topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ගෝඨාභය ආණ්ඩුවේ විකිණීමේ පළමු පියවර වරාය විකිණීමයි.

අද දිනයේ මේ මාධ්‍ය හමුව පවත්වනු ලබන්නේ ඊයේ (14) දිනයේ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කළ කොළඹ වරායේ නැගෙනහිර ජැටිය පෞද්ගලීකරණය කිරීමේ කැබිනට් පත්‍රිකාව සම්බන්ධයෙන් රට හමුවේ කරුණු ඉදිරිපත් කරන්නයි. නව ලිබරල් ධනවාදය අපේ රටත් සමාජයත් ඉතා බරපතළ විදිහට අසමත් තත්වයට පත් කළ වටපිටාවක් තිබෙන්නේ. මුළු රටම දැවැන්ත ණය කන්දකට ගොදුරු කරලා. ඩොලර් ඌනතාවයක විශාල වශයෙන් හිරකරලා. 2019 අවසාන වන විට ණය බර රුපියල් බිලියන 14,000ක් පමණ වෙනවා. ඉන් විශාලම පංගුව විදේශ ණය බවට පත්වෙලා. මේ නිසා ණය ගෙවා ගන්න ණය ගැනීමේ අර්බුදයකට ආණ්ඩුව පත්වී තිබෙනවා.

 

විවිධ ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලින් ලංකාව ණය ගෙවීමේ නොහැකියාව සහිත රටක් බවට නම් කරලා. ඩොලර් ණය ගෙවීමට ණය ගැනීමේ හැකියාව තිබුණු සියලුම අංශ මේ වන විට ජාත්‍යන්තර වශයෙන් අහිමි වෙලා. මේ තත්ත්වය තුළ විශේෂයෙන්ම රට ගොදුරු කර ගන්න අධිරාජ්‍යවාදීන්ගේ මැදිහත්වීම ප්‍රබල වෙලා. රටේ සම්පත් අත්පත් කර ගැනීමේ උපායමාර්ගයක් හැටියට කුණු කොල්ලයට ඒවා විකුණා දමන්න ආණ්ඩුවට බල කෙරෙනවා.  විදේශ වත්කම් විශාල වශයෙන් අඩුවීම, ආර්ථික වර්ධන වේගය ඍණ බවට පත්වීම, විදේශ ශ්‍රමිකයන්ගේ ඉපයීම් සහ විදේශ සංචාරකයින්ගෙන් ලැබුණු ආදායම් බොහෝ දුරට අඩුවෙලා. මේ නිසා රට දැවැන්ත ණය අර්බුදයක ගිලී තිබෙනවා.

 

වර්තමාන රාජපක්ෂ පාලනයේම 2011 -2012 කාලයේ ලබාගත් ස්වෛරීත්ව බැඳුම්කර ණය කල්පිරෙන්නේ දැන්. 2020 ඔක්තෝබර් 04 ඩොලර් මිලියන 1000ක කල්පිරුණු බැඳුම්කර ණය ගෙව්වේ විදේශ වත්කම් සංචිතයෙනුයි. 2021 ජූලි 27 වැනිදාට තවත් ඩොලර් මිලියන 1000ක ස්වෛරීත්ව බැඳුම්කරයක් කල් පිරෙනවා. ඒක ගෙවීමට ලංකාවට ඩොලර් නැහැ. අත්‍යාවශ්‍ය ඉන්ධන, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ ආනයනය කිරීමට විදෙස් සංචිතයේ ඩොලර් ඕනෑ වෙනවා. මේ නිසා ආණ්ඩුව දැන් අත ගහන්නේ මෙතෙක් විකුණන්න බැරිවූ ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලියටයි. ඒ අතර, ඉතාම බරපතළව තිබෙන්නේ වරාය සහ ගුවන් තොටුපළයි.

 

ගෝලීය භූ දේශපාලනයේ ලංකාව පිහිටා තිබෙන්නේ ඉතා වැදගත් ස්ථානයක. ආර්ථික මර්මස්ථානයක. මේ අනුව ඉතාම වැදගත්වි තිබෙන්නේ අපේ රටේ වරාය සහ ගුවන් තොටුපලවල්. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය සමග කළ ගනුදෙනුවේදී අපේ රට ජාත්‍යන්තර වශයෙන් ඉතාම අපකීර්තියට පත්වුණා. ණය ගැනීමෙන් රටක් අසාර්ථක වීම පිළිබඳ උදාහරණයකට ගන්නේ මේ ගනුදෙනුවයි. චීනයෙන් ණය අරගෙන වරාය හදලා නැවත චීනයටම ලබාදුන්නා. දැන් ණයත් ආපසු අය කර ගන්නා අතර වරායත් අහිමි වෙලා. සමහර අප්‍රිකානු රටවල පාර්ලිමේන්තුවේ පවා මේ ගැන කතාවී තිබුණා. අසාර්ථක ණය උගුලක හිරවීමේ උදාහරණයක් හැටියට ශ්‍රී ලංකාව බොහෝ රටවල් විසින් පෙන්වනවා.

