topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සෞඛ්‍යාරක්ෂිත උපකරණ කඩිනමින් ලබාදෙන්න.

කෝවිඩ්-19 වසංගතය දැඩි අවධානම් කලාපවල රාජකාරීවල නිරත සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ කඩිනමින් ලබාදීමට පියවර ගන්නා ලෙස ඉල්ලීම.

කෝවිඩ්-19 වසංගත තත්වය රට පුරා සීග‍්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින් බවත් කොළඹ, ගම්පහ, කළුතර ඇතුළු ලංකාවේ ප‍්‍රදේශ කිහිපයක් මේ වනවිට සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් දැඩි අවධානම් කලාපයක් ලෙස නම් කර ඇති බවත් අපි සියළු දෙනා දැනුවත්ව සිටින්නෙමු.

එමෙන්ම #කෝවිඩ්-19  වෛරසය දෙවන රැල්ලට අදාළව වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් 2020. 11. 01 දින විශේෂ ප‍්‍රකාශයක් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම වෛරසය පෙර පැවති වෛරසයට වඩා ව්‍යාප්තියෙන් හා බෝවීමේ ප‍්‍රවනතාවය වේගවත් බවත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් අවධාරණය කරන ලදී.

තත්වයන් මෙසේ තිබියදීත් මේ දක්වා දිස්ත‍්‍රික් පාලනයට හා ප‍්‍රාදේශීය පාලනයට අයත් දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල හා විශේෂයෙන්ම ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් බහුතරයකට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත උපකරණ ප‍්‍රමාණවත්ව ලැබී නොමැති බව දන්වා සිටිමු.

උදාහරණයක් ලෙස ගම්පහ දිස්ත‍්‍රික්කය #කෝවිඩ්-19 #Covid- 19 දෙවන රැල්ලට අදාළ ආරම්භක දිස්ත‍්‍රික්කය වන අතර බ‍්‍රැන්ඩික්ස් ආයතනය හා පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ යන ප‍්‍රධාන පොකුරු දෙකම අදාළ වන්නේ ගම්පහ දිස්ත‍්‍රික්කයටය.

නමුත් 2020. 10. 02 සිට 2020. 11. 02 දක්වා මාසයක කාලය තුළ ක්ෂේත‍්‍ර මට්ටමින් හා කාර්යාල මට්ටමින් මහජන කටයුතුවල නියැලෙන සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපකරණ පිළිබඳව පහත වගුවේ සඳහන් කරමු.

(2020. 10. 02 සිට 2020. 11. 02 දක්වා කාල සීමාව තුළ එක් නිලධාරියෙකු සඳහා වන දත්ත පමණි)

වාර්තා වන අන්දමට කළුතර හා කොළඹ දිස්ත‍්‍රික්කවල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි #කෝවිඩ්-19 #Covid- 19 අදාළ විශේෂ රාජකාරීවල නියැලෙන ක්ෂේත‍්‍ර හා කාර්යාලගත නිලධාරීන් සඳහා සෞඛ්‍යාරක්ෂිත උපකරණ ලබාදීමේ විශේෂ වැඩපිළිවෙලක් මෙතෙක් දියත් කර නැති බවද සඳහන් වේ.

උද්ගතව ඇති තත්වය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමේ ක‍්‍රියාවලිය ප‍්‍රායෝගිකව සිදුකළ හැක්කේ ක්ෂේත‍්‍ර නිලධාරීන් මගින් වන අතර එම නිලධාරීන් වසංගත තත්වයෙන් ආරක්ෂා කරගනිමින් අදාළ වැඩපිළිවෙල දියත් නොවුනහොත් එම නිලධාරීන්ට අවධානම් තත්වයකට මුහුණදීමට සිදුවනු ඇත. එවන් මොහොතක රාජ්‍ය යාන්ත‍්‍රණය බිඳවැටිය හැකි වන අතර රාජ්‍ය යාන්ත‍්‍රණය බිඳ වැටුනහොත් ආණ්ඩුව කුමන ආකාරයේ තීරණ ගත්තද මේ දක්වා සෑම පාර්ශවයක්ම දරණ ලද උත්සාහයන් නිෂ්ඵල වනු ඇත. මෙම තත්වය පිළිබඳව ආණ්ඩුවේ ප‍්‍රධානීන්ගේත් රජයේ ඉහළ බලධාරීන්ගෙත් අවධානය කඩිනමින් යොමුකළ යුතුව ඇතැයි අප සංගමය අවධාරණය කරමු.

ඒ අනුව ගම්පහ, කොළඹ, කළුතර, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, නුවර ඇතුළු සියළුම දිස්ත‍්‍රික්කවල ක්ෂේත‍්‍ර හා කාර්යාල මට්ටමින් #කෝවිඩ්-19 #Covid- 19 යටතේ මහජන සේවාවන් වල යෙදෙන සංවර්ධන නිලධාරීන් ඇතුළු ක්ෂේත‍්‍ර නිලධාරීන් සඳහා ප‍්‍රමිතියෙන් යුතු මුව ආවරණ, අත් ආවරණ, මුහුණු ආවරණ, ආරක්ෂිත ඇඳුම් හා දෑත් පිරිසිදු කිරීමේ විෂබීජ නාශක දියර ප‍්‍රමාණවත්ව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා මෙන් ආණ්ඩුවේ හා රජයේ සියළු වගකිව යුතු පාර්ශවයන්ගෙන් අප සංගමය ඉල්ලා සිටිමු.

ස්තූතියි.

මෙයට,
චන්දන සූරියආරච්චි
ප‍්‍රධාන ලේකම්,
සංවර්ධන නිලධාරී සේවා සංගමය.

Leave A Reply

Your email address will not be published.