මිනුවන්ගොඩ කෝවිඩ් පොකුරේ ව්‍යාප්තියේ වැඩි බලපෑමක් කොළඹ දිස්ත්‍රික්කයට පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි. ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්ක යාබදව පිහිටා තීබීමෙන් සහ දෛනිකව විශාල පිරිසක් කොළඹට පැමිණෙන හෙයින් මෙම අවදානම පවතින බව එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.