topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උසස් පෙළ සිසුන් විශ්වවිද්‍යාලවලට බඳවාගැනීම පඹගාලක ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලටත් පිටින් ආණ්ඩුව තීරණ ගන්නවා.

සමාජවාදී ශිෂ්‍ය සංගමය මේ මාධ්‍ය හමුව පවත්වන්නේ 2019 වසරේ උසස් පෙළ විභාගයට පෙනී සිට විශාල අසාධාරණයකට පත්වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සම්බන්ධයෙන් දැනුවත් කරන්න. විභාගයට ලියලා මාස 14කට පස්සේ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණ නිකුත් කිරීමෙන් ඇතිවී තිබෙන මේ ප්‍රශ්නය හමුවේ විශ්වවිද්‍යාල බලධාරීන් වගේම ආණ්ඩුවත් නිහඬව ඉන්නවා.

 

මේ ගැටලුව නිසා විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ ජීවිත කාලයෙන් වසරකට වඩා ගෙවී ඉවරයි. 2019 වසරේ විභාගයට පෙනී සිටි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ පැරණි නිර්දේශය සහ නව නිර්දේශය දෙකටම අදාලව විභාගයට පෙනී සිටියා. මේ නිසා ඉසඞ් ලකුණු, දිස්ත්‍රික් කුසලතාවය වගේම ජාතික කුසලතාවය කාණ්ඩ දෙකක් යටතේ නිකුත් වෙනවා. විෂය කුලකයන් දෙකක් තියෙද්දී ඒ ඒ විෂයන්ට අදාලව තනි ඉසඞ් ලකුණක් හදන්න බැහැ. එහෙනම් ප්‍රශ්නය තියෙන්නේ කොතැනද? උසස් පෙළ ප්‍රතිඵල ආවාට පස්සේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ තමන් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබුවාද කියලා තීරණය කරන්නේ දිස්ත්‍රික් කුසලතාවය සහ ජාතික කුසලතාවය මත. විශ්වවිද්‍යාල බලධාරීන් සහ ආණ්ඩුව පැරණි විෂය නිර්දේශයට කොපමණ ශිෂ්‍ය සංඛ්‍යාවක් වෙන් කරනවාද නව නිර්දේශයට කොපමණ වෙන් කරනවාද කියලා ඊළඟ විභාගයට පෙර හෙළිකළ යුතුව තිබුනා. විෂය නිර්දේශ දෙකෙන් කොපමණ ප්‍රමාණයක් පැරණි නිර්දේශයට බඳවා ගන්නවාද, නව නිර්දේශයට බඳවා ගන්නවාද කියන තීරණය ගත් ආකාරය හෙළිකළ යුතුව තිබෙනවා. ඒ ක්‍රියාමාර්ගය නොගත් නිසා වර්තමාන ප්‍රශ්නය පැන නැගිලා තිබෙනවා.

 

ප්‍රශ්නයක් මතුවෙලා තියෙද්දී අවම සාධාරණයවත් ඉටුවෙන විදිහට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ක්‍රියා නොකිරීම නිසා මේ ප්‍රශ්නය බරපතල වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලවලට බඳවාගන්න නිශ්චිත ඉසඞ් අගයක් නැහැ. ඒකට හේතුව අධ්‍යාපන කුසලතාවයට වඩා විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ කොපමණ ප්‍රමාණයක්ද කියන පදනම මත බඳවා ගැනීමයි. ඒ නිසා කඩඉම් ලකුණ වසරින් වසර වෙනස් වෙනවා. විශ්වවිද්‍යාලවල හිස්තැන් අනුව බලලා ඊට අනුව බඳවාගැනීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් තීරණය කිරීම නිසා මේ අසාධාරණය සිදුවී තිබෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව කියන්නේ මෙවර සංයුත මධ්‍යයන්‍ය කියන පදනම යටතේ පැරණි නිර්දේශය සහ අලුත් නිර්දේශය සඳහා ශිෂ්‍යයෝ බඳවා ගත් බවයි. ඊට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුවක් පදනම් කරගත් බව කියනවා. ඒක අමූලික බොරුවක්. 2011 වසරේ මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නඩු දෙකක් විභාගයට ලක්කෙරුනා. ඒ එකකවත් සංයුක්ත මධ්‍යන්‍ය අනුව බඳවා ගන්න කියලා තීන්දු කරලා නැහැ. 2011දී විභාග දෙපාර්තමේන්තුව සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව හැමෝටම එක ඉසඞ් ලකුණක් පැරණි නිර්දේශයට සහ නව නිර්දේශයට ලබාදීමෙන් ඇතිවූ ප්‍රශ්නයට තමයි පළමු ශේ්්‍රෂ්ඨාධිකරණ තීන්දුව ලබාදුන්නේ. මේ නඩු තීන්දුවෙන් සාකච්ඡා කෙරුණේ ඉසඞ් අගය ගණනය කිරීම සම්බන්ධයෙන් පමණයි.

