ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කොවිඩ් ආසාදිතයින් 17 දෙනෙකු දින 08ක් තුලදී හදුනා ගෙන ඇති බව වාර්තා වේ. මොවුන් මේ වන විට වස්කඩුව සිට්රස් සහ මවුත් ලැවේනියා යන රෝහල්වල රදවා ඇති බවද වාර්තා වේ. මේ වන තෙක් ඉන් බොහෝ දෙනෙකු රෝග ලක්ෂණ හෝ නොපෙන්වන බව වාර්තා වේ.
කෙසේ වෙතත් මහ බැංකු කටයුතු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යන අතර ලංකා බැංකු ප්‍රධාන ශාඛාවේ සේවයේ නියුතු සේවකයන් මහ බැංකුවට පැමිනීමත් සමග ඔවුන හරහා මහ බැංකු පරිශ්‍රය තුල මෙම කොවිඩ් අවධානම මතුව ඇති බවට මේ වන විට සැක පළ කරයි.
…ගමගේ…