topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දිලිත් ජයවීර  කියන්නේ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල ගෙන්වීම මානුෂීය ක්‍රියාවලියක්ලු.

රට තුළ වර්ධනය වෙමින් තිබෙන කොරෝනා වසංගත තත්වයත් ජනතාවට සහන ලබාදීමේදී සිදුවෙමින් තිබෙන අක්‍රමිකතාවයන්, දූෂණ හා වංචාවන් පිළිබඳවත් කරුණු හෙළිදරව් කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව පවත්වනු ලබනවා.

 

දැන් පවතින රෝගී තත්වය විශාල ලෙස පැතිරෙමින් තිබෙන, වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන හා වැඩි මරණ ප්‍රමාණයක් වාර්තා වන ජාතික ව්‍යසනකාරී තත්වයක් බවට පත්ව තිබෙනවා. ඔක්තොබර් 03 වන විට රට තුළ වාර්තා වුණු සමස්ත රෝගීන් ප්‍රමාණය 3985යි. නමුත් නොවැම්බර් 10 වැනිදා එනම් ඊයේ දිනය වන විට රෝගීන් 14,715ක් වාර්තා වනවා. රෝගීන් ප්‍රමාණය 10,730කින් ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම සමස්ත මරණ ප්‍රමාණය 13 සිට ඔක්තෝබර් 20වැනිදා සිට නොවැම්බර් 10 වන විට 41 දක්වා ඉහළ ගියා. ආසන්න දින 20ක කාලය තුළ මරණ සංඛ්‍යාව 28කින් ඉහළ ගොස් තිබෙනවා.

 

ආරම්භක අවස්ථාවේ රෝගීන් වාර්තා වූ ප්‍රමාණය හා අද වන විට රෝගීන් වාර්තා වන ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මාර්තු 11 සිට මැයි 20 කාලය තුළ රෝගීන් 1000ක් වාර්තා වීමට දින 69ක් ගතවූවත් ඔක්තොබර් මාසයේ රෝගීන් 10,000-11,000 වාර්තා වන්නේ දින දෙකක කාලයක් තුළයි. මේ වන විට දින දෙක තුනක් තුළ රෝගීන් 1000ක් බැගින් වාර්තා වන තත්වයක් තිබෙනවා.

 

මෙහි බරපතළකම වන්නේ ආණ්ඩුව කුමන දෙයක් ප්‍රකාශ කළත් කලින් අවස්ථාවේදී රෝගීන් වාර්තා වූ ප්‍රදේශ හඳුනාගෙන එම ප්‍රදේශ ලොක්ඩවුන් තත්වයකට පත් කරලා රෝගය පැතිරීම වළක්වන්නට සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ කටයුතු කළා. මුල් අවස්ථාවේදී රෝගීන් නම් කරන ලද්දේ ගම්මාන ලෙසටයි. අටලුගම ගම්මානය, සුදුවැල්ල ගම්මානය, අකුරණ ගම්මානය ආදී වශයෙන් නම් කරනු ලැබුවා.

 

එහෙත් බ්‍රැන්ඩික්ස් පොකුර වාර්තා වූවාට පසුව එය සිදු වන්නේ අද පොලීසියෙන්, බන්ධනාගාරයෙන්, රෝහල්වලින්, වෛද්‍යවරුන්, හෙදියන්ගෙන්, නගර සභා සේවකයින්ගෙන්, රාජ්‍ය ආයතවලින් රෝගීන් වාර්තා වෙනවා. ප්‍රදේශයකට සීමා වූ තත්වය අද සමාජයේ විවිධ තැන්වලින් රෝගීන් වාර්තා වන මට්ටමට පැමිණ තිබෙනවා.

 

මේ නිසා ආණ්ඩුවේ උපක්‍රමය ඇඳිරි නීිති තත්වය ඉවත් කර රෝගය සමග ජීවත්වෙමින් වැඩ කිරීම බවට පත්ව තිබෙනවා. මෙය තුළ ජනතාව අතිශය පීඩාවට පත්ව තිබෙනවා. එකක් රෝග බිය. අනෙක් පැත්තෙන් ජීවිත අහිමි වීමේ බිය. අද වන විට බොහෝ දෙනාගේ ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. රෝගය පැතිරීමේ බියට ඔවුන්ට සමාජයට යාමට නොහැකි වී තිබෙනවා. මෙය කොතැනින් බෝ වේවිදැයි ආණ්ඩුව කියන්නේ නැහැ. එදා ආණ්ඩුවේ මාධ්‍ය හා ආණ්ඩුවට හිතවත් මාධ්‍ය රෝගීන් හමු වන විට බ්‍රේකින් නිවුස් ඉදිරිපත් කළා. අද මියයන ප්‍රමාණය ගැනවත් එවැනි තත්වයක් නැහැ.

