topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අයි.එම්.එෆ්. කොන්දේසිවල විපාක බුක්ති විඳින්න වෙන්නේ මහජනතාවට.

හැම පැත්තකින්ම පීඩනයට පත්වී සිටින මහජනතාවගේ පීඩාව නොතකන මේ ව්‍යසනයට රට පත් කළ පිරිසම රට ගොඩගන්නවාය කියන මිත්‍යාව සමාජගත කරමින් සිටිනවා. ඔවුන් පෙන්නුම් කරන්න උතසාහ කරන්නේ මූල්‍ය අරමුදලෙන් ලබාදුන් ණය නිසා මේ රට නැවත සංවර්ධනයේ මාවතට ගෙන සියලු ප්‍රශ්න විසඳනවා යන මිත්‍යාවයි. මේ රට අගාධයට ඇද දැමීම පිටුපස තිබෙන ඇත්ත ප්‍රශ්නය තේරුම් නොගෙන කිසිම දෙයක් කරන්න බැහැ. රට මේ තත්වයට හෙලූ කණ්ඩායම බලයේ සිටියදීම අයි.එම්.එෆ්. කොන්දේසිත් ජනතාව මත පැටවීමට යනවා. රට විනාශයට ඇද දැමූ වංචා, දූෂණ එහෙමම පැවතෙද්දී මේ ණය යොදවා සංවර්ධනය කරනවා කියන එක තවත් මිත්‍යාවක්. අයි.එම්.එෆ්. කොන්දේසි අතරට ආර්ථිකය ගොඩගන්නා කිසිම සංවර්ධන සැලැස්මක් ඇතුළත් කර නැහැ. ඕනෑම ව්‍යාපෘතියක සැලැස්මක් තිබෙනවා නම් පමණක් අදාළ ව්‍යාපෘතියේ සාර්ථක අසාර්ථක භාවය පිළිබඳ මූලික තර්ක කරන්න පුළුවන්. නමුත් මෙතන කිසිම සැලැස්මක් නැහැ. පළමුවෙන්ම රට ගොඩගැනීමේ නිෂ්පාදන ආර්ථික සැලැස්මක් තියෙන්න ඕනෑ. රට ඇතුළේ ආදායම් උපයන හැටි සැලසුම්කර තිබෙන්න ඕනෑ.

අයි.එම්.එෆ්. වාර්තාවෙන් ලබාදී තිබෙන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනතාව පූර්ණ අවධානය යොමු කරන්න අවශ්‍යයි. එයින් කිහිපයක් ගැන මම කියන්නම්. රට ණය ගෙවාගත නොහැකි බුන්වත්භාවයට පත්වී ඇති බව මේ වන විටත් ප්‍රකාශ කර තිබෙනවා. නමුත් අයි.එම්.එෆ්. මැදිහත් වෙන්නේ ඒ තත්වයෙන් ගොඩගන්න නොවෙයි. හුස්ම ගැනීමේ ඉඩකඩක් ලබාදිම සඳහා පමණයි. ණය ලබාදී තිබෙන්නේ ඒ වෙනුවෙන්. ඒ වගේම මූල්‍ය අරමුදලකින් වාරික වශයෙන් ලැබෙන ණය ලබාදෙන්නෙත් මාස හයෙන් හයට ප්‍රගතිය සමාලෝචනය කරමින් අවුරුදු හතරක් පුරා. ඊට කොන්දේසියක් වශයෙන් ‘ආදායම් පාදක ඒකාබද්ධ අයවැය’ කියන කොන්දේසිය පනවා තිබෙනවා. එයින් කියවෙන්නේ ආණ්ඩුව උපයන ආදායම්වලින් වියදම් ආවරණය කර ගත යුතු බවයි. ඒ වගේම ආදායම් සහ වියදම් අතර හිඟය පොළිය හැර ධන අගයක් ගත යුතු බව නියෝග කර තිබෙනවා. ඒ වගේම සමස්ත අයවැය වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 2.3%ක් විය යුතු බව දක්වා තිබෙනවා. මේ කොන්දේසිය ඉටුකරන්න නම් ආදායම් වැඩිකර ගැනීමත් වියදම් කපා හැරීමත් කරන්න ඕනෑ.