 

ඒ නඩු තීන්දුවෙන් පැහැදිලිවම දක්වා තිබෙන්නේ විෂය කුලකයන් දෙකක් නිසා වෙන වෙනම ඉසඞ් අගයන් ගණනය කරන්නයි. ඒ වෙලාවෙ අපේ රටේ අධ්‍යාපන බලධාරීන් වෙන වෙනම ඉසඞ් අගයන් හදලා නැවත එකට පෙළ ගැස්වුවා. ඊට විරුද්ධව ශිෂ්‍යයෝ සිය ගණනක් මූලික අයිතිවාසිකම් පෙත්සම් 08ක් ඉදිරිපත් කළා. ඒකෙදී මූලික කරුණු දෙකක් සාකච්ඡාවට ලක්වුණා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම, අනෙකුත් බලධාරීන් ශිෂ්‍යයෝ සහ දෙමාපියෝ ඉසඞ් ලකුණු කාණ්ඩ දෙකකට පෙළගැස්වීමේ එකගතාවයකට ආවා. ඒ වගේම බඳවා ගැනීම් සම්බන්ධවත් එකඟතාවයකට ආවා. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික යෝජනා ක්‍රම හතරක් ඉදිරිපත් කළා.

 

1. පසුගිය ආසන්න වසර 5 තුළ සමස්ත දිවයිනේම ජාතික මට්ටමේ කුසලතාවය සහ දිස්ත්‍රික් කුසලතාවය මත නව නිර්දේශය සහ පැරණි නිර්දේශය වෙන වෙනම සලකලා ජාතික මට්ටමින් ශිෂ්‍යයන් බඳවාගත් උපරිමය පදනම් කරගෙන විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා ඉඩකඩ වෙන් කිරීම.

 

2. දිවයින කුසලතාවය මත පහුගිය අවුරුදු 5ක උපරිම ප්‍රතිශතය පළමුවර පෙනී සිටින ශිෂ්‍යයන් සහ දෙවැනි තුන්වැනි අවස්ථාවල පෙනී සිටින ශිෂ්‍යයන්ගේ දිවයින් කුසලතාවය උපරිම ප්‍රතිශතය ලෙස සැලකිල්ලට ලක් කිරීම වගේම දිස්ත්‍රික් කුසලතාවය අනුව බඳවා ගැනීමේ සාමාන්‍ය අගය අනුව බඳවාගැනීම.

 

3. දිවයින කුසලතාවය උපරිමයෙන් ගැනීම සහ දිස්ත්‍රික් පදනමින් ගත හැකි උපරිම ප්‍රමාණයක් ගැනීම.

 

4. විශ්වවිද්‍යාලවල ඇති ඉඩ පහසුකම් අනුව පළවැනි ක්‍රමය සහ තුන්වැනි ක්‍රමයේ සංකලනයක් ලෙස ගැනීම. (මේ යෝජනාව ඒ මොහොතේම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්‍ෂේප කළා.)

