සිංහරාජ රක්ෂිත වනාන්තරය ආශ්‍රිතව වන විනාශයක් සිදු වන්නේ යයි එක්සත් ජාතීන්ගේ ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පැමිණිල්ල ගොනු කර ඇත්තේ පරිසර හා සොබාදම් අධ්‍යන මධ්‍යස්ථානය විසිනි.
එසේ යොමු කළ පැමිණිල්ල එක්සත් ජාතීන්ගේ මානව හිමිකම කොමිසම විසින් නිල වශයෙන් භාර ගත්තේ යැයි එහි නියෝජිතයන් විසින් දැනුවත් කර ඇතැයි එම මධ්‍යස්ථානයේ ලේකම්වරයා සඳහන් කරයි.මෙය ශ්‍රී ලංකාව තුළ විසඳාගත නොහැකි වූ නිසා එක්සත් ජාතීන්ට පැමිණිලි කළ බවද එම මධ්‍යස්ථානය පවසයි .