පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ සිසුන් 08 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඔවුන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
ඉංජිනේරු පීඨයේ සිසුවෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු ඔහුගේ ආශ්‍රීතයින් ලෙස හඳුනාගනු ලැබූ සිසුන් 48 දෙනෙකුට පසුගියදා සිදුකළ පි.සි.ආර්. පරීක්ෂණ වලදී මෙම ආසාදිතයින් හඳුනාගත් බව මධ්‍යම පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියයි.
ආසාදිතයින් බවට හඳුනාගනු ලැබූ එම සිසුන් මේ වනවිට ප්‍රතිකාර සඳහා පොල්ගොල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කොට තිබේ.