රජ්‍ය වැටුප් සහිතව ඌව පළාත් ප්‍රධන අමාත්‍ය චාමර සම්පත් දසනායක විසින් පත්කරගෙන සිටි උපදේශකයන් අට දෙනෙකු වෙනුවෙන් වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදන ජනාධිපති වරයාගේ නියෝගය මත පළාත් ආණ්ඩුකාර එම්.පී ජයසිංහ විසින් අතහිටුවා ඇති බව සදහන් වේ.
චාමර සම්පත් දසනායක මහඇමැති ධූරයට පත්වීමත් සමගම මෙම උපදේශකයන් අට දෙනා පත් කරගනිමින් නීති විරෝධී රාජ්‍ය මුදල් වෙන්කර ගනිමින් මොවුනට වැටුප් ගෙවා ඇත. පළාත් මහ ඇමැතිවරුන්සදහා රජ්‍ය ප්‍රතිපාදන මත උපදේශකවරුන් පත් කර ගත නොහැකි වන සේ කැබිනට් මන්ඩලය විසින් චක්‍රලේකනයක් පවා නිකුත් කර තිබියදී ඌව මහ ඇමැතිවරයා විසින් නීති විරෝධී කටයුත්ත සිදු කර ඇත.