topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අපි නිර්මාණය කරන්නේ අපේ දරුවන්ගේ පරම්පරාව සමගියෙන් සතුටෙන් ජීවත් වෙන රාජ්‍යයක්…ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක.

පරම්පරා තුනක් රට පාලනය කළ පාලකයන් විශ්රාමිකයන්ටවත් නිවී සැනසිල්ලේ ජීවත් විය හැකි තත්වයක් නිර්මාණය කර නැහැ. මේ ආර්ථිකයත්, මේ සමාජ සංස්කෘතියත් දේශපාලන සංස්කෘතියත් වෙනස් කිරීම අපි හමුවේ තිබෙන අභියෝගයයි. අපේ රටත් ජනතාවත් මේ වන විට මුහුණ දී තිබෙන ව්යසනය මෙතෙක් සිටි පාලකයන් විසින් ඇති කළ දෙයක්. ගැබිණි මාතාවන්, වැඩිහිටියන්, මහල්ලන්, දරුවන් ඇතුළු සියලු දෙනාම එහි ගොදුරු බවට පත්වී තිබෙනවා. මෙය වෙනස් කරන්න ඕනෑ කියන ස්ථිර අධිෂ්ඨානයෙන් අපි මැදිහත් වෙමු. දත්ත කියන්නේ ඇත්ත නොවෙයි. මහ බැංකු වාර්තාවක් සාමාන්යයෙන් හදන්නේ ආණ්ඩුවට වාසි වෙන ලෙසට. සැබෑ තත්වය වසන් කිරීම සඳහා යොදා ගන්නා දත්තවලින් මහ බැංකු වාර්තාව හැදෙනවා. එසේ තිබියදී මහ බැංකු වාර්තාවෙන් කියන්නේ ජනගහනයෙන් 68%ක් කන වේල් ප්රමාණය අඩුකර හෝ ගන්නා කෑම ප්රමාණය අඩුකර හෝ තමන්ට රුචි නොවන ආහාරවලට යොමු වී ඇති බවයි. ඒ වගේම ජනගහනයෙන් 40%ක් ඖෂධ වියදම් කපාහැර ඇති බවත් ඒ ප්රමාණයම අධ්යාපන වියදම් කපා හැර ඇති බවත් සඳහන් කර තිබෙනවා. අවුරුදු 05ට අඩු දරුවන්ගෙන් හයදෙනෙකුගෙන් එක් අයෙක් අධි මන්දපෝෂණයෙන් පෙළෙනවා. ජනගහනයෙන් ලක්ෂ 55ක් දුප්පත්කමේ රේඛාවෙන් පහළට වැටී සිටිනවා. මේ පාලකයන් රටේ ජනතාවට උරුම කර දී තිබෙන්නේ මෙවැනි තත්වයක්.
දුක්ඛ දෝමනස්සයන්ගෙන් පිරුණු ජනතාවගේ ජීවිතය මේ තත්වයෙන් වෙනස් කරන්න ඕනෑ. කෙටි කාලයක් ජීවත්වන මිනිසුන්ගේ මානසික නිදහසක් සහිත රටක් නිර්මාණය කිරීමේ අභියෝගය අපි භාරගෙන තිබෙනවා. රනිල් වික්රමසිංහ බැබලෙන ආර්ථිකයක් නිර්මාණය කරන බවට සංදර්ශන පවත්වනවා. අවුරුදු උත්සව, වෙසක්, පොසොන් විතරක් නොවෙයි අගෝස්තු මාසයේ හමුදා සංදර්ශනයකුත් පවත්වන්න සැලසුම් කර තිබෙනවා. සංදර්ශන ආර්ථිකයක් පෙන්වන අතර, පතුලේ ජීවත්වෙන ජනතාවගේ මූලික අවශ්යතා සපුරා ගන්න නොහැකිව රට අත්හැර යනවා. විදෙස් රැකියා සඳහා යන කාන්තාවන් ප්රමාණය 2020 දී 13,000 දක්වා අඩු වී තිබුණා. 2022 දී ගෘහ සේවිකාවන් හැටියට 74,000ක් යවා තිබෙනවා. නුපුහුණු ශ්රමිකයන් ලෙස එක්ලක්ෂ හාරදහසක් ගොස් තිබෙනවා. ආසන්න වශයෙන් එක් ලක්ෂ අසූදහසක් නුපුහුණු සහ ගෘහ සේවිකාවන් ලෙස විදේශගත වී සිටිනවා.
යුද අනාථයින් ගැන අපි අහලා තිබෙනවා. නමුත් ලංකාවේ අද ඉන්නේ ආර්ථික අනාථයින්. ඔවුන්ට රට දාලා යන්න බලකෙරෙමින් තිබෙනවා. රනිල් වික්රමසිංහ සංදර්ශන ආර්ථිකයක් මවන්නේ මේ පසුබිම තුළයි. මේ තත්වය තුළ ලංකාවේ විශේෂ දේශපාලනික තත්වයක් නිර්මාණය වී තිබෙනවා. ලංකාවේ සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් ප්රබලතම මහජන ව්යාපාරය ජාතික ජන බලවේගයෙන් ගොඩනඟා අවසන්. මේ වන විට ප්රධාන සාධක හතරක් අපේ රටේ පවතිනවා. පළමුව ජනතාවට තවදුරටත් මේ ලෙස ජීවත් වෙන්න බැහැ. දෙවනුව, පාලකයන්ගේ ක්රියාවලිය විශාල ලෙස අඩපණ වී තිබෙනවා. තුන්වෙනුව, රටේ විශාල ආර්ථික කඩා වැටීමක් තිබෙනවා. හතරවැනිව ජාතික ජන බලවේගය ශක්තිමත්ව ගොඩනැගෙමින් තිබෙනවා.
