topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කරනු! රටපුරා විරෝධතා.

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් කඩිනමින් ස්ථිර කරන ලෙස ඉල්ලා ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය විසින්  ජාතික විරෝධතා දිනයක් ලෙස දෙස‍ැම්බර් 21 (අද) නම්කර තිබිණි. ඒ නෙුවෙන් රටපුරා විරෝධතා සංවිධානය කර තිබූ අතර එහිදී අදහස් දැක්වූ එහි ලේකම් ධම්මික මුණසිංහ මෙසේ සදහන් කරන ලදි.

‘‘ආණ්ඩුව සංදර්ශන පවත්වමින් සිටිනවා විනා 2019 බදවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් ස්ථිර කරන දිනයක් හෝ ප‍්‍රකාශ කරල නෑ. රාජ්‍ය සේවා ඇමති, ලේකම් මාධ්‍යවලට ඇවිත් විවිධ කතාන්දර කියනවා. නමුත් ප‍්‍රශ්නය එක තැන. අපි කියන්නේ පත්වීම් ලබා වසරක් ගතවන දිනට පසුදාතම කර ස්ථිර කරන ලෙසයි’’

අද දින 2019 අගොස්තු මස සහ සැප්තැම්බර් මස රාජ්‍ය සේවයට බදවා ගන්නා ලද අභ්‍යාසලාභී උපාධිධාරීන් මේ වනවිට සිය පුහුණු කාලය වන වසර සම්පූර්ණ කර මාස 4ක් ගතව ඇතත් ස්ථිර නොකිරීම සම්බන්ධව ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය  දිස්ති‍්‍රක් 19ක විරෝධතා සංවිධානය කර තිබිණි.

මෙම උපාධිධාරීන් රුපියල් 20000ක සොච්චම් දීමනාවකට දැනටමත් රාජකාරී කටයුතු කරන අතර හිමි ප‍්‍රසූත නිවාඩු ඇතුලූ අයිතීන් පවා කප්පාදු කර ඇති බවද ධම්මික මුණසිංහ පවසයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට කොළඹ දිස්ති‍්‍රක් විරෝධතාව පවත්වන ලද අතර අනෙක් දිස්ති‍්‍රක්වල දිස්ති‍්‍රක් ලේකම් කාර්යාල ඉදිරිපිට විරෝධතා පවත්වන ලදී. විරෝධතා අවසානයේ දිස්ති‍්‍රක් ලේකම්වරුන් වෙත සංදේශ බාරදෙන ලදී.

…ගමගේ…

Leave A Reply

Your email address will not be published.