topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රිය රියදුරු සහායක/ෂන්ටිං රියදුරු පුරප්පාඩූ පුරවන්න.


2020. 09. 22

මාධ්‍ය නිවේදනයයි

ලේකම්,
ප‍්‍රවාහන අමාත්‍යාංශය.

දුම්රිය රියදුරු සහායක/ෂන්ටිං රියදුරු පුරප්පාඩූ සියල්ල කඩිනමින් පුරවන ලෙස ඉල්ලීම

දුම්රිය ධාවනයේදී අත්‍යාවශ්‍ය සේවාවක් ඉටුකරන දුම්රිය රියදුරු සහායක හා ෂන්ටිං රියදුරු ශ්‍රේණි වල පුරප්පාඩු පිරවීමට වසර ගණනාවක් තිස්සේ කටයුතු නොකිරීම නිසා, එම සේවාවල තනතුරු වලට පත්වීම් ලැබීමට අපේක්‍ෂිත සේවකයින්ට බරපතල අසාධාරණයක් සිදුවී ඇත.

දුම්රිය රියදුරු සාහායක තනතුරු හා ෂන්ටිං රියදුරු තනතුරු සඳහා අවසන් වරට බඳවාගෙන ඇත්තේ 2011 වර්ෂයේදී වන අතර, රා.ප.චක‍්‍රලේඛ 06/2006 ට අනුව බඳවාගැනීම් පරිපාටි අනුමත කළද, ශ්‍රේණි අතර පැවති විරෝධතාවයක් නිසා සාධාරණය ඉටුකරගැනීම සඳහා අධිකරණ ක‍්‍රියාවලියකට පිවිසීමට රියදුර සහායක සංගමයට සිදුවිය. දුම්රිය එන්ජින් රියදුරු සහායක තනතුරු සඳහා වන බඳවාගැනීමේ සහ උසස්වීම් පරිපාටිය අනුමතවීමෙන් පසු 2016 වර්ෂයේ සහ ඉන්පසු අවස්ථා හතරක දීම බඳවාගැනීම් කිරීමට කටයුතු කළද, දේශපාලන හා විවිධ මැදිහත්වීම් නිසා බඳවාගැනීම් කිරීමට නොහැකි විය. මේ තත්වය නිසා රියදුරු සහායක ශ්‍රේණියේ තනතුරු 540 න් 360 ක් ම පුරප්පාඩු වී ඇති අතර, ෂන්ටිං රියදුරු ශ්‍රේණියේ අනුමත සේවක සංඛ්‍යාව වන තනතුරු 147 න් 129 ක් ම පුරප්පාඩු විය.
තාක්‍ෂණ ශිල්පී සහායක තනතුරු දරණ සේවකයින්ගෙන් හා විශ‍්‍රාමික සේවකයින්ගෙන් රාජකාරී ආවරණය කරගනිමින් ඉතා දීර්ඝ කාලයක් තිස්සේ දුම්රිය ධාවන කටයුතු කළද, රාජකාරී ආවරණය කිරීම වෙනුවෙන් කිසිදු දීමනාවක් හෝ වැඩබැලීමේ වැටුපක් ඔහුනට ගෙවා නැත.

රියදුරු සහායක සංගමය විසින් පවරා ඇති SC(F/R) 29 /2018 දරණ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත්කර මාස 02 කට අධික කාලයක් ඉකුත්වී ඇතත්, අදාල බලධාරීන් ඒ සම්බන්ධයෙන් තවමත් නිසි ක‍්‍රියාමාර්ගයක් ගෙන නැත. ඒ අනුව අදාල නඩුවේ වගඋත්තර කරුවන් වන දුම්රිය සාමාන්‍යාධිකාරී, ප‍්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශයේ ලේකම් විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත්, ඒ අනුව පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත්, රියදුරු සහායක බඳවාගැනීම් හා උසස්වීම් ක‍්‍රියාපටිපාටිය වහාම ක‍්‍රියාත්මක කරන ලෙසත්, 2020 නොවැම්බර් 30 වන විට මේ සම්බන්ධයෙන් ප‍්‍රගතිය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වන ලෙසත් නියෝග කර ඇත.

මෙම බඳවාගැනීමේ කටයුතු තවදුරටත් ප‍්‍රමාද කිරීමෙන් අගතියට පත් පාර්ශවය වන රියදුරු සහායක ශ්‍රේණියට බරපතල අසාධාරණයක් සිදුවන බැවින්, දුම්රිය රියදුරු සහායක බඳවාගැනීමේ හා උසස්වීමේ පරිපාටිය වහාම ක‍්‍රියාත්මක කර රියදුරු සහායක තනතුරු පුරප්පාඩු හා ෂන්ටිං රියදුරු තනතුරු පුරප්පාඩු සියල්ල කඩිනමින් පිරවීමට අවශ්‍ය කටයුතු කරන මෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
එස්.පී.විතානගේ
සමකැඳවුම්කරු,
දුම්රිය වෘත්තීය සමිති සන්ධානය.

Leave A Reply

Your email address will not be published.