topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනය, විනය පාලනය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා.

වසර ගණනාවක සිට පවතින අකාර්යක්‍ෂම කළමනාකරණය හේතුවෙන් දුම්රිය පරිපාලනයත්, දුම්රිය ධාවනයත්, මූල්‍ය කළමනාකරණයත් දැඩි කඩා වැටීමකට ලක්වී ඇත.

අමාත්‍යාංශ ලේකම් වරයාගේ සිට රාජ්‍ය සේවයේ පහලම සේවකයා දක්වා ක්‍රියාත්මක විය යුතු පොදු පරිපාලන ක්‍රමවේදයක් තිබුණද, එම ක්‍රමවේදය නොසලකා තීන්දු තීරණ ගැනීමට දුම්රිය බලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් කටයුතු කිරීම, මෙම කඩා වැටීමට හේතුවී ඇති බව ඉතා පැහැදිලිය. දුම්රිය දෙපාර්තමේන්තුවේ විනය බලධාරියා වන දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා, විනය පාලනය සම්බන්ධයෙන් ගන්නා තීරණ ආන්දෝලනාත්මක බවත්, සාමාන්‍ය සේවකයෙක් විනය විරෝධී විශමාචාර ක්‍රියාවක් කළ විට විනය නීති සංග්‍රහය අභිබවා ක්‍රියාත්මක වීමට පෙළඹෙන දුම්රිය සාමාන්‍යාධිකාරී වරයා, තමන්ට හිතවත් නිලධාරීන් සම්බන්ධයෙන් විනය නීති සංග්‍රහයේ වගන්ති නොසලකා කටයුතු කරන බවත් ගම්‍යමාන වේ. මේ තත්වය මත දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍ය පාලන කටයුතු, සේවක ප්‍රශ්න වලට විසඳුම් ලබාදීම, දුම්රිය ධාවන කටයුතු ධාවන කාල සටහන් අනුව පවත්වා ගෙන යාම, මූල්‍ය පාලන කටයුතු ද දැඩි දෝෂදර්ශනයට ලක්වී ඇත.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව සතු විනය පාලන බලතල දුම්රිය දෙපාර්තමේන්තුවේදී ක්‍රියාත්මක කරන බලධාරියා දුම්රිය සාමාන්‍යාධිකාරී බව, දුම්රිය සාමාන්‍යාධිකාරීට නොතේරෙනවා යැයි කිසි විටෙකවත් විශ්වාස නොකරන බවත්, අත්තනෝමතික ලෙස කටයුතු කිරීම මගින් මුළු රාජ්‍ය සේවයම අගතියට හා අපකීර්තියට පත් කරන බවත්, මෙවැනි පාලනයක් එක් දවසක් හෝ කිසිදු රාජ්‍ය ආයතනයකට අවශ්‍ය නොවන බවත් සඳහන් කළ යුතුය.

වංචා සහගත ලෙස ඉන්ධන දීමනා ලබාගත් නිලධාරීන් සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම, දෙපාර්තමේන්තුවට පාඩුවක් වන ලෙස වැලි ප‍්‍රවාහනය කිරීම, නිලවාහනය අවභාවිතා කළ නිලධාරීන් සම්බන්ධයෙන් නිසි විනය ක්‍රියාමාර්ග නොගැනීම, ප්‍රීමා පිටි ප්‍රවාහන දුම්රිය ප්‍රමාදවීම සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම, ප්‍රීමා සමාගමේ අනුග්‍රහයෙන් ත්‍රිකුණාමලය නිලාවෙලි හි දී පැවති මත්පැන් සාදයට තමන්ගේ නිලරථය යොදවා රාජකාරී වේලාව තුල නිලධාරීන් සහභාගී කරවීම මෑත කාලීන උදාහරණ ලෙස පෙන්වා දිය හැකිය. මෙවැනි දූෂිත විනය විරෝධී කටයුතු සම්බන්ධයෙන්, දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් වරයාටත්, ප්‍රවාහන අමාත්‍ය වරයාටත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවටත් පැමිණිලි කර, විමර්ශන කටයුතු සිදු කරන ලෙස දන්වා සිටියත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව හෝ විෂයභාර අමාත්‍ය වරයා හෝ අමාත්‍යාංශ ලේකම් වරයා මේ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. රාජ්‍ය ආයතනයක් මේ ආකාරයෙන් කඩා වැටෙමින් තිබෙන බව ආණ්ඩුව හොඳින් තේරුම් ගත යුතුව තිබුණද, විධායකය හා ව්‍යවස්ථාධායකය එක් වී රටේ ආර්ථිකය හා දේශපාලන ස්ථාවරත්වය කඩා වට්ටන ස්වරූපයටම දුම්රිය දෙපාර්තමේන්තු පරිපාලනයද කඩා වැටීමට ඉඩ හැර, දුම්රිය සේවය විනාශ කිරීමට  ආණ්ඩුව කටයුතු කරමින්  සිටින බවද ඉතා පැහැදිලිය.

යහපත් දුම්රිය සේවයක් රටට උරුමකිරීමට නම් , වසර පහකට වරක් පත්වන තාවකාලික ආණ්ඩු පිළිබඳ විශ්වාසයක් නොතබා, දේශපාලන මතවාද, සංවාද සියල්ල පසෙක ලා එකමුතු වන ලෙස සියළු වෘත්තීය සමිති වලට ආරාධනා කර සිටිමු.

ස්තූතියි.

මෙයට,
එස්. පී. විතානගේ
සමකැඳවුම්කරු

Leave A Reply

Your email address will not be published.