 

රටක් හැටියට එවැනි පසුබිමක් තිබියදී කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමේ සූදානමක් වෙනුවෙන් බලය ආණ්ඩුව යොදවනවා. මේක ජාතික සම්පත් විකිණීමේ පෙර ගිවිසුම් අහෝසි කරන බව කියලා බලයට ආව ආණ්ඩුවක්. චීන වරාය ගිවිසුම අහෝසි කරන බව එදා විපක්ෂයේදී කීවා. තමන්ට ඡන්දය දුන් ජනතාවගේ, වෘත්තිය සමිතිවල හඬට පිටුපාලා කටයුතු කරමින් ඉන්නවා. වරාය අධිකාරයේ ආදායම ප්‍රමාණවත් නැති නිසා, නැගෙනහිර ජැටිය සංවර්ධනය කරන්න හැකියාවක් නැති බවයි ආණ්ඩුව කියන්නේ.

 

ආසියාවේ දැවැන්තම වරායක් හැටියට කන්ටේනර් මෙහෙයවමින් විශාල ආදායමක් ලබපු, ලාභ ලබපු මේ වරාය ඔවැනි තත්වයකට පත්වුණේ සේවකයන්ගේ වරදක් නිසා නෙමෙයි. ඒ සම්පූර්ණ වගකීම රට පාලනය කළ ආණ්ඩු විසින් බාරගන්න ඕනෑ. චීනයට කොටසක් මේ වන විටත් ලබාදීලා. තවත් කොටස් කීපයක් මීට පෙර පෞද්ගලීකරණය කළා. චීනයට කොටසක් ලබාදෙත්දිත් අපි පක්ෂයක් හැටියට විරුද්ධ වුණේ කොළඹ වරායේ ආදායම බරපතළ විදිහට බිඳවැටෙන නිසයි. රෝහිත අබේගුණවර්ධන වරාය හා නාවික ඇමතිවරයා මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරමින් ඔවුන්ම කළ වැරදි පිළිගත්තා. කොළඹ වරායේ ණය ගෙවීමේ හැකියාව තවදුරටත් නැති බව එයින් කියනවා.  වරාය අධිකාරියේ වාර්ෂික ඉපැයීම් වලින් 24.8%ක ණය පංගුවක් ගෙවන බව ඔවුන්ම කියනවා. ආසන්න වශයෙන් රුපියල් බිලියන 11ක් දේශීය වශයෙන් ණය ගෙවනවා. මේ ණය බර පැටවුණු හැටි වාර්ෂික වාර්තාවලින් පැහැදිලිව දකින්න පුළුවන්.

 

වරායට තවත් තරගකාරී ආයතන නැහැ. ශ්‍රී ලංකා රජයට තනි අයිතියක්ව තිබුණු වරාය අධිකාරියේ කොටස් දැන් විකුණමින් යනවා. චීනයට විකුණු පර්යන්තය නිසා ආදායම අහිමිවෙලා තියෙනවා නම්, නැගෙනහිර පර්යන්තය විකුණුවාට පස්සේ ඉතිරි ටිකත් නැතිවෙනවා. මීට කලින් නැගෙනහිර ජැටිය සම්බන්ධ යෝජනාව ගෙනාවේ ජපානය, ඉන්දියාව සම්බන්ධ පවුල් සමාගමක් පිහිටුවා ශ්‍රී ලංකා රජයට 51%ක අයිතිය සහිතව ලබාදෙන බවයි. කලමනාකාරිත්වය ඒ නව සමාගම විසින් මෙහෙයවන කොන්දේසි තිබුණේ. අයිතිය ශ්‍රී ලංකාවට තබාගෙන සමාගමට ඒ ණය ගෙවීම ගැන සැලසුම් තිබුණා. අපි ඒ අවස්ථාවේත් පෙන්වා දුන්නේ ණයක් හෝ අරගෙන බ්‍රැන්ටි දොඹකර සවිකර, මෙහෙයුම් පුළුල් රජය යටතේ පවත්වාගෙන යන්නයි.

