බන්ධනාගාර ආශි‍්‍රතව වාර්තා වන කොරෝනා පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව අද වනවිට 506 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ, තවත් ආසාදිතයින් 68 දෙනෙකු බන්ධනාගාර තුලින් හඳුනා ගැනීමත් සමගයි. අලූතින් වාර්තා වූ ආසාදිතයින් අතරින් 41 දෙනෙකුම වාර්තා වන්නේ පැරණි බෝගම්බර බන්ධනාගාරයෙනි.
වැලිකඩ බන්ධනාගාරයෙන් ද ගතවූ පැය 24 දී එක් ආසාදිතයෙකු වාර්තා වී තිබේ.