේ නම් ලැයිස්තුවක් කොමිෂන් සභා සාමාජිකයන් හා ඉහළ නිලතල සඳහා පුද්ගලයන් නම් කරන්න යන්නෙ. ප්‍රශ්නය තියෙන්නෙ පාර්ලිමේන්තු සභාව පත් කරන්නෙ කවුද? ඒකෙ ඉන්නෙ නිල බලයෙන් අගමැතිවරයා, විපක්ෂ නායකවරයා සහ කතානායකවරයා. ඊළඟට අගමැති විසින් නම්කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ විපක්ෂ නායක විසින් නම්කරන මන්ත්‍රීවරයෙක්. ඒ කියන්නෙ පාර්ලිමේන්තු සභාවෙ ඉන්නෙ පාර්ලිමේන්තු නියෝජිතයන් පිරිසක් විතරයි. ඒ විතරක් නෙවෙයි, මේ සංශෝධනයෙන් පත්වන පාර්ලිමේන්තු සබාවට තියෙන්නෙ ජනාධිපති පත්කරන කොමිෂන් සභා සාමාජිකයන් ගැන නිරීක්ෂණ ඉදිරිපත් කිරීමට පමනයි. ඒ පත්කිරීම් සම්බන්ධ තීරණයක් ගන්න හෝ එවැනි පත් කිරීමක් නවත්වන්න ඔවුන්ට හැකියාවක් ලැබෙන්නෙ නෑ. ජනාධිපතිවරයාට අවශ්‍ය විධියට කොමිෂන් සභා පත් කිරීමට ඉහළ නිලධාරින් පත් කිරීමට මේ හරහා අවස්ථාව ලැබෙනවා. පොලිස්පති, නීතිපති, විගණකාධිපති, පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් යන සියලු දෙනා පත් කිරීමේ බලය ජනාධිපති වෙත යනවා.

ඒ නිසා ජනාධිපති කියන තනි පුද්ගලයා අත විශාල බලයක් සංකේන්ද්‍රණයකර තිබෙනවා. 1978 ව්‍යවස්ථාවෙන් දීපු ආකාරයට බලතල සම්පූර්ණයෙන් ලබා දී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, 19 වැනි ව්‍යවස්ථා සශෝධනයෙන් ජනාධිපතිවරයා නීතිය ඉදිරියට ගෙනයාම සඳහා අවම ප්‍රතිපාදනයක් ගෙන ආවා. 78 ව්‍යවස්ථාව අනුව, විධායක ජනාධිපති නිති විරෝධී යමක් කළ බවට චෝදනා කරමින් පුරවැසියකුට අධිකරණය හමුවට යන්න බෑ. අප දිගින් දිගටම ඉල්ලා සිටියේ එවැනි සුවිශේෂ තත්වයක් ජනාධිපතිවරයාට හිමි විය යුතු නැති බවයි. 19 වැනි සංශෝධනයෙනුත් එය සම්පූර්ණයෙන් ඉවත් නොකර, ජනාධිපතිවරයාගේ තීරණ නිසා මූලික අයිතිවාසිකම් කඩවීමකදි ජනාධිපති වෙනුවට නීතිපති අධිකරණයට කැඳවිය හැකි තත්වයක් ආවා. ඒත් දැන් 20 සංශෝධනයෙන් ඒකත් අහෝසි කරලා.

ඒ විතරක් නෙවෙයි, විගනන කොමිසම විසුරුවා හැරලා විගණකාධිපතිවරයා ජනාධිපති විසින් පත් කළ හැකිවීම දක්වා සංශෝධනයක් යෝජනා කරලා. රජයේ මිලදී ගැනීම් සම්බන්ධ තීරණ ගන්න ප්‍රසම්පදන කමිටුව විසුරුවා හැර තිබෙනවා.