 

නමුත් ඒ ආදායම් අහිමිකරගෙන මුලින් කී ජපාන-ඉන්දියානු හවුල් සමාගමක් වෙනුවට ඉන්දියාවෙන් නම් කළ ‘අදානි’ සමාගමට නැගෙනහිර ජැටිය විකුණන්න මේ කැබිනට් පත්‍රිකාවෙන් අවස්ථාව ලබාගෙන තිබෙනවා. මේ කැබිනට් පත්‍රිකාවෙන් කිසිම විවෘතභාවයක් නැතිව ඉන්දියාවේ ‘අදානි පෝර්ට් ලොජිස්ටික් ගෲප් ’ සමාගම නම්කරලාම තිබෙනවා. ඒ වගේම ‘අදානි’ සමාගම ගැන විශාල කයිවාරුවකුත් කැබිනට් පත්‍රිකාවේ දැක්වෙනවා. මේ සමාගම ඉන්දීය කන්ටේනර් මෙහෙයුම්වලින් 30%ක් සම්පූර්ණ කරන බවත්, කන්ටේනර් ටර්මිනල් 6ක් තිබෙන බවත්, ඒ නිසා ඔවුන්ට දිය යුතු බවත්, කැබිනට් පත්‍රිකාවේ දැක්වෙනවා. ඉන්දියානු සමාගමක මේ සුදුසුකම් අපේ නැගෙනහිර ජැටිය දෙන්න සුදුසුකමක් වෙන්නේ කොහොමද? ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි එක රටක් නොවේ. ශ්‍රී ලංකාව ස්වෛරී රාජ්‍යයක්. අපේ වරාය පිළිබඳ කැබිනට් ඇමතිවරයා ඉන්දියාවේ වරාය පිළිබඳ කැබිනට් ඇමතිවරයා නොවෙයි. නමුත් රෝහිත ගුණවර්ධන අමාත්‍යවරයා ‘අදානි’ සමාගම නියෝජනය කරමින් මේ ගනුදෙනුවට එන්නේ ඇයි කියලා අපි සොයා බලන්න ඕනෑ. ලංකාවේ භූ දේශපාලනය නිසා අපේ රට යටත් කිරීමේ මෙහෙයුම්වල කොටසක් මේක.

 

මීට කලින් ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ලංකාවට ආවා. ඊට පස්සේ ඉන්දියානු ආරක්ෂක ප්‍රධානීන් ආවා. මෙතන තිබෙන්නේ වරාය සම්බන්ධයකින් එහා ගිය රට ගොදුරක් බවට පත්වීමේ හැකියාවක්. අපි අවධාරණය කරන්නේ ජාතික සම්පත් විකිණීමටත් එහා ගිය රටේ ආරක්ෂාව පිළිබඳවත් ප්‍රශ්නයක් බවට පත්වෙන බවයි. වරාය වෘත්තිය සමිති සහ සේවකයන් වරාය දියුණු කිරීමේ සංවර්ධන සැලසුම් විධායක නිලධාරීන්ගේ සංගමය විසින් ඉදිරිපත් කර තිබෙනවා. අපේ අයිතිය යටතේ විශාල වශයෙන් ආදායම් ඉපයීමේ හැකියාව තිබියදී විකුණන්න තීරණ ගැනීම ඉතාම බරපතළ තත්වයක්. කොරෝනා වසංගතය යටතේ වුණත් ජනතාව මෙය නොසලකා හැරිය නොහැකි දෙයක් හැටියට බාරගනියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

 

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විකිණීමේ ක්‍රියාවලිය අරඹන පළමු පියවර මේ වරාය මේ වරාය විකිණීමයි. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික, පුල්මුඩෙයි ඛනිජ වැලි නිධිය, එප්පාවල පොස්පේට් නිධිය සහ දැනට ඉතිරිවෙලා තිබෙන ආර්ථික වශයෙන් වැදගත් සියලුම සම්පත් විකිණීමේ කටයුත්තට ආණ්ඩුව අත ගහනවා. මීට විරුද්ධව එකතු විය හැකි සියලු ප්‍රගතිශීලි බලවේග නිහඬ නොවිය යුතුයි.

 

නැගෙනහිර ජැටිය වගේම ගාලු වරායට අයත් ඉඩම් විකිණීමටත් මේ වන විට සූදානම් වෙනවා. ඒ නිසා දේශප්‍රේමී ජනතාව මේ තීන්දුව අකුළා ගන්නා හැටියට බල කරන්න ඕනෑ. ඒ සඳහා අපට පක්ෂයක් ලෙස කළ හැකි සියලු ක්‍රියාමාර්ගවලට යනවා. මේ මංකොල්ලයට එරෙහිව, ජාත්‍යන්තර භූ දේශපාලනයේ රට අනාරක්ෂිත කරන වෑයමට එරෙහිව පෙළගැහෙන්න කියලා අපි ජනතාවට ආරාධනා කරනවා.

 

ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සුනිල් හඳුන්නෙත්ති.

Leave A Reply

Your email address will not be published.