topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොවිඞ් මර්දන ක්‍රියාකාරකම්වලට පසුවිපරමක් ඕනෑ.

කොරෝනා වසංගතය වේගයෙන් රට තුළ පැතිරෙන බව පැහැදිලියි. පවතින තත්වය ගැන සාකච්ඡා කරනවා නම්, කොළඹ දිස්ත්‍රික්කය තුළ පසුගිය කාල සීමාව තුළ විශාල වශයෙන් වැඩිවීමක් තියෙනවා. මුලින් වාර්තා වී තිබුණේ 6903යි. නමුත් දැන් වෙනකොට 15,168ක් වාර්තා වෙනවා. පසුගිය සති හතර ඇතුළත දෙගුණයකට වඩා වාර්තා වෙලා. මේක බරපතළ තත්වයක්.

 

ඒ එක්කම එංගලන්තයේ අලුතින් වෛරස් ප්‍රභේදයක් සැප්තැම්බර් සිට හඳුනාගෙන තිබෙන බව වාර්තා කළා. ලන්ඩන් නගරය සහ ගිනිකොනදිග එංගලන්තය ලොක්ඩවුන් තත්වයට පත් කළා. යුරෝපයේ බොහෝ රටවල් ලන්ඩන්වලින් එන ගුවන් යානා අත්හිටුවා තිබෙනවා. ශීත කාලසීමාව තුළ ලෝකය පුරාම රෝගය පැතිරීමේ වේගවත් බවක් පේනවා. ශ්‍රී ලංකාව තුළත් දෙවැනි රැල්ල වැඩිපුර ව්‍යාප්ත වෙමින් තිබෙනවා.

 

වසංගත රෝග විද්‍යාඥවරයෙක් හැටියට මම දකින ප්‍රධාන කාරණා තුනක් තිබෙනවා. ලෝකයේ අනිකුත් රටවල් භයානක තත්වයකට පත්වී තිබෙන්නේ මරණ සංඛ්‍යාව සීඝ්‍රයෙන් වැඩිවීමෙන්. වසංගත රෝගයක් පැතිරිම යම්කිසි අවස්ථාවක දෙගුණ තෙගුණ වී මරණ සංඛ්‍යාව වැඩිවීමට ඉඩ තිබෙනවා. පසුගිය සති 10ක කාල සීමාව තුළ ආසාදිතයින් 13ගුණයකින් වැඩිවෙලා. මේ නිසා මරණ සංඛ්‍යාව ඉදිරියේදී වැඩිවීමේ අනතුරක් තිබෙනවා. මේ වෙලාවේ වැදගත්ම දේ මරණ සිදුවීම අවම කර ගැනීමයි. වැඩිපුර මිය යන්නේ වෙනත් රෝග තිබෙන අය බව වාර්තා වෙනවා. මේ කණ්ඩායම අපි හඳුනාගෙන ඉන්න පිරිසක්. බෝ නොවන රෝගවලට ගොදුරුවෙලා ඉන්න මේ පිරිස මරණයෙන් වළක්වා ගන්නට නිශ්චිත ක්‍රියාමාර්ග ගන්න ඕනෑ.

 

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ 2016 සමීක්ෂණ අනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් කෙනෙක් අධි රුධිර පීඩනයෙන් පෙළෙනවා. හයදෙනෙකුගෙන් එක් කෙනෙක් හෘද රෝගයකින් නැතිනම් කොලෙස්ටරරෝල්  නැතිනම් දියවැඩියාවෙන් පෙළෙනවා. සමහර අයට එක රෝගයකට වඩා වැඩි සංඛ්‍යාවක් තිබෙනවා. කොරෝනා වසංගතය නිසා මේ අයගේ ජීවිත අවදානම වැඩියි.

