topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව පිළිතුරු ලබාදිය යුතු පාස්කු ප්‍රහාරයේ සැක සහිත තැන් බොහොමයක් තිබෙනවා.

අද අප්‍රේල් මාසයේ 21වෙනිදා. පාස්කු ප්‍රහාරය සිදුකර වසර 02ක්. අපේ රටේ ඉතාමත් කැළඹිලිකාරී අවිනිශ්චිත තත්වයක් ඇති කරන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් ගණනාවක් එදා සිදුකළා. 260ක් ඉක්මවූ පිරිසක් මිය ගිහින් 500කට අධික පිරිසක් තුවාල ලැබුවා. දේවස්ථාන, හෝටල් ඇතුළු ස්ථාන කිහිපයකට බරපතළ හානි සිදුකළා. ඒවගේම සංවිධානාත්මක සැලසුම්සහගත කළබල ඇතිකිරීමේ තත්වයක් දියත් කළ බව පැහැදිලි වුණා. කුලියාපිටිය, හෙට්ටිපොළ, පඬුවස්නුවර, බිංගිරිය, හලාවත, මීගමුව, මිනුවන්ගොඩ ආදී ස්ථාන ගණනාවක මේ කැළඹීම්, ගිනිතැබීම්, පහරදීම්, සහ ඝාතනයන් පවා සිදුකළා. මේ ප්‍රහාරයෙන් පස්සේ විශේෂයෙන්ම සිංහල සහ මුස්ලිම් ජනතාව අතර අවිශ්වාසය, වෛරය, ක්‍රෝධය ඇති කළා. එකට පැවතිය යුතු සමාජ දේහය බරපතළ ඛණ්ඩනයකට ලක්කළා.
ප්‍රහාරයෙන් පසු අපේ රටේ දේශපාලන දේහය එතෙක් පැවති ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතිවාසිකම්, ජනතාවගේ ජීවත්වීමේ ගැටලු ආදී වශයෙන් තිබුණු දේශපාලන සටන්පාඨ මුළුමනින්ම විතැන් වුණා. අවිනිශ්චිතතාවය තුරන් කිරීම, ජාතික ආරක්ෂාව තහවුරු කිරීම, නැවත මෙවැනි ප්‍රහාර වැළැක්වීම වැනි කරුණු දේශපාලන න්‍යාය පත්‍රයේ කරළියට ආවා. ප්‍රහාරයෙන් මාස 07කට පමණ පසුව ජනාධිපතිවරණයත් ඉන්පසුව මහා මැතිවරණයත් දේශපාලන පෙරළි බවට පත්කර ගත් සිද්ධිය මේ ප්‍රහාරයයි. ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පාර්ශ්වය දෙන ලද ප්‍රධානම පොරොන්දුව වූයේ මෙම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයන් තිබෙන බවත් එය මුළුමනින්ම නිරාවරණය කර, දඬුවම් ලබාදීමට තමන්ගේ පාලනයක් පිහිටුවන බවයි. ප්‍රහාරකයන් සහ ප්‍රහාරය මෙහෙයවු අය අත්අඩංගුවට ගෙන දඬුවම් කරන බව සමාජගත කළා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ සහ පාර්ලිමේන්තුවේ 2/3කේ බලය පිටුපස ප්‍රබලතම දේශපාලන සටන්පාඨය වූයේ පාස්කු ප්‍රහාරකයන්ට දඬුවම් ලබාදීමේ කරුණයි.
හැබැයි දැන් ජනාධිපතිවරයා බලයට පත්වෙලා මාස 17කට ආසන්න කාලයක්. 2/3කේ ආණ්ඩුවට මාස 08 ඉක්මවමින් තිබෙනවා. ජනාධිපතිවරණයේදීත්, මහා මැතිවරණයේදීත් ජනතාවට පොරොන්දුවූ සහ ජනතාව බලාපොරොත්තු වූ දේත් වින්දිතයන්ට යුක්තිය ඉටුවීමත් තාමත් ප්‍රශ්නයක්. විවිධ පැතිවලට බෝලය පාස්කරමින් ඉන්නවා. ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිෂන් සභාවට අවුරුදු 1 1/2ක පමණ කාලයක් බෝලය පාස්කරමින් තිබුණා. කොමිෂන් සභා වාර්තාව ඉදිරිපත් කළාට පසුව එම වාර්තා නීතිපතිවරයාට යොමුකර තිබෙන නිසා, නීතිපතිවරයා අතේ සියල්ල තිබෙන බව කියනවා. ආණ්ඩුවක් හැටියට නීතිපතිවරයාගේ වැඩවලට ඇඟිලි ගහන්නේ නැහැ කියනවා. අධිකරණ ක්‍රියාවලිය ස්වාධීන ක්‍රියාවලියක් බව කියනවා. වංචනිකයන් සහ අපරාධකරුවන් නිදහස් කර ගැනීමේදී අධිකරණයේ ස්වාධීනත්වය ගැන කල්පනා කරනවා වෙනුවට විවිධ කොමිෂන් සභා හදලා අපරාධකරුවන් වංචනිකයන් නිදහස් කර ගන්නා අතර, මේ ප්‍රශ්නය නීතිපතිවරයාට බැරකරනවා.
