ජනාධිපතිවරයාගේ නව මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස මාධ්‍යවේදී කිංස්ලි රත්නායක පත්කිරීමට නියමිත බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අනුව ඔහු කැපිටල් මහාරාජා ආයතනයෙන් ඊයේ (28) දිනයේ ඉවත්වීම සඳහා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වාර්තා වේ. ඔහු ඉදිරි දින කිහිපයේ දී සිය නව තනතුරේ වැඩ භාරගැනීමට නියමිත බවද වාර්තා වේ.