 

දෙවැනි කාරණය මේ වෙනකොට 8800කට වැඩි පිරිසක් රෝහල්ගත වෙලා ඉන්නවා. පසුගිය සති 10ක් පුරාම රෝහල් කාර්ය මණ්ඩල බරපතළ වෙහෙසකාරී තත්වයකට පත්වෙමින් ඉන්නවා. ආසාදිතයන් රැකබලා ගැනීමේදි මේ වෙහෙසකාරී තත්වය බරපතළ ප්‍රශ්නයක්. ඒ නිසාත් රටක් හැටියට මේ රෝහල් පද්ධතිය ආරක්ෂා කර ගැනීම ගැන බැරැරුම් සාකච්ඡාවකට යන්න ඕනෑ. එහෙම නැත්නම් නිශ්චිත අවස්ථාවකදී රෝහල් කාර්ය මණ්ඩලය අකර්මණ්‍ය වෙන්න පුළුවන්.

 

ඊළඟට අපේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විශාල වශයෙන් අඩපණ වෙලා තිබෙනවා. ඒ නිසා ඉතා ඉක්මණින් දරුවන්ගේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙන් මුදවා ගන්න ඕනෑ. සෞඛ්‍ය අමාත්‍යාංශයට කිහිපවරක්ම යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. දැනට කරගෙන යන කාර්යයන් පිළිබඳව නැවත විමසා බැලීමක් කරන්න කියලා රටක් හැටියට පවතින තත්වය තේරුම් අරගෙන වෙනස්කම් කරන්න මෙය ඉතා අත්‍යවශ්‍යයයි. එන්නතක් රටට ගෙන ඒම ගැන සාකච්ඡා වෙමින් තිබුණත් ඉක්මනින් ලැබෙයි කියලා හිතන්න බැහැ. ඒ නිසා දැනට ගෙනයන ක්‍රියාකාරකම් දෙවැනි රැල්ලත් එක්ක ප්‍රමාණවත් බව පැහැදිලි වන්නේ නැහැ. දැනට හුදකලා කරන්නේ වෛරසය ආසාදනය වූ බව හඳුනාගත් ප්‍රදේශවල. නමුත් අවදානම් සාධක අලුතින් හඳුනාගන්නේ නැතිව හුදකලා කිරීම් පමණක් ප්‍රයෝජනවත් නොවේවි.

 

ජාතික විද්වත් සංවිධානය හැටියට අපි යෝජනා කරන්නේ දැනට කරන ක්‍රියාකාරකම් ගැන වහාම පසුවිපරමක් කරන්න කියලා. පසුවිපරමෙන් හඳුනාගන්නා කරුණු පිළිබඳව නැවත අවධාරණය කරන්න ඕනෑ.  රෝගය වළක්වා ගැනීම ගැන ජනතාවට අවධාරණය කරනවා වගේම ජනතාවගේ භාරකාරත්වය ස්වේච්ඡාවෙන් ලබාගත් ආණ්ඩුවට විශේෂ කාර්යභාරයක් තිබෙනවා. ඒ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගනිමින් එදිනෙදා කාර්යයන්වලට අවශ්‍ය පහසුකම් ලබාදීමයි. ඒ නිසා ආණ්ඩුව ඍජුව මැදිහත්වෙලා වසංගතය පාලනය කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කරන්න ඕනෑ. එහෙම නොවුණොත් බරපතළ ප්‍රශ්න ගණනාවකට ඉදිරියේදී මුහුණ දෙන්න වේවි.  බටහිර රටවල් මෙයට මුහුණ දෙන්නේ ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් වේගවත් කරගනිමින්. එන්නත්, සැනිටයිසර් සහ මාස්ක් නිෂ්පාදන වඩාත් පුළුල් තලයකට ගෙනැවිත්.

 

ඒ පසුබිමේ ඉඳලයි නිශ්පාදන ආර්ථිකයක් ගෙනයන්නේ. එහෙම නොවෙන නිෂ්පාදනයක් නැති අපේ රට බටහිර රටවල් අනුගමනය කරන ක්‍රියාමාර්ග ඵලදායීව අනුගමනය කරන්න පුළුවන්ද කියන පසුවිපරම කළ යුතුයි.  එහෙම නොකළොත් රටත් ජනතාවත් ඉතා බරපතළ ප්‍රශ්න ගණනාවකට මුහුණ පානවා.
වසංගත රෝග විශේෂඥ වෛද්‍ය  නිහාල් අබේසිංහ.

Leave A Reply

Your email address will not be published.