කොළඹ වරාය සේවකයන් ගණනාවකටම කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් එහි මෙහෙයුම් කටයුතු සැලකිය යුතු මට්ටමකින් අඩාල වී තිබේ.
මේ හේතුවෙන් වරාය මෙහෙයුම් පවත්වාගෙන යාම සඳහා විශ්‍රාම ගොස් සිටින වරාය සේවකයන් යළි සේවයට කැඳවීමට සොයා බලන බව වරාය සභාපති දයා රත්නායක සඳහන් කරයි. කොළඹ වරාය වෙත පැමිණෙන නෞකා විශාල ප්‍රමාණයක් වරාය පිටත නැංගුරම් ලා ඇත්තේ ද මෙහෙයුම් ප්‍රමාද වීමේ හේතුවෙන් බවද වාර්තා වේ.