 

අවසාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය එකඟතාවයකට ආවේ තුන්වැනි ක්‍රමවේදය අනුගමනය කරන්න. ඒ කියන්නේ සාමාන්‍ය අගය වෙනුවට උපරිම අගය බඳවා ගන්න. ශිෂ්‍යයින්ට වෙන්න පුළුවන් අසාධාරණය අවම මට්ටමකට පත්වුණේ මේ ක්‍රමයෙන්. මේ තුළත් සමහර පාඨමාලාවල සිදුවිය හැකි අසාධාරණය සලකා බලලා ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් ඉදිරිපත් වුණා. ඒ නිසා දිස්ත්‍රික් කුසලතාවයට බඳවා ගන්නා ප්‍රමාණයට ඉහත දැක්වූ ක්‍රමයට අමතරව තව පිරිසක් බඳවා ගන්න තීරණය කළා. ඒකට හේතුව කලා විෂය ධාරාවේදී දිස්ත්‍රික් කෝටා ක්‍රමයක් ක්‍රියාත්මක නොකිරීම. මීට අමතරව නීති පීඨයට බඳවා ගන්නේ කලා, වානිජ්‍ය, විද්‍යා ඕනෑම විෂය ධාරාවක් හැදෑරු ඕනෑම කෙනෙක් බඳවා ගන්නවා. මේ තත්වය යටතේ ලබාදුන් තීන්දුව ආසන්න වසර 5 තුළ කලා, භෞතික විද්‍යා, වානිජ විෂය ධාරා යටතේ ඇතුළත් වූ සිසුන් ප්‍රමාණය අනුව උපරිමය ගණනය කර දිස්ත්‍රික් මට්ටමෙනුත් උපරිම ශිෂ්‍ය සංඛ්‍යාවක් බඳවා ගන්න තීන්දු කළා. මේ නිසා නීති පීඨයට සාමාන්‍යයෙන් බඳවා ගන්නවාට වඩා සිසුන් 99 දෙනෙකු පමණ වැඩිපුර බඳවා ගත්තා. ඊට අමතරව යමෙකුට අසාධාරණයක් වුණා නම් එය නිවැරදි කර ගන්න නැවත වරක් ඒ කියන්නේ තුන්වැනි වර පෙනී සිටි ශිෂ්‍යයෙකුට හතරවැනි වර විභාගයට පෙනී සිටීමේ අවස්ථාවක් ලබා දුන්නා.

 

මේ ක්‍රමවේදය නිසා ඒ වෙනකොට විශ්වවිද්‍යාලවලට බඳවාගත් 21,500ට අමතරව තවත් 5,609ක් වැඩිපුර බඳවා ගන්න සිදුවුණා. මේ නිසා පැරණි නිර්දේශය සහ නව නිර්දේශයේ සමස්ත බඳවා ගැනීම් 26%ක් වැඩිවුණා. ඊට අමතරව තවත් වාරයක් උසස් පෙළට පෙනී ඉන්න අවස්ථාවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන්නා. මේ මොහොතේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අනුගමනය කර තිබෙන සංයුක්ත මධ්‍යන්‍ය ක්‍රමවේදය 2011දී ඉදිරිපත් කළ අනෙකුත් ක්‍රම 4ටම වඩා අසාධාරණම ක්‍රමයක්. මේ නිසා අද වෙද්දී සිසුන්ට ගැටළු ගණනාවක් මතුවී තිබෙනවා.

 

විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා බලාසිටි සැලකිය යුතු ශිෂ්‍යයෝ ප්‍රමාණයකට ඒ අවස්ථාව අහිමිවී තිබෙනවා. ඒ වගේම ශිෂ්‍යයෝ බලාපොරොත්තු වූ පාඨමාලා ලැබී නැහැ. පාඨමාලා සඳහා තේරීපත් සිසුන්ට විශ්වවිද්‍යාල පාඨමාලා ශ්‍රේණිගත කිරීම් තුළ ඉහළම විශ්වවිද්‍යාල තුල පාඨමාලාවට ඇතුළත්වීම අහිමිවී ගිහින්. තවත් අයට සමහර පාඨමාලාවලට විශ්වවිද්‍යාල ඇතුළේදී විෂයයන් තෝරා ගැනීමේදී තමන්ගේ අපේක්‍ෂා කරන විෂයන් අහිමිවීයාම කියන ගැටළුවලින් ශිෂ්‍යයන් දැඩි අසාධාරණයකට පත්වෙලා. මේ තත්වය සම්බන්ධයෙන් මාස 7කටත් පෙර ඉඳලා අධ්‍යාපන බලධාරීන් එක්ක, විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව එක්ක අපි සාකච්ඡා කළා. ඒ අවස්ථාවේදී බඳවාගන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍ය සංඛ්‍යාව හෝ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලීමක් කළා. එහෙම කළානම් දිස්ත්‍රික් මට්ටමෙන් අදාළ අපේක්‍ෂකයන්ට තමන් සුදුසුකම් ලබනවාද නැද්ද යන්න හෝ තේරුම් ගැනීමේ හැකියාව තිබුණා. මේ සම්බන්ධයෙන් පෙබරවාරි මාසයේ 18වැනිදා අනුර දිසානායක සහෝදරයා පාර්ලිමේන්තුවේදීත් කථා කළා. එවකට හිටපු අධ්‍යාපන අමාත්‍යවරයා ඒ අවස්ථාවේ මගහැර ගියා.