මේ සිද්ධියට අදාළ මහ මොළකරුවා නවුෆර් මව්ලවි බවත්, ඔහු අත්අඩංගුවේ ඉන්න බවත් පොලිසිය බාර සරත් වීරසේකර ඇමතිවරයා කියා තිබුණා. ඇත්ත වශයෙන්ම ඔවුන් කළේ අවුරුදු කුමාරයා තෝරනවා වගේ අත්අඩංගුවට ගෙන සිටින පිරිසෙන් කෙනෙක් තෝරාගෙන ඉදිරිපත් කිරීමයි. ජනතාවට අවශ්‍ය මෙවැනි ප්‍රහාරයන් නැවත ඇති කිරීම වැළැක්වීම නම්, ඒ සිද්ධිදාමයම හෙළිදරව් කරගත යුතුයි. ආණ්ඩුව ඒ පිළිබඳව දක්වා තිබෙන්නේ ඉතාමත් අවම අවදානයක්. ආණ්ඩුව මේ ප්‍රහාරය ගැන කතා කිරීමත් මඟහරිමින් ඉන්නේ. මැතිවරණ දක්වා පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ආ කණ්ඩායම දැන් ඒ ගැන කතා කිරීම ආණ්ඩුවට රිදවීමක් බවට පත්කරගෙන තිබෙනවා. කොච්චරද කියනවා නම් මේ ප්‍රහාරය පිළිබඳව අප විසින් අලවන ලද පෝස්ටර් ඊයේ රාත්‍රියේ ඉවත්කරන්න පොලිසිය යෙදෙව්වා. “පාස්කු ප්‍රහාරයට වසර 02යි. මහ මොළකරුවන් නිදැල්ලේ. යුක්තිය ඉටුකරනු” කියන සාධාරණ බලකිරීම පෝස්ටරයේ තිබුණේ. ඒ පෝස්ටර් ව්‍යාපාරය සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා ඉරාදමා තිබෙනවා. මීට අවුරුදු 1 1/2කට පෙර පාස්කු ප්‍රහාරය කරේ තියාගෙන ගිය අයට අද ඒ ගැන කතා කිරීමත් රිදවිල්ලක් බවට පත්කරගෙන.
අදටත් මෙම ප්‍රහාරයේ නොවිසඳුණු ගැටලු කිහිපයක් තිබෙනවා. පළමු ගැටලුව, මහින්ද රාජපක්ෂ සහ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අවස්ථා දෙකකදී පිළිගත් සහරාන් ඇතුළු කණ්ඩායමට මුදල් ගෙවූ බව. මහින්ද රාජපක්ෂ මහත්මයා ගැටඹේ විහාරස්ථානයේදී නායක හාමුදුරුවන් ඉදිරිපිට මේක පිළිගත්තා. කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා රූපවාහිනී සාකච්ඡාවකදී පිළිගත්තා. තමන් විසින් භාණ්ඩාගාරයෙන් පඩි ගෙවා නඩත්තු කර, පෝෂණය කරන ලද කණ්ඩායමක් හමුදා බුද්ධි අංශයෙන් ගිලිහුණේ කවදාද? ගිලිහුණාට පසුව එම කණ්ඩායම් පිළිබඳව ගන්නා ලද තීන්දු කවරේද? මේ ප්‍රශ්නවලට උත්තර නැත්නම් සහරාන් ඇතුළු කණ්ඩායම බුද්ධි අංශවලින් ගිලිහුණා නොවෙයි අපේක්ෂා කරන ලද අරමුණ ඉටුකර ගැනීමට අත්හැරියද කියලා දැනගන්න ඕනෑ.