ඊළඟ ප්‍රශ්නෙ ඇමති මණ්ඩල සංඛ්‍යාව ගැන සීමාව ඉවත්කර තිබෙන නිසා ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු සියලු දෙනාටම ඇමතිකම් බෙදන්න හැකියාව ලැබී තිබෙනවා. මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලනය යටතේ කාලයකදි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු දෙතුන් දෙනකු හැර අනෙක් සියලුදෙනා ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් දැරුවා. ඒ වගේම ජනාධිපතිවරයාටත් ඇමතිකම් දැරිය හැකි බවට, ඇමතිවරු ලෙස නම් කරන අයගේ විෂයන් හැර අන් විෂයන් පවරාගැනීමේ බලය මේ 20වන සංශෝධනයෙන් අවස්ථාව හිමිවෙනවා. ඒ නිසා දැන් ජනාධිපතිට අමැතිවරු පත් කිරීමේ හැකියාවත්, අගමැති පත්කිරීමේ හැකියාවයි අවශ්‍ය වෙලාවට ඔවුන් ඉවත් කිරීමේ හැකියාවයි ලැබී තිබෙනවා.

ජනාධිපතිවරයාට, විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ යන තුන් ආකාරයේ බලයම හිමිවන ව්‍යවස්ථා සංශෝධනයකින් අත්තනෝමතික බලයක් හිමිකර දෙන්න සූදානම් වෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිගෙ කාලෙ කිව්වෙ ගැහැණියක් පිරිමියෙක් කරන්නයි, පිරිමියෙක් ගැහැණියක් කරන්නයි විතරක් බැරි අනෙක් සියලු බලය මේ විධායක ජනාධිපතිට හිමිවුණා කියලා. 19 වැනි සංශෝධනයට අනුව, ජනාධිපතිවරයෙක් පත්වී අවුරුදු හතර හමාරක් යනතුරු පාර්ලිමේන්තුව විසිරුවා හරින්න නොහැකි කොන්දේසිය මෙම සංශෝධනයෙන් ඉවත්කරනු ලබනවා. ජනතාව විසින් ඡන්දයෙන් පත්කරන මන්ත්‍රිවරුන්ගෙන් යුක්ත පාර්ලිමේන්තුව ජනාධිපති කියන තනි පිදුගලයෙකුට විසුරුවා හරින්න අවස්ථාව සීමා කළා. පසුගිය මහමැතිවරණය පැවැත්වුවෙ මහජන මුදලින් රුපියල් කෝටි 800ක් වියදම් කරලා. ජනාධිපතිට අවශ්‍ය නම් අවුරුද්දකින් විසුරුවා හරින්න බලයක් මෙම සංශෝධනයෙන් හිමිකර දෙනවා. ජනතාව ඡන්දය දීලා පාර්ලිමේන්තුවක් පිහිටුවලා අවුරුද්දකින් ඒක විසුරුවන්න එයින් බලය ලැබෙනවා.

