topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනතාවට එදා වේල කන්න බැරි ආර්ථිකයක් උරුම කරලා.

රටේ සම්පත් ආරක්ෂා කළ යුතු ආණ්ඩුවක්, ඒවා විනාශ කරන්න දායක වෙනවා කියන එක, බරපතළ තත්වයක්. රාජ්‍ය නිලධාරිනියක් වන, දේවානි ජයතිලක දැන් අවුරුද්දක් විතර තිස්සේ හැප්පෙන හැප්පිල්ල ගැන අපි දන්නවා. මුලින්ම කඩොලාන බිම් ගොඩකරන්න එපා කියලා අරගල කරද්දී, එවකට හිටපු සනත් නිශාන්ත ඇමතිවරයාත් එක්ක ඇතිවුණු ගැටීම ආරම්භක සිද්ධියයි. කුඩු ව්‍යාපාර පිළිබඳ චෝදනා එල්ලවෙලා තිබෙන ලංසා රාජ්‍ය ඇමතිවරයා නිලධාරිනියට ප්‍රසිද්ධියේ අපහාස කරනවා. අයතීන් උදෙසා කාන්තාවන් හැටියට දැඩි පිළිකුලෙන් යුතුව ඒ තුච්ඡ දේශපාලනඥයාගේ ප්‍රකාශය හෙළා දකිනවා. මෙය මේ රටේ රාජ්‍ය සේවයට එල්ල කළ මරු පහරක්, හැටියට අපි දකින්නේ. මේ රටේ සියලු රාජ්‍ය සේවකයන්ගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කිරීමේ අයිතිය වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ හැටියට “පරිස්සමින් ඉන්න” කියලා අපි කියනවා. රාජ්‍ය සේවකයන් සියලු දෙනා එක්ක, සියලු කාන්තාවන් පාරට බහින්න අපි සූදානම්. එතුමා වගේ අයට අපි කවුද කියන එක පෙන්වන්න සූදානම්.

 

භාග්‍යා දැරිය තමන්ගේ පරිසරයට සිදුකරන විනාශය දැකලා හඬ අවදි කළා. ඇය ස්වාධීන දරුවෙක්. සිංහරාජය විනාශ කර, ගොඩනැගිලි ඉදිකරනවා කියලා ඇය කීවාම රජය මැදිහත් වුණු ආකාරය සියලු රටවැසියෝ දන්නවා. ඒ ප්‍රදේශවල හැමකෙනෙකුටම තිබෙන්නේ ජයභූමි, ස්වර්ණ භූමි ඔප්පු නම්, මේ හෝටල් ඉදිකරන අයට සින්නක්කර ඔප්පුවක් ලැබුණේ කොහොමද? භාග්‍යාගේ ගෙදරට පොලිසියෙන් හරි වන සංරක්ෂණ නිලධාරීන් හරි යවන එක නොවෙයි මේවයි හොයන්න ඕනෑ. අනික් හැමෝටම පර්චස් 30, 40, ප්‍රමාණයේ ඉඩම් තියෙද්දී මේ ව්‍යාපාරිකයාට හෙක්ටයාර් ගණනක ඉඩම් ප්‍රමාණයක් අයිති වුණේ කොහොමද? මේ සිංහරාජ රක්ෂිතයෙන් මෙම ඉඩම ලබාදුන්නේ කොහොමද? ඒ දේවල් ගැන සමාජ මතය ගොඩනැගෙන කොට ඒ සමාජ මතය මොට කරන රාජ්‍ය භීෂණය ක්‍රම ක්‍රමයෙන් හිස ඔසවන ආකාරයයි අපි දකින්නේ. මේව ගැන කතා කරන මාධ්‍යවලට ජනාධිපතිවරයා තමන්ගේ ‘ගම සමග පිළිසඳර’ වැඩසටහනේදී තර්ජනය කරනවා.

 

මේ වන විට ආණ්ඩුවේ අපොහොසත්භාවය හැම පැත්තෙන්ම ජනතාවට තහවුරු වී තිබෙනවා. මේ ජනතාවගේ අවධානය වෙනතක යවන්න ඇමතිවරු වෙනත් විවිධ කරුණු මතු කරනවා. රට ආරක්ෂා කරනවා කියලා ඇවිල්ලා රටේ සම්පත් විනාශ කරනවා. ආර්ථිකය ගොඩනගනවා කියලා ඇවිල්ලා සම්පත් පිටරටවලට විකුණලා. ජනතාවට එදා වේල කන්න බැරි ආර්ථිකයක් උරුම කරලා. විදේශ රැකියාවලට ගිය අයට ආපසු එන්න බැරි දුක්විඳින තත්වයක් ඇතිකරලා. ඇත්තටම උත්තර ඕනෑ මේ ප්‍රශ්නවලට. මේ ප්‍රශ්නවලින් මිරිකිලා ඉන්න ජනතාව නැගිටිනකොට ඔවුන්ව නිහඬ කරවන්න ආණ්ඩුව උත්සාහ කරනවා. ජනතාවගේ කට වහලා දේශපාලන ගමනක් යන්න බැරි බව කාන්තා සංවිධානයක් හැටියට අපි අවධාරණය කරනවා. ලංකාවේ ජනගහනය 52%ක් කාන්තාවෝ. ඒ වගේම ඡන්දදායකයන්ගෙන් 56%ක් කාන්තාවෝ. ජනතාවට දුන් පොරොන්දු ඉටුකළේ නැත්නම් ඊළඟ ඡන්දයේදී මොකද වෙන්නේ කියලා පෙන්වා දෙන්න කාන්තාවන් පෙරට එන බව අවධාරණය කරනවා.