 

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දිගින් දිගටම ප්‍රකාශ කළේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව බඳවා ගන්න බව. මේ රටේ ශිෂ්‍යයෝ ඒ තීන්දුව මොකක්ද කියලා දන්නේ නැහැ. ප්‍රතිපාදන කොමිෂන් සභාව පෙන්වා දුන්නේ පළවැනි නඩුවේ තීන්දුව. නමුත් සමථයකට පත්වුණේ දෙවැනි නඩුවේ තීන්දුව අනුව. ඒ කියන්නේ උපරිම අගය ලබාගැනීමේ තීරණයෙන්. ශ්‍රේෂ්ඨාධිකරණයේදී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් එකඟ වූ දෙවැනි තීන්දුව ගැන අවධානය යොමු නොකර වසන් කරමින් පළවැනි තීන්දුව ක්‍රියාත්මක කර තිබෙනවා. මේ නිසා උපරිම අගය මත පදනම් වෙලා ශිෂ්‍යයෝ ඇතුළත් කර ගැනීම අත්හැර තිබෙනවා. හිතා මතාම සත්‍ය වසන් කර ජනතාවට බොරු තොරතුරු ලබාදීමෙන් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබා තිබෙන බව විශ්වාස කළ සිසුන් බොහෝ දෙනෙකුට මේ වර උසස් පෙළට පෙනී සිටීමේ අවස්ථාවත් අහිමි වුණා. ඒ සාමාර්ථ 3ක් අරගෙන වෛද්‍ය විද්‍යාල සඳහා සුදුසුකම් සම්පූර්ණ කර සිටි ශිෂ්‍යයන්ට වගේම තවත් බොහෝ දෙනෙකුට වෙනත් විෂය ධාරා යටතේත් අවස්ථාව අහිමිවී තිබෙනවා. ඒ වගේම අමතර උසස් අධ්‍යාපන ආයතන සඳහා ඉල්ලුම් කරන්න තිබුණු හැකියාවත් අහිමි වෙලා. සමහර ශිෂ්‍යයෝ තමන් බලාපොරොත්තු වූ ඉහළ පාඨමාලාවට සුදුසුකම් තියෙන නිසා වෙනත් පාඨමාලා ඉල්ලුම් කර නැහැ. උදාහරණක් විදිහට වෛද්‍ය විද්‍යාලයට යන්න බලාපොරොත්තුවෙන් හිටි ශිෂ්‍යයෝ වෙනත් පාඨමාලා ඉල්ලලා නැහැ.

 