දෙවැන්න, සහරාන්ලාගේ පළමු ඝාතනයන් සිදුකරන්නේ 2018 නොවැම්බර් 30වැනිදා. ඒ කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් ජනාධිපති ධුරය දරන මහින්ද රාජපක්ෂ මහත්මා අගමැති ධුරය දරන දින 52 ආණ්ඩුව කාලයේ. වවුනතිව්වලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කොට අවි ආයුද පැහැර ගත්තා. මේ ඝාතනයේ පරීක්ෂණ ගියේ කවර අතකටද? එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මහා ඉරුදින සැමරුමක් ලෙස අර්ථකථනය කරමින් පරීක්ෂණ වෙනත් අතකට යොමුකිරීම සඳහා ප්‍රහාරය සිදුකළ ස්ථානයට ජැකට් දාලා තිබුණා. පරික්ෂණ වෙනත් අතකට යොමු කිරීමේ ප්‍රයත්න දැරුවේ කවුද? ඒවගේම තුන්වැනි කරුණ හැටියට අප්‍රේල් මාසේ 04 වැනිදා බුද්ධි අංශයට මේ පිළිබඳව ලැබුණු තොරතුරුවලින් පසුව නැවතත් තොරතුරු ලැබෙන්නේ අප්‍රේල් 20වැනිදා සවස. සහරාන් ඇතුළු හයදෙනෙක් පහරදෙන ආකාරයන් පිළිබඳවත්, මේ අවස්ථා දෙකේදීම තොරතුරු ලැබී තිබුණා. අප්‍රේල් 21වැනිදා උදේ තොරතුරුවලින් උදේ 08.00ත් 10.00ත් අතර දේවස්ථානවලට සහ හෝටල්වලට පහර දෙන බවට තොරතුරු ලැබුණා. මේ තොරතුරු ඉතාමත් සමිපතම තොරතුරු.
එහෙම නම් අප්‍රේල් 04වැනිදා සිට අප්‍රෙල් 20දා සවස දක්වා මේ ප්‍රහාරය සිදුකළ සැලසුම් දියත් වුණු ආකාරයට සම්බන්ධ තොරතුරු ආවේ නැත්තේ ඇයි? එවැනි තොරතුරු ලබාගන්න අසමත් වූයේ ඇයි? කියන එක වැදගත් ප්‍රශ්නයක්. එවකට හිටපු පොලිස්පතිවරයා අප්‍රේල් 21වැනිදා බුද්ධි අංශ නිලධාරියෙක් ගැන ජනාධිපති කොමිසමට තොරතුරු ඉදිරිපත් කළා. බුද්ධි නිලධාරියෙක් ටාජ් හෝටලයේදී බෝම්බය පුපුරවා ගන්නට උත්සාහ කළ ජමීර්ගේ නිවසට ගොස් තිබෙනවා. ජමීර් දෙහිවල හෝටලයේ බෝම්බය පුපුරවා ගැනීමට පෙර අනික් ස්ථානවල බෝම්බය පුපුරවා ගැනීමෙන් පසු මේ බුද්ධි අංශ නිලධාරියා ජමීර්ගේ ගෙදරට ගිහින් තිබෙනවා. බුද්ධි අංශ විසින් මේ පිළිබඳ තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන්නේ කවදාද? ඒවගේම ඔහුගේ ගෙදර යාම සඳහා බුද්ධි නිලධාරියාට තිබුණු අවශ්‍යතාවය මොකක්ද? ඒ වගේම මෙය අයි.එස්.අයි.එස්. සංවිධානයට භාරගන්න කියලා මෙහේ ඉඳන් කතාකළ පුද්ගලයෙක් ගැන තොරතුරු තිබෙනවා. ඒ පුද්ගලයාට මෙහි ඉඳන් කතා කළ අය ගැනත් තොරතුරු තිබෙනවා. මේ පිළිබඳව කරුණු නිරාකරණය විය යුතුයි.