 

අද ආණ්ඩුව කියන්නේ ජනතාව සහ මාධ්‍ය මෙහි වගකීම භාරගත යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බලයට ගෙනාපු ජනතාවත් එම ක්‍රියාවලියට උදව් කරපු මාධ්‍යත් මෙහි වරදකරුවන් කරන්න ආණ්ඩුව උත්සාහ කිරීම සරදම්කාරී තත්වයක්. දැන් රෝගයේ භයානකකම ජනතාවටත් අමතක වී තිබෙනවා, ඇත්තටම ආණ්ඩුව විසින් අමතක කරවා තිබෙනවා. තොණ්ඩමන් අවමඟුලේ සිට ගත වූ කාලය තුළ දවසකට රෝගීන් 1000කට ආසන්න තත්වයක් වාර්තා වන තත්වයකට රට පත්වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි. ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කළ බව අප අමතක නොකළ යුතුයි.

 

අද වන විට ජනතාව කබලෙන් ලිප වැටී තිබෙනවා. නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශවල ජනතාවගේ ආදායම් මාර්ග විශාල ප්‍රමාණයක් ඇණහිට තිබෙනවා. ආණ්ඩුව ආර්ථික පවත්වා ගෙන යමින් රෝගය පාලනය කරනවායැයි කීවත් ආණ්ඩුව රෝගය පාලනය කර හෝ ආර්ථිකය පවත්වාගෙන යාමේදී ජනතාවට සාධාරණයක් ඉටුකර නැහැ. මේ නිසා ඇති වී තිබෙන බරපතළ ගැටලුව වන්නේ, දැන් ආණ්ඩුව ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාවට රෝගයේ වගකීමත් පීඩාවත් භාර දී තමන්ගේ හිතවත් ගජමිතුරු ව්‍යාපාරිකයින්ට මෙම වසංගතය වසන්තයක් බවට පත් කර දී තිබීමයි. ආණඩුව බලයට ගෙන්න උදව් කළ අයට මේ ව්‍යසනයෙන් ආදායම් ඉපදවීමට අවස්ථාව ලබා දී තිබෙනවා.

 

මෙවැනි තත්වයන් මීට කලින්ද අප දැක තිබෙනවා. අපටත් ජනතාවටත් සාධාරණ සැකයන් මේ තුළ මතු වෙන්නේ මේ නිසා තමයි. ආණ්ඩුව වගකීම් විරහිතව කටයුතු කරමින් රෝගය හිඟන්නාගේ තුවාලය බවට පත් කරගැනීමක් සිදුකර තිබෙනවාදැයි සැක මතුවනවා. සුනාමි ව්‍යසනය සිදුවූ අවස්ථාවේ අරමුදල් වංචා කළ බවට රාජපක්ෂවරුන්ට ප්‍රබල චෝදනා එල්ල වුණා. ඒ වගේම මාවිල් ආරු වගා වන්දි ගෙවීම්වලදී  වංචා සිදු කළ බවට චෝදනා ගැුනුණා. දැන් එවැනි වාතාවරණයක් කොවිඞ් අරමුදල් සම්බන්ධයෙන්ද පැනනැගෙමින් තිබෙනවා. එදා සුනාමි අරමුදල්වලදී කොල්ලකෑම් සිදු වූයේ ව්‍යසනයෙන් පසුවයි. දැන් කොවිඞ් අරමුදල සම්බන්ධ ප්‍රශ්න, ඊට අදාළ උපකරණ ගෙන්වීමේදී සිදු වන වංචා, විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වීමේ ගැටලු කොවිඞ් වසංගතය අතරතුරම ඇති වෙමින් තිබෙනවා. අද මේ වසංගතය ඇතැමුන්ට සොරාකෑමට වසන්තයක් බවට පත්ව තිබෙනවා. ලැජ්ජා සහගත තත්වය වන්නේ එය ජනතාව වෙනුවෙන් කරන මානුෂික කටයුත්තක් ලෙස අර්ථ දක්වන්න උත්සාහ දරමින් තිබීමයි. මෙය ජනතාවට බෙදන බඩු මල්ලේ සිට ප්‍රතිදේහ පරීක්ෂා කරන කට්ටල් ගෙන්වීම දක්වා මෙම වංචා සිදුවෙමින් තිබෙනවා.