රජයක් නිෂ්පාදන කර්මාන්තවල නියැලී ලාභ ලබාගන්නවා නම් එයින් රජයේ ආදායම් ශක්තිමත් වෙනවා. නමුත් අපේ රටේ විශාල රජයේ ආදායම් පංගුව ලබා ගන්නේ බදුවලින්. මේනිසා රජයේ ආදායම් වැඩිකර ගන්න සිදුවී තිබෙන්නේ බදු ඉහළ දැමීමෙන් විතරයි. රටේ නිෂ්පාදනය ඉහළ දමා බදු ආදායම් වැඩිකර ගන්නවා වෙනුවට 2022 වසරේදී සැලසුම් සහගතවම ආර්ථිකය හැකිළීමේ උපක්‍රමය දියත් කර තිබෙනවා. 2022 වසරේ ඍණ 7.8කින් හැකිලූ ආර්ථිකය 2023 වසරේ ඍණ 3ක් වී යැයි පුරෝකථනය කර තිබෙනවා. ආර්ථිකය හකුළුවන තත්වයක් තුළ වැඩි බදු ආදායම් ප්‍රමාණයක් රජයට ගන්න නම්, වැඩිපුර බදු පැනවීම මිස වෙනත් ක්‍රියාමාර්ගයක් නැහැ. බදු ප්‍රතිශතය වැඩිකිරීම, බදු ගැහුවේ නැති අයට බදු ගැසීම කරන්න වෙනවා. ආණ්ඩුව දැන් ක්‍රියාත්මක වෙන්නේ බදු අයකිරීමේ සාධාරණ මූලධර්මයට වඩා බර පැටවීමටයි. ආණ්ඩුවේ පුරෝකථනවලින් ඉතාම පැහැදිලි වෙන්නේ සාමාන්‍ය ජනතාවට වියදම කළ හැකි මුදල අඩුවී පටිතදකර ගැනීමකට යාමයි.
දැනට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ක තරම් විශාල අයවැය පරතරයක් තිබෙනවා. මේ නිසා ආදායමට වඩා විශාල වශයෙන් විදම් අඩුකරන්න ඕනෑ. නමුත් මේ වන විටත් වංචා, දූෂණ ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වෙන බව පැහැදිළිවී තිබෙනවා. නාස්තිය සහ අකාර්යක්ෂමතාවයත් එලෙසමයි. පොදු ජනතාව ගැන නොසිතන ආණ්ඩුවක් මහජනතාවගේ අත්‍යාවශ්‍ය වියදම් කපා හැරීමක් සිදු කළ හැකියි. විශේෂයෙන්ම රටක් ගොඩනගන්න නම් ඒ රටේ අධ්‍යාපනයත් සෞඛ්‍යයත් රජයේ ප්‍රමුඛතාවයක් වෙන්න ඕනෑ. මානව සම්පත සංවර්ධනයකින් තොරව ජයග්‍රහණ ලබාගන්න බැහැ. මූල්‍ය අරමුදලේ නියෝගවලට අනුව මේ වන විට යන්තම් හරි ඉතිරිවී තිබෙන අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව කපා දැමීමට විශාල ඉඩක් තිබෙනවා.

තව ඉලක්කයක් විදියට විදේශ සංචිත ගොඩනගා ගැනීමට ජාතික සම්පත් ලෙස තිබෙන රාජ්‍ය දේපළ විකුණන්නත් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්නවා. ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණන්නේ විදේශ සංචිත වැඩිකර ගැනීමට මිස රටේ ආර්ථික ක්‍රියාවලියට පෞද්ගලික අංශය දායක කරගන්න නොවෙයි. පෞද්ගලීකරණය ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට යොදාගත හැකි වෙන්නේ ක්‍රමවත් වැඩපිළිවෙළක් තිබෙනවා නම් පමණයි. මෙවැනි ආණ්ඩුම තමයි 1980-1990 දශකවල පෞද්ගලීකරණ වැඩපිළිවෙළවල් ඉදිරිපත් කළේ. ඒ අහිතකර ප්‍රතිඵලයත් අද මහජනතාව බුක්ති විඳිනවා. එදා ලබාගත් පෞද්ගලීකරණයේ ප්‍රතිඵලයවත් අද ලබාගැනීමට හැකිවෙන්නේ නැහැ. අයි.එම්.එෆ්. කොන්දේසි මත පෞද්ගලීකරණයේ නාමයෙන් මේ කරන්නේ තවදුරටත් යම් සම්පත් ප්‍රමාණයක් රටේ ඉතිරිවී තිබෙනවා නම් ඒවත් කෙසේ හෝ විකුණා දැමීමටයි. ජාතික සම්පත් විකිණීමේ ක්‍රියාවලිය ඉටුකරන අයි.එම්.එෆ්. කොන්දේසිවල විපාක බුක්ති විඳින්න වෙන්නේ රටේ මහජනතාවට. මේ විකිණීමේ ක්‍රියාවලිය තුළත් විශාල කොමිස් කුට්ටි ප්‍රමාණයක් හුවමාරු වෙන බවට තොරතුරු හෙළිවී තිබෙනවා. අයි.එම්.එෆ්. ණය දෙන්නේ පියවරෙන් පියවර නිසා දිගටම මේ කොන්දේසි ලංකා ආණ්ඩුවෙන් ඉටුකරවා ගන්නා බලපෑම් කරන බව පැහැදිලියි. මේ කොන්දේසි ඉටුකිරීමෙන් අපේ රටේ ජනතාවට කවදාවත් යහපත් ජීවිතයක් ගත කරන්න වෙන්නේ නැහැ. ලස්සන රටක සුන්දර ජීවිතයක් ගත කරන්න රට ගොඩනඟා ගත යුතුයි. එය දැනුවත්භාවයෙන් සහ අවබෝධයෙන් සිට ආණ්ඩුවේ අනර්ථකාරී ආර්ථික දේශපාලන ක්‍රියාවලියට රටේ සියලු පුරවැසියන් එරෙහි විය යුතු බව අපි අවධාරණය කරනවා.

ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු.

Leave A Reply

Your email address will not be published.