topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවය වහා විසදා දෙන ලෙස රජයට බලකෙරේ.

Studio_20170201_075504

  වත්මන් රජය විසින් රජයේ සේවකයින්ගේ වැටුප් රු. 10000/= කින් වැඩි කරනු ලැබුවත් ඊට සමගාමීව විශ්‍රාමික ප්‍රජාවගේ වැටුප් ද සමාන්තර අයුරින් වැඩි කිරීමක් සිදු නොකිරීම නිසා ඔවුහු බරපතළ ලෙස මහත් දුෂ්කරතාවයකට හා අසාධාරණයකට ලක් වී සිටිති.

    2016 වසර සිට ක්‍රියාත්මක වන පරිදි රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කිරීමේදී 2016. 01. 01 සිට ඉන් ඉදිරියට විශ්‍රාම යන රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප ද ක්‍රමිකව වාර්ෂිකව වැඩි වන පරිදි සකසා ඇතත් 2015. 12. 31 සහ ඊට පෙර විශ්‍රාම ගොස් සිටින රාජ්‍ය සේවකයින්ගේ විශ්‍රාම වැටුප, වැඩි කරන ලද රාජ්‍ය සේවක වැටුපට සරිලන පරිදි වැඩි වීමක් සිදු කර නැති අතර ඔවුන් හට 2020 දක්වාම කිසිම වැටුප් වැඩිවීමක් නොමැතිව එකම ප්‍රමාණයේ සමාන මාසික වැටුපක් ලබා දීම  සිදුවීම තුළ ඉතා බරපතළ වැටුප් විෂමතාවයක් සිදු කර ඇත.

  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයාගේ 3/2016 සහ 2016. 02. 25 දිනැති චක්‍ර ලේඛය මගින් රාජ්‍ය සේවක වැටුප මෙලෙස වැඩි කිරීම සිදු කර ඇති අතර 2016. 01 .01 සිට විශ්‍රාම යන විශ්‍රාමිකයන්ගේ වැටුප ද  2016 සිට ක්‍රම ක්‍රමයෙන් වාර්ෂිකව වැඩිවී 2016. 01. 01 දින ලැබූ වැටුප මෙන් දෙගුණයක් පමණ වැටුපක් 2020. 01. 01 දින වන විට හිමි වෙයි. 2016. 01 01 දිනට පෙර විශ්‍රාම ගොස් සිටින පන් ලක්ෂ හැත්තෑපන් දහසක් පමණ වන විශ්‍රාමිකයන් වෙතට මෙම සහනය ලබා දීම පාලකයින් විසින් වළක්වා ඇත. මෙය 2016. 01. 01 දිනට පෙර විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයින් හට කරන ලද බරපතළ අසාධාරණයක් ලෙස සැලකේ.

  උදාහරණ්‍යක් වශයෙන් 2015. 12. 31 ට පෙර විශ්‍රාම ගොස් ඇති කළමනාකරණ සහකාර සේවයේ පළමුවන පංතියේ උපරිම වැටුප් තලයේ සිටින අයකු ලැබෙන දීමනා සහිත මාසික විශ්‍රාම වැටුප රු. 23942. 40 ක් ලබන විට 2016. 01. 01 සිට 2020. 01. 01 දක්වාම වසර 05 ක් ගත වුවද ඔහුට ලැබෙන්නේ කිසිම වැටුප් වැඩිවීමක් නොමැතිව එදා ලැබූ රු. 23942. 40 ක මාසික වැටුපම ය.

   නමුත් 2015. 12. 31 දිනට පසු විශ්‍රාම යන කළමනාකාර සහකාර සේවයේ පළමුවන පංතියේ උපරිම වැටුප් තලයේ සිටින අයකු ලැබෙන දීමනා සහිත මාසික වැටුප රු. 24782. 56 ක් වන විට 2017. 01. 01 දිනට රු. 29157. 92 ක් ද, 2018. 01. 01 ට රු. 33515. 68 ක් ද, 2019 01. 01 දිනට රු. 37873. 44 ක් ද, 2020. 01. 01 වන විට රු. 42231. 20 ක්ද වශයෙන් වාර්ෂිකව වැඩි වන  විශ්‍රාම වැටුපක් හිමි වේ. ඒ අනුව 2016. 01. 01 ට පෙර සහ ඊට පසුව විශ්‍රාම ගත් සම තත්ත්වයේ එම නිළධාරීන් ලබන විශ්‍රාම වැටුප් අතර පවතින විෂමතාවය හෙවත් ඔවුන්ට අහිමිවන මුදල 2016 වර්ෂයේදී රු. 840. 16 ක් ද, 2017 වර්ෂයේ රු. 5215. 52 ක් ද, 2018 වර්ෂයේ රු. 9573. 28 ක්ද, 2019 වර්ෂයේ රු. 13931. 04 ක් ද, 2020 වර්ෂයේ රු. 18288. 80 ක් ද වන්නේ ය.