 

මෙම වසංගතයෙන් ඍජුව සහ වක්‍රව පීඩාවට පත් වන ජනතාවට සාධාරණය ඉටු විය යුතුව තිබෙනවා. නමුත් සිදුවෙමින් තිබෙන්නේ ආණ්ඩුව තමන්ට බලයට ඒමට උදව් කළ ගජමිතුරන්ට ලාභ උපදවා ගැනීමට අවස්ථාව ලබාදී තිබීමයි. මෙහි මානුෂික යැයි හඟවමින් සිදුකරන අමානුෂික ස්වභාවය හෙළිදරව් කිරීම රටට ආදරය කරන සියලු දෙනාගේ වගකීම වනවා.

 

රුපියල් 5000 බඩුමල්ල තුළ භාණ්ඩවල වටිනාකම ඊට බොහෝ අඩු බව ජනතාව අපට පැමිණිලි කොට තිබෙනවා. ඔවුන් එම භාණ්ඩවලට අදාළ මිල ගණන් ඉල්ලා සිටි විට ලැබී තිබූ බිලක භාණ්ඩවල ඇත්තේ ආණ්ඩුවේ පාලන මිල නෙමෙයි. බඩු ලයිස්තුව පුංචි කර ඇත්තේ ඒවායේ මිල ගණන් විශාල ලෙස ඉහළ නැංවීමෙනුයි. පහුගිය 05වැනිදා ලංකාදීප පුවත්පත වාර්තා කර තිබුණේ මීගහවත්ත ප්‍රදේශයේ බෙදන ලද බඩුමල්ලක බඩුවල වටිනාකම රු. 2900ක් බවයි. මෙය නිදසුනක් පමණයි. අද වන විට මෙය සමාජය පුරා සාකච්ඡාවට ලක්වන කාරණයක්. රු. 5000 ලබාදීමේදී හා අනු පවුල් තෝරාගනීමේදී විශාල අක්‍රමිකතා සිදුවී ඇති බවටද වාර්තා පළවනවා. ආණ්ඩුව මෙම කටයුතු මෙයට වඩා වගකීම් සහගත ලෙස සිදු කළ යුතුව තිබෙනවා.

 

කොවිඞ් අරමුදල පිළිබඳව පළමුවෙන් සාකච්ඡා වීමේදී විශාල ලෙස කථාබහට ලක්වුණා. මුදල් දෙන අය ගැන, මුදල් ප්‍රමාණය වාර්තා වුණෘ. අද වන විට අරමුදල ගැන කථා වෙන්නේ ඉතාම අඩුවෙන්. මෙම අරමුදලේ රු. මිලියන 1660 ගණනක් තිබෙන බව ඬේලිමිරර් පුවත්පත වාර්තා කළා. ඒත් වියදම් කර තිබෙන්නේ මිලියන හාරසිය ගණනක්. ඉතිරි මිලියන 1200 ගණනට සිදුවන්නේ මොකක්ද? මේ ගැන ආණ්ඩුවේ සැලැස්ම මොකක්ද? ආණ්ඩුව එම ඉතිරි මුදලින් ජනතාවට දෙන සහනය කුමක්ද? එම වියදම් ශීර්ෂවල පවා තිබෙන්නේ නිශ්චිතභාවයක් නෙමෙයි; දැනුවත් කිරීමේ වැඩසටහන් ආදී රවුම් ඉලක්කම් දාගත් එකක්. මෙම අරමුදල විගණනයක් සිදු වන්නේ නැහැ. මිනිසුන්ට ඒ පිළිබඳව දැනගැනීමේ ක්‍රමයක් නැහැ. අද ආණ්ඩුව අරමුදලේ වත්මන් තත්වය ගැන ජනතාවට කියන්නේ නැහැ. එම නිසාම එයින් වංචා දූෂණ සිදුවිය හැකි බවට ජනතාවට හැඟෙන්නට ඉඩ තිබෙනවා.

