රටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මිරිහාන, පැඟිරිවත්ත ප්රදේශයේ පිහිටි නිවෙස සහ ඒ අවට ප්රදේශයේ ආරක්ෂක විධිවිධාන වැඩි කරන ලෙස පොලිස් ප්රධානීන් ප්රදේශයේ පොලිස් සහ බුද්ධි අංශ නිලධාරීන්ට ඊයේ (19) වනවිට උපදෙස් දී ඇති බව වාර්තා වේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ යලි මෙරටට පැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ ලේකම් සුගීෂ්වර බණ්ඩාර කළ විමසුමකදී ඔහු පවසා ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ තවත් දින කිහිපයකින් මෙරටට පැමිණෙන බවයි. හිටපු ජනාධිපතිවරයා ඒ බව දැනුම් දී ඇති බව ඔහු සඳහන් කරයි.