 

මේ වන විට අවුරුදු කටේදී පිළිකාකාරක පොල් තෙල් ගෙනත් රේගුවෙන් නිදහස් කරලා. මේ පොල්තෙල් ගේන්න අවසර දුන්නේ කවුද? මේවා අනුමත කළේ කවුද? ප්‍රමිති ආයතනයෙන් අවසර ලැබුණේ කොහොමද? මේ කාරණාවල් ගැන අපි ප්‍රශ්න කරනවා. සීනි බදු වංචාව ගැන කතා කරලා කෙටි කාලයක් තුළ පිළිකා කාරක පොල් තෙල් ගෙනත් තියෙනවා. මේවා ගැන කතා නොකර ලංසා වැනි ඇමතිවරු දේවානි වැනි රාජ්‍ය නිලධාරිනියන්ට තර්ජනය කරන එක ලැජ්ජාසහගතයි.  පාර්ලිමේන්තුවේ ලිෆ්ට් සුළු මොහොතකට හිරවුණාම කෝටි ගණන් වියදම් කරලා අලුතින් ගේනවා. පාරට ගල් වැටිලා පාර අවහිර වුණාම ඉවත් කරන්න ක්‍රියා නොකිරීමෙන් පස්සර බස් අනතුරෙන් ජීවිත රැසක් අහිමි වුණා. ජනතාවගේ ජීවිත ආරක්ෂාව සඳහා එකතු වී මේ ආණ්ඩුවට ජනතාව තර්ජනය කළ යුතුයි කියලා අපි කියනවා. කොළඹ නගරයේ ඔක්සිජන් අඩුවෙලා කියලා ළඟදී හෙළිවුණා. තව අවුරුදු කිහිපයකදී අපි වගේ දුප්පත් රටක ජනතාව ඔක්සිජන් මිලදී ගන්න තත්වයට පත් නොකරන්න කියලා අපි අවධාරණය කරනවා.
ආණ්ඩුව කරමින් ඉන්නේ තමන්ගේ පාක්ෂිකයන්ගෙන් ගිලිහෙමින් යන අවධානය රැක ගන්න කටයුතු විතරයි. මේ ආණ්ඩුව ෆේල් කියලා අපි බය නැතිව කියනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ෆේල් කියලා අපි කියනවා. ඡන්දය කාලයේ කියපු කිසිම දෙයක් මේ වෙනතුරු කරලා නැහැ. බඩු මිලට සාධාරණයක් කරලා නැහැ. රට විරුවෝ කියලා හඳුන්වපු අය ලංකාවට ගෙන්වාගෙන නැහැ. අවුරුදු කටේ සියලුම භාණ්ඩ මිල වැඩිවෙලා තියෙන්නේ. ජනතාවට කිසිම සහනයක් දෙන්න බැරිවුණු ආණ්ඩුව තමන්ගෙන් ගිලිහී යන පාක්ෂිකයන්ව රැකගන්න ව්‍යාජ ප්‍රෝඩාවන් කරනවා. ඒ වගේම ඒ ඒ අවස්ථාවලදී ජාතිවාදය අවුස්සනවා. ජිනීවා මානව හිමිකම් කොමිසම ගැන බිල්ලෝ පටන්ගෙන තිබෙනවා. ඒ හැර මේ රටේ පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරන ආණ්ඩුව ගෙවුණු වසරක කාලය තුළ ක්‍රියාකර නැහැ. මාධ්‍ය ආයතනවලට සූක්ෂම තර්ජනයක් එල්ල කරනවා. මේ තත්වයන් හෙළා දකිමින් සියලු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කාන්තා සංවිධානයක් හැටියට පෙරට ඇවිත් ඉන්නවා. අපි සියලුම ජනතාවට ආරාධනා කරනවා ආණ්ඩුවේ මේ වැරදි ක්‍රියාවලට විරුද්ධව පෙළගැහෙන්න කියලා.

 

අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ සභාපති, සරෝජා පෝල්රාජ්.

Leave A Reply

Your email address will not be published.