 

ඊළඟ කාරණය විදෙස්ගත වූවන් ගෙන්වීමේදී සිදුවන ගුවන් ටිකට්පත් වංචාවයි. රැකියාවලට ගිය අය, ඉගෙනගැනීමට ගිය අය, දරුවන් බැලීමට ගිය අය, ප්‍රතිකාර ගැනීමට ගිය අය ලෙස විදෙස් ගත වූවන් කණ්ඩායම් ගණනාවක් සිටිනවා. අද ඔවුනට ආපසු ලංකාවට පැමිණීමට නොහැකිව සිටිනවා. එහි ප්‍රධාන හේතුවක් වන්නේ ගුවන් ටිකට්පත්වල මිල ගණන් ඉහළයාමයි. අද එය සිදුවන්නේ ජාවාරමක් ලෙසයි. ඉතාලියෙන් යුරොපයෙන් යුරෝ 400-600ට පැමිණීමට තිබූ ගුවන්වාරයක් වෙනුවෙන් අද යුරෝ 1200-1300ක් දීමට සිදුව තිබෙනවා. පවුලේ දෙතුන්දෙනෙක් පැමිණීමට සිටීනම් කෙනෙකුට එය දරා ගැනීමට නොහැකි විශාල මුදලක්. පැමිණීමට තිබෙන විකල්ප ගුවන් සේවාවන් අතිහිටුවා, ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් ගෙන්වීමට ගුවන් ටිකට්පත් සමාගමකට අවස්ථාව ලබා දී තිබෙනවා. එම ගුවන් ටිකට්පත් සමාගම ආණ්ඩුවට උදව් කළ ව්‍යාපාරිකයන්ට අයත් සමගමක්.

 

මෙසේ අධික වියදම් දරා ලංකාවට පැමිණි පසුව සිදුවන නිරෝධායන ක්‍රියාවලියත් සූදුවක් බවට පත්ව තිබෙනවා. රජයට අයත් ස්ථානවලට යාමට එම මගීන්ට අවස්ථාව දෙන්නේ නෑ. ඔවුන්ව යවන්නේ ආණ්ඩුවට හිතවත් ව්‍යාපාරිකයන් සතු හෝටල්වලටයි. මේ ගජමිතුරන්ට මගීන් ගෙන්වීමේ ගුවන් ටිකට්පත් ව්‍යාපාරය, හෝටල්වල නිරෝධායන කිරීමේ ව්‍යාපාරය ලබා දී තිබෙනවා.

 

ආණ්ඩුව මෙම ක්‍රියාවලිය සිදුවන්නේ අහම්බයකින් නෙමෙයි. එවා දේශපාලන බලපෑමකින් තොරව සිදු වනවායැයි විශ්වාස කිරීමට තරම් මේ රටේ මිනිසුන් මෝඩයින් නෙමෙයි. මෙවැනි ව්‍යසනයන් ලාභ ලබන ව්‍යාපාර බවට පත් කර ගත් ඉතිහාසයක් තුළ එහෙම හිතන එක සාධාරණයි. නිරෝධනයට ලක්වූ ජනතාවට විශාල නම් තිබෙන හෝටල්වල විශාල වියදම් දරමින් අවම පහසුකම් යටතේ ඉන්න සිදුවුණා. මුදල් ගෙවා තිබියෙදීත් පීසීආර් පරීක්ෂණ සිදු කිරීමට නැවත මුදල් ගෙවීමට ඔවුනට සිදුව තිබුණා. අදටත් එම දේ සිදුවෙමින් තිබෙනවා. ඔවුන් විරෝධය පෑමෙන් පසු රජයේ නිරෝධායන මධ්‍යස්ථානයකට ගිය පසු අසාධාරඛකම්වලට ලක්වූ අවස්ථාද වාර්තා වනවා.

 

දැන් අලුතින්ම කථාබහට ලක්ව තිබෙන්නේ ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල ගෙන්වීමේ ක්‍රියාවලියයි. ලංකාවට සෞඛ්‍ය උපකරණ හෝ ඖෂධ ආනයනය කිරීමේදී ජාතික ඖෂධ නියමන අධිකාරිය මගින් අනුමත වී තිබිය යුතුයි. නමුත් ප්‍රතිදේහ පරීක්ෂණ කට්ටල ලංකාවට ගෙන්වූ ව්‍යාපාරික සමාගම කට්ටල ලක්ෂ 02ක් ආනයනය කර තිබෙන්නේ මෙම අනුමැතිය ලැබීමෙන් තොරවයි. සමාජයෙන් මෙම ගැටලුව මතුවෙද්දී මෙම ගජමිතුරු ව්‍යාපාරිකයින් කියන්නේ තමන් මානුෂික කටයුත්තක් සිදු කරමින් සිටින බවයි. අද අපට පෙන්නේ මෙම ක්‍රියාවලිය සිදුවී තිබෙන්නේ එසේ නොවන බව අපට පේනවා. ජෝර්ජ් ස්ටුවට් සමාගමේ සභාපති දිලිත් ජයවීර  කියන්නේ, මෙසේ මානුෂික ක්‍රියාව ප්‍රතිදේහ පරීක්ෂා කිරීමේ පරීක්ෂණ කට්ටල ගෙන්වීමේලිය තුළ සිදුකරන දෙයක් බවයි.