   මෙහිදී 2016. 01. 01 ට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින් වෙත රජය විසින් කරන ලද බරපතළ අසාධාරණයක් ලෙස අප දකින්නේ, ඉහත සදහන් 3/2016 දරණ චක්‍ර ලේඛයේ 5 (2) ඡේදයෙන් විශ්‍රාම වැටුප් සංශෝධන ගැන 2019. 12. 31 දින වන තෙක් කිසිදු සළකා බැලීමක් සිදු නොකරන බවට රජය ප්‍රකාශයක් නිකුත් කර විශ්‍රාමිකයා නිහඩ කර තැබීමයි. මෙය එක්තරා අයුරකින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් වශයෙන් ද සැලකිය භැක,

   විශේෂයෙන්ම මෙම දරදඩු තීරණය වත්මන් රජය විසින් ගෙන ඇත්තේ රාජ්‍ය වැටුප් වැඩිකරන අවස්ථාවල ඊට සමානව විශ්‍රාම වැටුප් ද වැඩි කිරීමටද පියවර ගත යුතු බවට බලධාරීන් විසින් පත් කරන ලද කමිටු ගණනාවක් විසින් ම ඉදිරිපත් කරන ලද නිර්දේශයන් කුණුමුල්ලට දමමිනි.

   රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකරන සෑම අවස්ථාවකදීම විශ්‍රාම වැටුප් ද වැඩිවන ආකාරයට නීති සම්පාදනය කරන ලෙසට දිගු කලක් සිට විශ්‍රාමිකයන් දිගින් දිගටම ඉල්ලා සිටියද, චන්ද්‍රිකා කුමාරණතුංග රජය, මහින්ද රාජපක්ෂ රජය, පමණක් නොව වර්තමාන මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ප්‍රධාන වත්මන් රජය ද ඊට සවන් යොමු කිරීමක් සිදු කර නොමැත. එපමණක් නොව පෙර රජයන් කිසිදා නොකළ තදබල අසාධාරණයක් සහිත වැටුප් විෂමතාවයක් නිර්මාණය කරමින් විශ්‍රාමික ප්‍රජාවගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් 2016 රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේදී 2016 සිට 2020 දක්වා කාල පරාශය තුළ වැටුප් සංශෝධන ගැන කිසිදු සළකා බැලීමක් නොකරන බවට පහත් ප්‍රකාශයක් සිදු කොට 2015. 12. 31 දිනට පෙර විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයින්ගේ අයිතීන් උදුරා ගනිමින් කටවල් වසා නිහඩ කර තිබීම පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුත්තකි.

   මෙම වැටුප් විෂමතාවය නිසා මතුවී ඇති බරපතළ අර්බුදකාරී අසාධාරණ තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ලංකා රජයේ විශ්‍රාමිකයින්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානය විසින් රාජ්‍ය පරිපාලන ලේකම් වරයා සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් වරයා සමග කරන ලද සාකච්ඡා වලදී එම නිළධාරීන් පවසා ඇත්තේ විශ්‍රාම වැටුප් වැඩි කිරීම් ආදිය සම්බන්ධයෙන් කිසිම තීරණයක් ගැනීමට ඔවුන් හට හැකියාවක් නොමැති බවයි.

   ඉන්පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා හමු වී මෙම ගැටළුව ඉදිරිපත් කරන ලද අවස්ථාවේ ඔහු නිහඩව සිටියා මිස පිළිතුරක් දීමට හෙතෙම අපොහොසත් වී ඇත.

   වැඩ වර්ජන, උද්ඝෝෂණ වලට අවතීර්ණ නොවී සාකච්ඡා මාර්ගයෙන් ගැටළු විසදා ගන්නා ලෙසට නිරන්තර උපදෙස් දෙන රටේ ජනාධිපතිවරයා මීට මාස කිහිපයකට පෙර පෞද්ගලිකව හමුවී මෙම අවනඩුව සම්බන්ධයෙන් සාක්ච්ඡා කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටි විට ඒ සදහා දිනයක් ලබා දෙන්නැයි සිය නිළධාරීන්ට නියෝග කළද මේ වන තෙක් එම දිනය අප වෙත ලබා දීමට ඔවුන් කාරුණික වී නැත. නොහොත් නිළධාරීන් හිතාමතාම එම නියෝගය පිටු දැක ඇත.ඒ අනුව සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් අසාධාරණයට ලක් වූ විශ්‍රාමික ප්‍රජාව විසින් 2016. ඔක්තෝබර් මස 07 වැනි දින දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වා පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලයට ගොස් මෙම ඉල්ලීම ප්‍රමුඛ විශ්‍රාමිකයින්ගේ ගැටළු ඇතුළත් සංදේශයක් භාරදී සාකච්ඡාවට අවස්ථාවක් අයැද සිටියද මාස 03 ක පමණ කාලයක් ඉකුත්ව ඇතත් එයද ඉටු කර නොතිබීම ඉමහත් කණගාටුවට කරුණකි.

   විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවයක් ඇති කොට ඔවුන්ට මුකවාඩම් දමා, මන්ත්‍රීවරුන්ගේ පමණක් අවුරුදු පහක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් ලබන විශ්‍රාම වැටුප කිසිම විෂමතාවයකට ලක්වීමට ඉඩ නොහැර ඔවුන්ගේ පූර්ණ නිදහස් විශ්‍රාම වැටුප රැක දී ඇත. 2016. 01. 01 දිනට පෙර විශ්‍රාම ලැබූ  රාජ්‍ය සේවක නිදහස් විශ්‍රාම වැටුප පෙට්ටියේ දමා ඇණ ගසා වළ දමා ඇත. නිශ්ශරණාධ්‍යාශයෙන් මහා සමාජ මෙහෙවරක නියැලී සිටින විශ්‍රාමිකයා සමාජය තුළ පුලන්නකු බවට පත් කර හමාර ය. ගැටළු ජනපතිට ලියන්නැයි නිරන්තර ප්‍රකාශ කළ ද අඩු වශයෙන් එබදු ලිපියක් ලැබුණු බවක් වත් අපට දන්වා එවීමට ක්‍රියා කරන්නේ ද නැත. දැන් මෙම අවනඩුව විභාග කර තීන්දුව දිමට භාර කළ යුතුව ඇත්තේ වත්මන් රජය බලයට පත් කොට පාලකයින් සිංහාසනාරූඪ කරවීමට කටයුතු කළ ජනතාව ‍හටම මිස වෙන කවරකුටවත් නොවන බව අවධාරණයෙන් ප්‍රකාශ කළ යුතු ව ඇත. හිතුවක්කාර පාලකයින් මට්ටුකර, දණගස්වා මෙල්ල කරන්නට හැකියාව ඇත්තේ චන්දදායකයින්ට පමණක්ම වන හෙයිනි. මෙහිදී විශ්‍රාමිකයින් පමණක් ලක්ෂ 06 කට ආසන්න පිරිසක් සිටින බව ද වටහා ගත යුතු ය.

   විශ්‍රාමිකයින්ගේ ස්වකීය ප්‍රශ්න සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට, ඔවුන් හට  අවස්ථාව ලබා නොදෙන පාලකයින් හට ඊළගට කළ යුතුව ඇත්තේ ඇගට දැනෙන ඊට වඩා රළු ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වීමේ ක්‍රියාවලියකට යොමුවීමයි. එම අරමුණ පෙරදැරි කරගෙන “විශ්‍රාමික මහා සංග්‍රාමය” යන තේමාව යටතේ පුජ්‍ය පක්ෂය, විද්වතුන්, කලාකරුවන්, ප්‍රජා නායකයින් ප්‍රමුඛ සමස්ත සමාජය ආමන්ත්‍රණය කිරීමේ මහා සම්මන්ත්‍රණ මාලාවක් දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වීමට ජාතික විශ්‍රාමික නායකත්වය අද හෙටම ක්‍රියා කිරීමට තීරණයකර ඇත.. මෙහිදී ඒ ඒ දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක විශ්‍රාමික සමිති සංවිධාන කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව විශ්‍රාමික ප්‍රජාව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් සාමකාමී රජයට බලකිරීමේ ක්‍රියාවලියක නිරත වීමට නියමිතයි.

   විශ්‍රාමිකයින් මුහුණ දී ඇති වැටුප් විෂමතාවය දුරු කිරීම ඇතුළු විශ්‍රාමික ගැටළු විසදීම වෙනත් රජයකට ඉඩ නොතබා වැටුප් විෂමතාවය නිර්මාණය කළ වත්මන් රජය කරවන බලධාරීන් විසින්ම ඔවුන්ගේ කාරුණික අවධානය මේ පිළිබදව යොමු කොට හැකි ඉක්මනින් අපේක්ෂිත සහනය සලසා දෙන ලෙස විශ්‍රාමික සමස්ත ප්‍රජාව වෙනුවෙන් යළිත් වරක් පාලකයින්ගෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.

ප්‍රභාත් සී. ඒ. ගමගේ

 

  

  

   

Leave A Reply

Your email address will not be published.