ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ එළඹෙන ජූලි මස මුල් සතියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමට සූදානමක් ඇති බව වාර්තා වේ.ඉන් අනතුරුව මුදල් සම්බන්ධ කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස ඔහු දිවුරුම් දෙනු ඇති බවද වාර්තා වේ.
ඔහුට පාර්ලිමේන්තු පිවිසීම සදහා සාගර කාරියවසම්, ජයන්ත කැටගොඩ, රංජිත් බණ්ඩාර යන පත් කල මන්ත‍්‍රීවරුන්ගෙන් කෙනෙකු ඉල්ලා අස්වනු ඇතැයිද වාර්තා වෙයි.