දකුණු පළාත් සභාවේ පළාත් සභා පාසල් සදහා නවක විදුහල්පතිවරුන් හා වරියන් 493 දෙනෙකුට පාසල් ලබා දීමේ උත්සවයක් ඊයේ ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේ දී දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්ර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඊයේ දිනය දකු ණු පළාත් සභා රැස්වීම් පැවැත්වෙන දිනය වුවත් පක්ෂ වික්ෂ මන්ත්‍රීවරුන් 20 කට අධික ප්‍රමාණයක් මෙම උත්සවය සදහා සම්බන්ධ වී සිටීම විශේෂ කරුණක් විය. එහිදී සභාව ඇමතූ අමාත්‍යවරයා දකුණු පළාතේ අධ්‍යාපන පද්ධතිය තුළට දේශපාලනය ගාවා නොගෙන අදේශපාලනය කිරීම තමන්ගේ අරමුණ බවත් එසේ වූ විට සියලු දෙනාට මේ සමාඡ සත්කාරයට උරදීමට හැකි වන බවත් ඒ නිසාම දකුණ ඡාතික වශයෙන් පඑණක් නොව ජාත්‍යන්තර වශයෙන් ඉස්සරහට යෑමට එය රුකුලක් වන බවත් පැවසීය. මාතර දිස්ත්‍රික්කයේ මාකර අධ්‍යාපන තලාපයට 88 දෙනෙකුත් දෙනියාය කලාපයට 35 කුත් මුලටියන කලාපයට 33 දෙනෙකුත් නවක ව්දුහල්පතිවරු පත්විය. වලස්මුල්ල අධ්‍යාපන කලාපයට 34 කුත් , තංගල්ල කලාපයට 31 කුත් හම්බන්කොට කලාපයට 47 කුත් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයට නවක විදුහල්පතිවරුන් 112 ක් වැඩ භාර ගැනීමට නියමිතය. ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල කලාපයට 95 කුත් අම්බලන්ගොඩ කලාපයට 30 කුත් උඩුගම කලාපයට 27 කුත් ඇල්පිටිය කලාපයට 40 කුත් ලෙස නවක විදුහල්පත්වරු 192 ක් පත්වීම් ලැබීය.