 

ආණ්ඩුව එම උපකරණ මිලදී ගන්නේද නොගන්නේද යන්නත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය ආණ්ඩුව ප්‍රකාශයට පත්කරන්න කලින් එවැනි උපකරණ ගෙන්වීමම ගැටලු සහගතයි. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම උපකරණවලට අදාළ අනුමැතිය දුන්නේ ඊයේ (10) දිනයි. එම අනුමැතියට පෙර ගෙන්වීමේ කටයුතු සිදුවූයේ කෙසේද? ජාතික ඖෂධ නියාමන අධිකාරිය පූර්ව අනුමැතියක් ලබා දී නොතිබියෙදී රේගුව විසින් ඒවා නිදහස් කර තිබුණේ කොහොමද? ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා තමන්ගේ යාළුවෙක් බව ඔවුන්ම කියනවානම් ඒකම ඇති මේ යාළුකම් තුළ සිදුවන සිදුවීම් තේරුම් ගන්න. මේ උපකරණ කට්ටලවල වලංගුතාවය නොසුදුසු වූයේනම් මේ ගෙන්වීම අදාළ වගකීම බාර ගන්නේ කවුද? ගෙන්වන ව්‍යාපාරිකයින්ට වගකීමක් නොතිබිය හැකියි. ඔවුන්ට ජනතාවගේ ජීවිතවලට වඩා මුදල්වල වටිනාකම වැඩියි.

 

අද ආණ්ඩුව මේ පිළිබඳව කුමක් කියන්නේදැයි ජනතාව දැනගැනීමට කැමතියි. මෙය මිනිස් ජීවිත සමග සිදුවන්නක් නිසා නිසි ක්‍රමවේදය මඟහැරීමේ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතුයි. වෛද්‍ය උපකරණ හිතුවක්කාර ලෙස ආනයනය කිරීමට නොහැකියි. ලෝක සෞඛ්‍ය සංවිධානය මෙවැනි කට්ටල පරිත්‍යාග කිරීමට සූදානම් බව කියනවා. එම ක්‍රියාවලිය වේගවත් නොකොට, නෙදර්ලන්තයෙන් ආනයනය කරන ලද කට්ටල තොගයක් රේගුව භාරයේ තිබියෙදී මෙම පෞද්ගලික සමාගමට මෙතරම් ඉක්මණින් අවසරය හිමි වූයේ දේශපාලන බලපෑම්වලින් නොවේයැයි කිසිවෙකුත් විශ්වාස කරන්නේ නැහැ.

 

මෙම ඇතිවෙමින් තිබෙන තත්වය ජනතාවගේ පාර්ශ්වයේ සිට බැලීමේ වගකීමක් අපට තිබෙනවා. වසංගතය හමුවේ පීඩාවට පත් ජනතාව සූරාකෑමට ලක් නොකර, කබලෙන් ලිපට වැටුණු ජනතාව ගින්දරෙන් පිළිස්සීමට නොදී මේ පිළිබඳ සම්පූර්ණ වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතුයි. ආණ්ඩුව මෙම කටයුත්තේදී වගකීම් සහගත විය යුතුයි. මෙම දුෂ්කර සමය තුළ අපි එකිනෙකා වගකීම් සහගත විය යුතු බවට අපි ජනතාවගෙනුත් ඉල්ලනවා. පක්ෂ භේදයෙන් තොරව අප මෙම ජාතික ව්‍යසනයෙන් මිදිය යුතුව තිබෙනවා. මේ ව්‍යසනය තමන්ගේ ලාභය බවට පත්කරගන්නවුන්ට තමන්ගේ විරෝධය පළ කරන ලෙසත් අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Leave A Reply

Your email address will not be published.