topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනතාවගේ සහාය අවශ්‍යයි.

Z07A7434

‘‘කොළඹ – මහනුවර අධිවේගී මාර්ගය ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටින නගරයට ගමන් ගන්නා මාර්ගයක් . මාර්ගයේ ඉදිකිරීම් කඩිනම් කිරීමට ජනතාවගේ සහාය අවශ්‍යයි.’’යයි

පාර්ලිමේනතුවේ සභානායක, උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි.ඒ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී ඉඩම් අහිමිවන ජනතාවගේ ගැටළු නිරාකරණය කොට කඩිනම් විසඳුම් ලබා දීමේ අරමුණින් විශේෂ සාකච්ඡාවක්   ගම්පහ දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැති අවස්ථාවේදී ය. මෙහිදී අධිවේගී මාර්ගය ඉදිකිරීමේ දී ඉඩම් අහිමිවන ජනතාවට බලපා ඇති ගැටළු එකින් එක විමසමින් පරික්ෂාවට ලක් කෙරිණ. ඒ අනුව ඉඩම් අහිමිවූවන් සාධාරණ කඩිනමින් වන්දි ගෙවා අවසන් කිරීමට තීරණය විය.

මෙම සාකච්ඡාවේදී ඉඩම් අහිමි වන ජනතාව ඉදිරිපත් කළ ප‍්‍රධාන ගැටළු කිහිපයකට කඩිනමින් සහන සැලසිනි. ඒ අනුව
ඉඩමක් පවරා ගැනීමෙන් අනතුරුව එම ඉඩමේ කොටසක් ඉතිරි වේ නම් ඉඩම් හිමියාගේ කැමැත්ත අනුව ඉතිරි ඉඩම් කොටසත් රජයට පවරා ගෙන වන්දි ලබා දීමට තීරණය කෙරිණ .
පවරාගනු ලබන ඉඩමක කොස් , පොල් වැනි වටිනා ගස් ඇත්නම් නැවත ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කර සුදුසු වන්දි මුදලක් ඒ වෙනුවෙනුවෙන් ප‍්‍රදානය කිරීම .
අනවසර පදිංචිකරුවන් ඇත්නම් පර්චස් 10 ක් හෝ ලක්ෂ 5 ක මුදලක් ලබාදීම, නිවසේ වටිනාකම අනුව අදාල වන්දිය ලබා දීමට පියවර ගැනීම

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා
නව රජය බලයට පත්වන විට මෙම කොළඹ – නුවර අධිවේගී මාර්ගයේ එක බිම් අඟලක් වත් මැනුම් කරල තිබුණේ නැහැ. නමුත් පසුගිය අවුරුදු එකහමාර ( 1 1/2) තුල විශේෂයෙන් මිනුම්දෝරු දෙපාර්තුමේන්තුව ඉඩම් කැබලි 22,000 ක් මැනල තිබෙනවා. එමෙන්ම මෙම බිම් කැබලි 22,000 තක්සේරු කරල, පවරා ගැනීමේ පියවර , ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයත් , තක්සේරු දෙපාර්තුමේන්තුවත් , දිසාපති කාර්යාලයත් ආරම්භ කර තිබෙනවා . ඒවා ඇහැට පෙන්නේ නැහැ. මොකද මේ මාර්ගය ඉතා වැදගත් පාරක්. මහනුවර කියන්නේ ශ‍්‍රී ලංකාවේ දෙවන අගනුවර . එසේම ශ‍්‍රී දළදා වහන්සේ වැඩවසන නගරයට හදන මාර්ගයක් .
දකුණේ ජනතාවට තමයි වැඩියෙන්ම මෙම මාර්ගයෙන් ප‍්‍රයෝජන තිබෙන්නේ . මොකද දළදා වහන්සේ වන්දනා කරන්න පැයකින් යන්න පුළුවන් මෙම මාර්ගය සම්පූර්ණ වුනාම. මෙය පුන්‍ය කටයුත්තක් .මෙම පාර එසේ මෙසේ පාරක් නෙවෙයි . අපි බෞද්ධයෝ හැටියට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙන්න ඕනා.

මහවැලි ව්‍යාපාරය ආරම්භ කරන කොට රජමහා විහාර 09 ක් නැති වුනා. කොත්මලේ , කුණ්ඩසාලේ , තෙල්දෙණිය ප‍්‍රදේශ වල පවුල් ලක්ෂ ගණනක් ගිරාදුරුකෝට්ටේ පදිංචියට ගියා. නමුත් ඒ අවුරුදු 30 කට පෙර එදා කල පරිත්‍යාගය නිසා ප‍්‍රතිලාභ රැසක් ලැබෙනවා. එම නිසා ඔබ සැමගේ සහය ලබා දෙන්න . මෙම අධිවේගී මාර්ගය අවුරුදු 10 කට පෙර හදන්න තිබුණු පාරක්. 2000 වසරේ එක්සත් ජාතික පෙරමුණු රජය කාලයේ මෙම මාර්ගය ඇරඹීමට කටයුතු කර තිබුණේ. නමුත් විවිධ හේතූන් නිසා කොළඹ – මහනුවර මාර්ගය හදන එක අත් හැරුණා. ප‍්‍රමාද වී හෝ දැන් අපිට අවස්ථාවක් ලැබිලා තිබෙනවා මෙම මාර්ගය ඉදිකරන්න. පරම්පරා ගණනාවක් ජීවත් වූ ප‍්‍රදේශයන් අතහැර යන එක දුකක් බව මම දන්නවා නමුත් රට වෙනුවෙන් කල හැකි පරිත්‍යාග කර මෙම මාර්ගය කඩිනමින් නිම කිරීමට සැමගේ සහය අවශ්‍යයි.

අපි බලහත්කාරයෙන් සංවර්ධන වැඩ කරන්නෙ නැහැ. පසුගිය කාලයේ ලංකාවේ නගර 17 ක ඉඩම් බලහත්කාරයෙන් හමුදාව දාල පවරා ගත්තා. පසුගිය රජය කාලයේ අධිවේගී මාර්ග හදන කොට මේ වගේ සාකච්ඡා පැවැත්තුවේ නැහැ. ආරක්ෂක හමුදාව යොදවලා බලහත්කාරයෙන් පවරාගෙන තමයි ඉදි කිරීම් කටයුතු සිදු කලේ. නමුත් අපේ යහපාලන රජය එහෙම කරන්නේ නැහැ.

මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන , පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන අජිත් මාන්නප්පෙරුම , හර්ෂණ රාජකරුණා සහ විජිත හේරත් යන මන්ත‍්‍රීවරුන් සහ ගම්පහ දිස්ත‍්‍රික් ලේකම්, අමාත්‍යාංශ ලේකම් ඞී.සී.දිසානායක , මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, සහ ඉඩම් අහිමි වන ප‍්‍රදේශවාසීන් පිරිසක් සහභාගී වූහ.

Z07A7354

 

Leave A Reply

Your email address will not be published.