ඒ විතරකුත් නෙවෙයි හදිසි පනත් කියලා පැය 24ක් තුළ පාර්ලිමේන්තුවට පනත් ගෙන ඒමේ හැකියාවක් ලබාදෙන්න සූදානම් වෙනවා. ලංකාවෙ පාර්ලිමේන්තුවට ඉදිරිපත්වන පනතකින් අපේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවා කියලා තේරුම්ගන්න පුරවැසියකුට අධිකරණයට යන්න, විරෝධය දක්වන්න අවස්ථාව තිබෙනවා. අධිකරණය තීන්දු කරනවා ඒ පනත ව්‍යවස්ථා විරෝධීයි, එහෙමත් නැත්නම් එහි කොටස් වෙනස් කර සම්මත කරන්න නිර්දේශ කරනවා. සමහර පනත්වලට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් අවශ්‍යයි, නැත්නම් ජනමත විචාරණයක් අවශ්‍යයි, එමෙත් නැතිනම් ඒ චෙකම අවශ්‍යයි කියලා අධිකරණයෙන් නිර්දේශ කරනු ලබනවා. අධිකරණ සමාලෝඡන අවස්ථාවකින් තමයි රටේ නිතිය වෙනස් කිරීමේ අවස්ථා සම්බන්ධ එවැනි තීරණ ගැනෙන්නෙ. නමුත් මේ ආකාරයට ජනාධිපතිවරයට හදිසි පනත් ලෙස පාර්ලිමේන්තුවේ පනත් සම්මත කරන්න හැකි වුණොත් ඒ අවස්ථාව නැතිව පැය 24කින් රටේ අලුත් නීති ගෙන එන්න, තියෙන නීති අහෝසි කරන්න බලයක් ජනාධිපතිවරයාට හිමි වෙනවා. මේ තත්වය අතිශය භයානක තත්වයක්. ඒ වගේම ද්විත්ව පුරවැසියන්ට රටේ මන්ත්‍රිධුර දරන්න හැකියාව අහෝසිකර තිබුණා. ඒකත් අහෝසිකරන්න යනවා.
මෙහෙම ගියොත් ජනාධිපති කෙනෙක් පත්කරලා එයාට ඕන විදියට ඇමතිවරුයි, කොමිසනුයි, අධිකරණයයි පත්කරන්න හැකි වෙනවා. ඉතින් ඒක කරනවා නම් කෝටි ගනන් වියදම් කරලා පාර්ලිමේන්තුවට 225ක් පත්කරන්නයි, ඒ අය නඩත්තු කරන්න ජනතා මුදල් වියදම් කරන්න අවශ්‍ය නෑනෙ. අර රාජාණ්ඩුවක් වගේ ජනාධිපතිට කැමති දෙයක් කරන්න, ජනතාව කැමති විධියට මර්දනය කරන්න, තමන්ගෙ කැමැත්තට නීති ගෙන එන්න අවස්ථාව දුන්නා වගේ තත්වයක් වෙන්න යන්නෙ. මේ තත්වය යටතේ බැලු බැල්මට පාර්ලිමේන්තුවක් තිබුණත් ලංකාවෙ රාජාණ්ඩුවක් පවතින තත්වයකටයි යන්න යන්නෙ.

පසුගිය ආණ්ඩුව කාලෙ ලිබරල්වාදී අදහස්වලින් මේ රටේ ප්‍රශ්න විසඳන්න ව්‍යවස්ථාමය සංශෝධන පමණක් ප්‍රමාණවත් කියලා කියු අවස්ථාවල අප එවැනි හුදුද සංශෝධනවලින් රටේ ගැටලු විසඳන්න නොහැකි බව අවධාරණය කළා. අපි කිව්වෙ මේ තනි පුද්ගලයෙක්ගෙ ප්‍රශ්නයක් හෝ හොඳ මිනිස්සු සම්බන්ධ ප්‍රශ්නයකට වඩා සමාජ ආර්ථික ක්‍රමයේ වෙනසක් ඉල්ලන ව්‍යුහාත්මක වෙනස්කම් අවශ්‍ය අර්බුදයක්. නීතිවලින් ව්‍යවස්ථාවෙ වගන්තිවලින් කරන වෙනස්කමක් ඊළඟට පත්වන ආණ්ඩුවට සරලව ආපහු හරවන්න හැකි වෙනවා. ඒක තමයි දැන් වෙමින් තිබෙන්නෙ. පහුගිය ආණ්ඩුවත් දහසක් කතා කියමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්කරන බව කියමින් ගෙනාවෙ කිසිදු වෙනසක් සිදුකළ නොහැකි අංගවිකල සංශෝධනයක්. විධායක ජනාධිපතිවරයාග බලය අහෝසිකරනවා කියලා කලේ ජනාධිපතිවරයා අධීකරණය හමුවේ ප්‍රශ්න කරන්න අවශ්‍ය තත්වයවත් නැතිව වරදකරුවන් නිදහස් කිරීමේ බලය පවා අහෝසි නොකරපු සරල වෙනස්කමක් විතරයි.
පහුගිය ආණ්ඩුව කොමිෂන් සභා ගෙනල්ලා, විධායකයෙ සමහර බලතල ඇමති ණ්ඩලයට පවරන කොට, තනි පුද්ගලයකුගෙ අත්තනෝමතික බලය වෙනුවට පුද්ගලයන් කණ්ඩායමක ඒකරාහිවීමකින් ගෙන එන අත්තනෝමතිකත්වයක් විශ්වාසකරන්න කියලා කියනකොට අපි කිව්වෙ එයින් වෙනසක් කරන්න බෑ කියලා. නමුත් තනි පුද්ගලයකුට වඩා කණ්ඩායමක්, පිරිසක් තීරණ ගනිද්දි යම් සාමුහික තීරණයක්, තනි පුද්ගලයකුගේ බලයට වෙනස් තත්වයක් තියෙනවා කිව්වත් ඒ තත්වය පවා ආපස්සට හරවා තනි විධායක ජනාධිපති වටා බලය ඒකරාශි කිරීමේ ආපස්සට ගමනක් යමින් තිබෙනවා.