ප්‍රහාරය පිළිබඳව ‘සාරා’ කියන කාන්තාව ප්‍රබල චරිතයක්. ඇය ලංකාවෙන් පිටමං කිරීමට උදව් කළේ කවුද යන්නත් වැදගත්. මේ පිළිබඳ පරික්ෂණ තිබෙන්නේ කුමන මට්ටමේද? මේ ආදී වශයෙන් වූ අගමුල් නිරාකරණය කර ගැනීමට බාධාකාරී තත්වයක් ගණනාවක් තිබෙනවා. වවුනතිව් ප්‍රහාරයේ පරීක්ෂණ වෙන දිසාවකට යොමු වුණේ කොහොමද? අප්‍රේල් 04 සිට 20 දක්වා තොරතුරු ගලා නොආවේ ඇයි. බෝම්බය පුපුරවා ගැනීමට ප්‍රථම ජමීර්ගේ නිවසට ගියේ ඇයි. ප්‍රහාරයේ වගකීම අයි.අයි.එස්. සංවිධානයට දුරකථන ඇමතුම් දුන්නේ කවුද? මේ කණ්ඩායම බුද්ධි අංශ සමග සම්බන්ධකම් තිබූ අය නම්, එම ග්‍රහණයෙන් ගිලිහුණේ කවදාද? ඒ පිළිබඳ පරීක්ෂණ මොනවාද? වගේ කරුණු පිළිබඳව අවුරුදු දෙකක් ගිහිල්ලත් හෙළිකිරීමට අසමත්වී තිබෙනවා. මෙම තත්වය තුළ අපට උපකල්පන දෙකකට එන්න පුළුවන්. එකක් පරීක්ෂණ නිසි දිසාවට යොමුවී නැහැ කියන එක. අනෙක ආණ්ඩුව හිතාමතාම තොරතුරු වසාදමා තිබෙනවා කියන උපකල්පනය.
පාස්කු ප්‍රහාරය සිදුකළ මොහොතේ සමාජයේ තිබුණු කථිකාව සහ අවුරුදු දෙකකට පස්සේ ඒ පිළිබඳව සමාජය තුළ තිබෙන කථිකාව වෙනස්වී තිබෙනවා. අප පමණක් නොව කොමිසම හමුවේ සාක්ෂි දුන් එවකට සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා, පොලිස්පති පූජිත ජයසුන්දර, රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන, පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරී ටී.එෆ්. ලතීෆ්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණවර්ධන යන මූලික වගකිවයුතු කණ්ඩායම් පවා ප්‍රකාශ කොට තිබෙන්නේ මෙම සිදුවීම පිටුපස යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියක් තිබුණා යැයි සැක සිතෙන බවයි. මේ සිදුවීම පිළිබඳව වගකිවයුතු රාජ්‍ය යාන්ත්‍රණයේ ප්‍රධානම කොටස් මේ සැක පහළ කර තිබෙනවා. එහෙනම් කුමන්ත්‍රණය හෙළිදරව් කර ගන්න අවශ්‍යයි.
ආණ්ඩුව තවත් කල් නොයවා ඔවුන්ට දේශපාලන අර්බුදයක් බවට පත්වී තිබෙන රිදුම්දෙන කරුණ පිළිබඳව විධිමත් පරික්ෂණයක් සිදුකොට රටටත් ජනතාවටත් හෙළිදරව් කළ යුතුයි. එය හෙළිදරව් නොකරන තාක්කල් අපේ රට අනාරක්ෂිතයි. එය හෙළිදරව් නොවෙන තාක්කල් ඕනෑම මොහොතක, ඕනෑම තැනක මෙවැනි අනතුරක් අප ඉදිරියේ තිබෙනවා. ඒ නිසා අවුරුදු දෙකක් ගතවෙලත් මේ දේ නිරාකරණය කර ගැනීමට බැරිවීම පිළිබඳව පිළිතුරු වහාම ආණ්ඩුව රටට දිය යුතුයි. එහි වින්දිතයන්ට යුක්තිය ඉටුකළ යුතුයි. එම වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීම වගේම ප්‍රහාරයට හවුල් වූවන්ට දඬුවම් ලබාදීමත් සිදුකළ යුතුයි. මෙය රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ පමණක් වූ ප්‍රශ්නයක් නොවෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට බලකරලා කියන්නේ මේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරනු කියලයි. ආණ්ඩුව මේ සම්බන්ධයෙනුත් විශාල අසමත්කමක් දරා තිබෙනවා. ඒ නිසා වින්දිතයන් වෙනුවෙන්න යුක්තිය ඉටුකර ගැනීම සහ මේ පරීක්ෂණ එකතැන පල්වීමෙන් වළක්වා ගැනීමට අපි අඛණ්ඩව ආණ්ඩුවට බලකරන බව අවධාරණය කරනවා.

 

ජවිපෙ නායක අනුර දිසානායක .

Leave A Reply

Your email address will not be published.