ලංකා විදුලි පෞද්ගලික සමාගමේ කඳාන ශාඛාවේ සේවකයන් 12 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ඊයේ දින මෙම ආසාදිත පිරිස හඳුනාගත් බවත් ඔවුන් රෝහල්ගත කල ඇති බවත් වාර්තා වේ.
ඉන් සේවකයෙකුගේ දියණිය බැන්ඩික්ස් ආයතනයේ සේවය කර ඇති බවත් ඇය ආසාදිත යයි හඳුනා ගෙන තිබූ බවත් වාර්තා වේ. එහි සෙසු සේවකයන්ටද කොරෝනා පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇත.