topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නාමල් රාජපක්ෂ අමූලික බොරු කියනවා.

Image

“අගමැතිතුමා හම්බන්තොට වරායේ සේවකයෝ අස්කරන්න කිව්වා කියලා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා මගෙත් නම සඳහන් කරමින් මාධ්‍යවෙත ප්‍ර‍කාශ කරලා තිබුණා. ඒ ප්‍ර‍කාශය මම සම්පූර්ණයෙන්ම ප්‍ර‍තික්ෂේප කරනවා. අගමැතිතුමා එහෙම දෙයක් කිව්වේ නැහැ. මම මේ අමාත්‍යාංශයට එනකොට නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ තාත්තාගේ ඡන්ද ව්‍යාපාරවලට ගිය 582ක් සේවයෙන් ඉවත් කරන්න අපිට තිබුණා. නාමල් රජපක්ෂ  බඳවාගත් දෙසියක ප්‍ර‍මාණයක ළමයි අපිට අස් කරන්න තිබුණා. අගමැතිතුමයි, ජනාධිපතිතුමයි කවදාවත්  ඒක කරන්න කිව්වේ නැහැ. ඒනිසා මේ වගේ බොරු කියලා ජනප්‍රිය වෙන්න උත්සාහ කරන්න එපා….” යැයි  වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  පවසයි. ඔහුමේ බව කියා සිටියේ මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කළ තවත් ප්‍ර‍කාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවයි.

 

“පසුගියදා දිනක නාමල් රාජපක්ෂ මහත්තයා කියලා තිබුණා හම්බන්තොට වරාය හදන්න ගියේ ඩොලර් මිලියන 400 යි කියලා. නමුත් අපේ පොත්වල එම මුදල ඩොලර් මිලියන එක්දහස්  තුන්සිය හතලිස් හතක් විදියටයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ ඩොලර් මිලියන 1000කට කිට්ටු ගාණක් ගැන මේ නාමල් රාජපක්ෂ මහත්තයා දන්නේ නැහැ. මම ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකරලා මේ සම්බන්ධයෙන් ‍ සොයා බලන්න. ඉතිරි ඩොලර් මිලියන 1000 කොහේද ගියේ. සමහරවිට චීනයේ ඇති. අපි දැක්කා හිටපු ජනාධිපතිතුමාත් ගිවිසුම් අත්සන් කළ චින සමාගම් වලට ගියා. මේ නිසා නාමල් මන්ත්‍රීතුමාගේ කථාව ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමාගෙනුයි අගමැතිතුමාගෙනුයි ඉල්ලා සිටිනවා…..” යැයි පැවසූ අමාත්‍ය අර්ජුන රණතුංග  වැඩිදුරටත් කියා සිටියේ හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේදී රැකියා සුරක්ෂිත බව ගැන ඉහළින්ම සිතා බලන බවයි.

“අපි චීන සමාගම සමඟ වරාය අධිකාරිය පැත්තෙන් ගිවිසුම හදනකොට අපේ පළමු ඉල්ලීම වුණේ මේ රැකියාවල සුරක්ෂිත බව. අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලයේ තමයි මාගම්පුර වරාය හැදුවේ. මේ ළමයින්ට ආදරයක් තිබුණා නම් මහින්ද රාජපක්ෂ මහත්තයට තිබුණා මේ අයව වරාය අධිකාරියේ සේවකයින් ලෙස බඳවා ගන්න. නමුත් ඔවුන් එහෙම කළේ නැහැ. මාගම්පුර කියලා වෙනම සමාගමක් හදලා ඒකට තමයි මේ අය බඳවා ගත්තේ. ඒකත් ස්ථීර පත්වීමක් නැතුව. මේ තරුණ පිරිස වසර තුනක්  මහින්ද රාජපක්ෂ මහත්තයයි, නාමල් රාජපක්ෂ මහත්තයයි එක්ක දේශපාලනය කළා. නමුත්  වරාය අධිකාරියට එන්න අවස්ථාව දුන්නේ නැහැ. මම ඇවිල්ල තමයි ඔවුන්ගේ රැකියා පවා ස්ථීර කළේ. ඉදිරියේදී ඇති කරන සමාගමට මේ තරුණ පිරිස අනුයුක්ත කරන්න අපි කටයුතු කරමින් සිටිනවා. නමුත් එය කඩාකප්පල් කරලා මේ තරුණ පිරිස අතරමං කරන්න සංවිධානාත්මක පිරිසක් කටයුතු කරමින් සිටිනවා. ඒ සංවිධානාත්මක පිරිසට අනුව මේ තරුණ පිරිස ඉදිරියටත් කටයුතු කළොත් ඔවුන්ගේ රැකියා ස්ථිරත්වය ගැන මට එකඟ වෙන්න බැහැ…..” යැයිද අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

Leave A Reply

Your email address will not be published.