වර්තමාන ආණ්ඩුව බලයට පත් වූ පසුව නතරකල සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා විසින් එම අමාත්‍යාංශය භාර කැබිනට් අමාත්‍ය අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කර ඇත. ඒ අනුව මාර්ග හතරකින් යුක්ත එම ව්‍යාපෘතියේ මාලඹේ – කොළඹ කොටස අතහැර ඉතිරි කොටස් තුන ක්‍රියාත්මක කිරීමට යෝජනා කර තිබේ.
කොළඹ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා නොදීම සහ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නතර කිරීම පිළිබඳව ඉන්දියාව සහ ජපානය දිගින් දිගටම ගෝටාබය රාජපක්ෂ ආණ්ඩුව සමග සාකච්ඡා කරමින් සිටියේය. ආණ්ඩුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නට යන්නේ ජපානය සමඟ ද වෙනත් රටක් සමග ද යන්න මෙතෙක් පැහැදිලි නැත.