මහර බන්ධනාගාරයේ ඊයේ දිනයේදී ඇතිවූ නොසන්සුන්තාවය හේතුවෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. මහර බන්ධනාගාරයේ සිටින රැඳවියන් පළා යාමට උත්සහ දැරූ බවත් එහිදී බන්ධනාගාර නිලධාරීන් විසින් සිදුකළ වෙඩි තැබීමෙන් 08 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව ද බන්ධනාගාර අමාත්‍යවරිය පවසයි.