අද හැම දිස්ත්‍රික්කයකම සියලුම විෂය ධාරාවන් යටතේ විවිධ ආකාරයෙන් ප්‍රශ්න මතුවෙලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අටවන ලද උගුලේ ගොදුරු බවට මේ සියලුම දෙනා පත්වී ඉන්නවා. කොමිෂන් සභාව තව දුරටත් ශිෂ්‍යයෝ රවට්ටන්නේ ඇයි? 2011දී සිය ගණන් ශිෂ්‍යයෝ නඩු කිව්වා. මාස ගණන් ඒ වෙනුවෙන් බලන් හිටියා. ඒ විතරක් නෙවෙයි ශිෂ්‍යයෝ පෙළපාලි ගියා. රට පුරා උද්ඝෝෂණ කළා. මේ වෙලාවේ අධ්‍යාපන ඇමතිවරයා බලා ඉන්නේ ශිෂ්‍යයෝ උද්ඝෝෂණ කරන තුරුද? නඩු කියන්න යන තුරුද? දැනටමත් මේ සිසුන්ගේ ජීවිතයේ මාස 14ක් ගතවෙලා ඉවරයි. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් පියවර ගන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. ඔවුන්ගේ පැත්තෙන් කියන්නේ විශ්වවිද්‍යාල තුළ ඉඩ නැහැ කියලා. 2011දී විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මේ බව කියලා රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ වෛද්‍ය විද්‍යාව සඳහා සිසුන් 58ක් මුදල් දී ඉගෙන ගන්න බඳවා ගත්තා. ඒ නිසා ඉඩ නැති බව කීම ඇත්ත තත්වය නෙවෙයි. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළෙත් ශිෂ්‍යන්ට අසාධාරණයක් වෙලා නම් ඉඩකඩ සම්පූර්ණ කිරීමේ වගකීම පාලකයක් බාර ගත යුතු බවයි.

 

ආණ්ඩුව මේ රටේ ශිෂ්‍යයින්ට ඇත්තටම ආදරෙයි නම් විශ්වවිද්‍යාල ඇතුළතට බුද්ධි අංශ එවනවා වෙනුවට ඒ ඉඩකඩ වෙනුවෙන් අසාධාරණයට පත්වූ ශිෂ්‍යයින් එවලා ඔවුන්ගේ ප්‍රශ්න විසඳන්න කියලා විශ්වවිද්‍යාල ප්‍රතිපදාන කොමිෂන් සභාවට කියනවා. ආණ්ඩුවටත් අපි කියන්නේ තව දුරටත් බොරු කිරීමෙන් සිසුන් රවටන්න එපා කියල. මේ බොරු කිරීමෙන් දක්‍ෂතා සහිත සිසුන් අපේ රටේ අධ්‍යාපනයෙන් පිටමං කරනවා. ඒ තුළින් පුද්ගලික අධ්‍යාපනය පුළුල් කරනවා. 2011දීත් මේ ප්‍රශ්නය මෙහෙමම යොදාගෙන සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිය හදාරන්න කිහිප දෙනෙකුට අවස්ථාව දුන්නා. මේ මොහොතේදී විශ්වවිද්‍යාල සඳහා සිදුසුකම් ලත් ශිෂ්‍යයන් ඇතුළත් කර නොගන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අදාල වෙළඳපොළක් නිර්මාණය කරන්න. ඔවුන්ගේ දේශපාලන වුවමනාව මේ ක්‍රමවේදය නැවත පවත්වාගෙන යන්න. ඒ නිසා අපි ආණ්ඩුවට අවධාරණය කරන්නේ සිසුන් මෙවර බඳවාගත් ක්‍රමවේදය අපි අභියෝගයට ලක් කරන්න ලැහැස්තියි. 2011 ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා වගේ බලා ඉන්න එපා කියලා අපි කියනවා. 2011 ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පැමිණි එකඟතාවය මත ඒ ඒ විෂය ධාරාවන් යටතේ ඒ ඒ පාඨමාලාවන් වෙනුවෙන් දිස්ත්‍රික් කුසලතාවය සහ දිවයින් කුසලතාවය මත උපරිම අගය බඳවා ගන්න කියලා අවධාරණය කරනවා. ඒ වගේම අපි ශිෂ්‍යයන්ට කියන්නේ මේ ප්‍රශ්නය සියලුම විෂය ධාරාවන්ට පොදුවේ බලපා තිබෙන අසාධාරනයක් තියෙන බව. ඒ නිසා 2011 ශිෂ්‍යයෝ කළා වගේ සියලුම දෙනා එකට එකතුවෙලා මේ සම්බන්ධයෙන් පෙනී ඉන්න කියලා අපි අවධාරණය කරනවා. අපිත් ඒ වෙනුවෙන් මැදිහත් වී ක්‍රියාකාරීව ඔබත් එක්ක අත්වැලි බැඳ ගන්නවා කියන පණිවඩුය ලබා දෙනවා.

 

සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක රංගන දේවප්‍රිය.

Leave A Reply

Your email address will not be published.