topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කොමිෂන් වාර්තාව හකුළා ගන්නා තෙක් සටන් වැදීමට අපට සිදුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ සියලුම අධිකරණ ක්‍රියාත්මක වෙන්නේ ස්වභාවික යුක්ති මූලධර්මය මතයි. ඒකෙ තේරුම විනිසුරුවරයා පක්ෂග්‍රාහී නොවීම සහ තීන්දුවක් ගැනීමේදී ඔහු දෙපාර්ශ්වයටම සවන් දීමයි. අපරාධ නඩුවකදී එම නඩුව ගොනුවීමට පෙර ක්‍රියාවලියක් තිබෙනවා. පළමුවෙන්ම පැමිණිල්ලක් ලැබිය යුතුයි. එය පොලීසිය විසින් විමර්ශනය කර සාක්ෂි එකතු කළ යුතුයි. එම විමර්ශන ගොනුව නීතිපතිවරයා වෙත යැවිය යුතුයි. රජයේ අධිනීතීඥවරයෙකු ලවා නඩු පැවරීමට සාක්ෂි ප්‍රමාණවත්ද යන්න පරීක්ෂා කළ යුතුයි. ඉහළ නිලධාරියා විසින් සාකච්ඡා කොට නඩු පැවරීම පිළිබඳ අවසන් තීරණය ගනු ලබනවා. එනම් නීතිපතිවරයා මගින් නඩුවක් ගොනුවෙද්දී ඉතාම හොඳින් කරුණු පරීක්ෂාවකින් අනතුරුව එය සිදු වන බව පේනවා.

 

ජනාධිපති කොමිෂන් සභාවේ ක්‍රියාවලිය තේරුම් ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ, පොලීසියේ සහ අධිකරණයේ ක්‍රියාවලිය තේරුම් ගැනීම අවශ්‍යයි. ජනාධිපතිවරයා විසින් 2020 ජනවාරි මාසයේ මුල ගැසට් පත්‍රයක් මගින් මෙම කොමිසම පිහිටුවන ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, පොලීසියේ විශේෂ විමර්ශන ඒකකය සහ අල්ලස් කොමිසම යන ආයතනවලින් රජයේ නිලධාරියෙකුව දේශපාලනික පළිගැනීමකට ලක් කළේනම් ඒ පිළිබඳව සොයා බැලීමට එයින් නියම කෙරුණා. ඒත් දේශපාලඥයෙකු වුණු ගම්මන්පිල මහතා, විදේශීය ව්‍යාපාරිකයෙකු විසින් වංචාවකට අදාළව ඔහුට එරෙහිව අධිකරණයේ පවරන ලද නඩුවක් පිළිබඳව මේ කොමිසමට පැමිණිලි කර තිබුණා. එම නඩුව විභාග වී තීන්දුව දීමට නියමිතව තිබියෙදී ඔහු පිළිබඳ නඩුව ඉල්ලා අස්කර ගන්නා ලෙස කොමිසම විසින් නීතිපතිවරයාට නිර්දේශ කර තිබෙනවා. ඔහු කොමිසමේ විෂයපථයට අදාළ කෙනෙක් නෙමෙයි. අනෙක් කාරණය කොමිසම මෙම තීරණය ගන්නේ ගම්මන්පිල මහතාට විරුද්ධව පැමිණිල්ල කරන ලද ඔස්ටේ්‍රලියානු ජාතිකයාට සවන් දීමෙන් තොරවයි. ඒ කියන්නේ කොමිසම දෙපාර්ශ්වයටම සවන් දීමක් සිදු කර නැහැ. අනෙක් කාරණය කොමිසම පවතින නඩුවලට බාධාවක් විය නොහැකි යැයි ගැසට් පත්‍රයේම සඳහන් කර තිබියෙදී මෙසේ වීමයි.