මේ වනවිට ජේ.ආර්. ජයවර්ධනට කරන්න බැරි වෙච්ච දේ ජී.ආර්.ට කරන්න හැකිවන තත්වයක් සඳහා කටයුතු සූධානම් කරමින් තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණයෙදි හා මහමැතිවරණයෙදි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශ්වාස කරමින් ඡන්දය දුන් ලක්ෂ ගණනක් ජනතාවගේ අරමුනු පවා සුනු විසුනුකරන සමස්ත සමාජයටම බරපතල අනර්ථකර තත්වයක් සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කටයුතු සූදානම් කෙරෙමින් පවතින බව අපි අනතුරු අඟවනවා.
මේ ආණ්ඩුව දැන් සිංගප්පූරුව, දකුනු කොරියාව වැනි රටවල පාලන ක්‍රමය, ආර්ථික සැලසුම් ගෙන එමින් මේ රටේ ජනතාව සතු සීමිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, සුබසාධන, වැඩකරන ජනතාවගේ කප්පාදු කරන ලද අයිතිවාසිකම් පවා සමතලා කරමින් යන ගමනක් යන්න සූදානම්. ඒ නිසා තමයි මේ විදියෙ අත්තනෝමතික බලයක් ජනාධිපතිවරයා වෙත මධ්‍යගත කරන්න යන්නෙ.
වනසත්ව හා වෘක්ෂලතා පනත උල්ලංඝනය කරලා, ලෝක උරුමයන් සම්බන්ධ පනත, පරිසර පනත උල්ලංඝනය කරමින් සිංහරාජ වනය විනාශය කරා ගෙන යන මාර්ගයට විරෝධය පළ කළාම මොකද වුනේ? ජනාධිපති කිව්වා ඒ සියලු වැරදි තිබියදීම දින 90කින් පාර කපන්න කියලා. ඒ තීරණය ගැන විරෝධය පළ කරන්න, අධිකරණයට යන්නවත් දැන් අවස්ථාවක් නැති කරන්න යන්නෙ. දැන් මේ ආණ්ඩුව කියන්නෙ අලුත් ව්‍යවස්ථාවකුත් ගේනවා කියලනෙ. ඉතින් මේ 20 වැනි සංශෝධනය දිහා බැලුවම හිතාගන්න පුලුවන් අලුත් ව්‍යවස්තාවක තරම කොහොමද කියලා.

හුදු ප්‍රජාතන්ත්‍රවාදය අහෝසිවන ප්‍රශ්නයක් කියන එක විතරක් නෙවෙයි, ආර්ථිකය, දේශපාලනයථ සමාජ සංස්කෘතිය යන සියල්ල බැඳුණු අර්බුදයක ඉන්න අපේ සමාජයට මෙවැනි තනි පුද්ගලයකු විසින් ඇතිකරන බලපෑමකින් අත්තනෝමතිකත්වයකින් ප්‍රශ්න විසඳනවා වෙනුවට බිහිසුණු විනාශයක් කරා යන ගමනක් බව අපි නැවත නැවතත් කියනවා. අපි පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ට බලකර සිටිනවා මෙවැනි බලයක්, පාර්ලිමේන්තුවට හිමි බලය පවා අහිමිකරන බලයක් දෙන ව්‍යවස්ථා සංශෝධනයකට අත ඔසවන්න එපා. ඒ වගේම ජනතාවට අප කියනවා මේ අනර්ථකාරී තත්වය වැළැක්වීමට පෙළ ගැසෙන්න, ඒ පෙළගැස්ම ජයග්‍රාහී කරන්න පෙරටුගාමි සමාජවාදී පක්ෂය ලෙස අපි කළ හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්න සූදානම්.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ.

Leave A Reply

Your email address will not be published.