 

මෙවැනි අනීතික තත්වයක් ඇති කරන ලද කොමිසමකට කිව හැකි නම මොකක්ද? නිසි ක්‍රියාවලිය තුළ කටයුතු කර නැත්නම් ඒක ‘කැකිල්ලේ කොමිසමක්’ බවට පත්වෙනවා. නීතියේ පාරිභාෂික වචනයක් තියෙනවා ‘කැන්ගරු කෝට්’ කියලා. ඒ කියන්නේ කැළේ උසාවිය. මේකත් ‘කැන්ගරු කොමිෂන්’ එකක්. පිල්ලෙයාන් සම්බන්ධ තීරණයත්, දුමින්ද සිල්වා සම්බන්ධ තීරණයත් මේ වගේම කොමිසමේ විෂයපථයට අදාළ නැහැ. දඬුවමින් නිදහස් කරන්න කියලා නිර්දේශ කළත් විධායකය විසින් පත් කරන ලද කොමිසමකට අධිකරණයෙන් දෙන ලද තීන්දුවකට බලපෑමක් කළ නොහැකියි. අධිකරණ බලය හෑල්ලු කළ නොහැකියි. මේ නිර්දේශයන් මේ රටේ සමස්ත අධිකරණ පද්ධතියම අපහාසයට ලක්කරනවා; හෑල්ලුවට ලක්කරනවා. අධිකරණයේ, නීතිපතිවරයාගේ, පොලිසියේ කාර්යභාරය හෑල්ලුවට ලක්කරනවා.
මේ තත්වය තුළ රජයේ සේවකයෙක්, පොලිස් නිලධාරියෙක්, අධිකරණ නිලධාරියෙක් ස්වාධීනව තීරණයක් ගැනීමට කැමති වෙයිද? කොමිසමේ වාර්තාවට අපි විරුද්ධ විය යුතු වන්නේ මේ පුළුල් පදනමිනුයි. එම කොමිසමේ පෙනී සිටීමේ අත්දැකීම් මට තිබෙනවා. සාක්ෂි දුන් කෙනෙක් අනුර දිසානායක සහෝදරයාගේ නම කී නිසා පසු අවස්ථාවක අනුර සහෝදරයා එයට කැඳවනවා. නමුත් පෙරදී ලබා දෙන ලද සාක්ෂිය කුමක්දැයි අපට දැනගැනීමට නැහැ. මෙසේ නඩු විභාග කිරීමක් සිදු කළ නොහැකියි. ඒ වෙනුවෙන් නිශ්චිත ක්‍රමවේදයක් තිබිය යුතුයි. කොමිසම තුළ එවැනි ක්‍රමවේදයක් තිබුණේ නැහැ. කොමිසම තමන්ගේ වාර්තාවේ නඩු 79කට අදාළ චූදිතයින් නිදහස් කර ඒවායේ පැමිණිලිකරුවන්ට, විමර්ශන නිලධාරීන්ට දඬුවම් කරන ලෙස නිර්දේශ කර තිබෙනවා.

 

මෙහි අවසන් නිර්දේශ තුළ චෝදනා ලැබූ දේශපාලඥයින්ට විශේෂ ජනාධිපති කොමිසමක් පිහිටුවා දඬුවම් නියම කරන ලෙස ඉල්ලා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රජා අයිතිය සම්බන්ධයෙන් තීරණයක් ගන්න කියා තිබෙනවා. චෝදනා ලැබූ රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව කටයුතු කරන ලෙස නීතිපතිවරයාටත් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නිර්දේශ කරනවා. සමස්තයක් ලෙස රටේ නීතිය, අධිකරණ පද්ධතිය හෑල්ලු කරන, රටේ ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවන, රටේ මිනිසුන්ගේ නිදහස් චින්තනය හකුළුවන මේ කොමිෂන් වාර්තාව හකුළා ගන්නා තෙක් සටන් වැදීමට අපට සිදුව තිබෙනවා. ඒ සඳහා පෙරට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

 

ජ්‍යෙෂ්ඨ නීතීඥ උපුල් කුමාරප්පෙරුම.

Leave A Reply

Your email address will not be published.