පාලකයන්ට දැන් පැරණි විදිහට බලය ගෙනයන්න බැහැ. ඒ නිසා ඡන්ද පවත්වන්න ඒගොල්ලන්ට බැහැ. ඡන්ද අකුළමින් තිබෙනවා. රනිල්ට වුවමනා අපිව වෙනත් පාරවල්වලින් කැඳවන්න. අපි වෙනත් පාරවල්වල යන්නේ නැහැ. 2024 අගෝස්තුවල ජනාධිපතිවරණයක් කැඳවිය යුතුයි. ඊට පෙර මැතිවරණ දිනාගන්න අපි පෙළගැසෙනවා. පාලකයා උත්සාහ කරන්නේ, ජනතාවට මුහුණ නොදී නීති කඩමින්, ව්යවස්ථාව කඩමින් බලය තියාගෙන යන්න. ඊට අමතරව පරණ පුරුදු ලෙසම ඇති තරම් ජාතිවාදය සහ ආගම්වාදය අවුස්සන්න ක්රියා කරනවා. අපේ රටේ ජාතිවාදය සහ ආගම්වාදය මිනිසුන්ගෙන් පැන නගින එකක් නොවෙයි, දේශපාලනයක්. 1972දී පිහිට වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ 1977 මැතිවරණයට ආවේ වෙනම රටක් ඉල්ලන අය සූර්යයාට ඡන්දය දෙන්න කියලා. ඒ වේදිකාවේ සිටි කාසි ආනන්දන් වගේ කවියන් කීවේ සිංහලයන්ගේ ලේවලින් රතු රෝස මලක් පළඳින බවයි. තමන්ගේ බලය අහිමි වෙන විට සාම්ප්රදායික දෙමළ නායකයන් ජාතිවාදය වැපිරුවා. ඊට නොදෙවෙනිව දකුණේ නායකයන් සිංහල ජාතිවාදය වැපිරුවා. 1981 සංවර්ධන සභා මැතිවරණය කොල්ලකා, ගිනි තබා, යාපනය පුස්තකාලය ගිනි තබා, මහත් ව්යසනයක් ඇති කළා. ජේ.ආර්. ජයවර්ධන බලයෙන් උමතු වී තමන්ගේ අණසකට යටත් නොවෙන සංවර්ධන සභාවක් වත් නොතබන්නට ක්රියා කළා. එස්.ඩී. බණ්ඩාරනායක මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ කළ කතාවක් අනුව යාපනය පුස්තකාලය ගිනි තබන්න ගිය අය අතර, රනිල් වික්රමසිංහ සිටි බව හැන්සාඞ් වාර්තාවේ සඳහන් වෙනවා. ඉතිහාසය මේකයි.
ඒ ජනතාවගේ ප්රජාතන්ත්රවාදය උදුරා ගැනීමෙන් කුඩාවට තිබුණු සන්නද්ධ තරුණයන්ගේ සංවිධාන, මරාගෙන මැරෙන ව්යාපාර දක්වා වර්ධනය කරන්න සංවර්ධන සභා ඡන්දය කඩාකප්පල් කිරීමත්, 1983 කළු ජූලියත් පාර කපා දුන්නා. උතුරේ ජාතිවාදයත්, දකුණේ ජාතිවාදයත් වර්ධනය කළ සාම්ප්රදායික දේශපාලකයන් අතරින් උතුරේ දෙමළ නායකයන්ට නැගීගෙන ආ සන්නද්ධ ව්යාපාරය පාලනය කර ගන්න බැරි වුණා. අනෙක් පැත්තෙන් භූ දේශපාලනයේ වැරදි නිසා ජේ. ආර්. ජයවර්ධන ඇමෙරිකානු ගැති රාජ්ය පාලනයකට ගියා. ඒ වෙන විට ඉන්දියාවේ තිබුණේ සෝවියට් දේශයත් සමග මිත්ර සංවිධානයක්. එක්සත් ජනපදය ඉන්දියාව දෙකඩ කිරීමේ බ්රහ්මපුත්ර සැලැස්මක් සකස් කර තිබුණා. ඒ අතරේ ලංකාව එක්සත් ජනපදයේ කොලනියක් බවට පත්කිරීමට විරුද්ධව උතුරේ තිබුණු කුඩා සන්නද්ධ කණ්ඩායම්වලට ඉන්දියාව විශාල අනුබලයක් ලබාදුන්නා. මෙතන අද ආබාධිත වී සිටින කිසිකෙනෙක් මේ ව්යසනයට වගකිවයුත්තන් නොවේ. උතුරෙත් දකුණෙත් අපි සෑම දෙනාම ඒ ව්යසනයේ වින්දිතයෝ. බලය පවත්වා ගැනීම වෙනුවෙන් සහ ලබාගැනීම වෙනුවෙන් ආගම්වාදය, ජාතිවාදය යොදා ගැනීම නිසා ඇති තරම් ලේ, කඳුළු හෙළා තිබෙනවා.
එහෙම අත්දැකීම් තිබෙන රටක පාස්කු ප්රහාරය එල්ල කරනවා. පාස්කු ප්රහාරය දේශපාලන බලය ලබාගැනීමට සිදුකළ බව පොදු ජනතාවගේ පිළිගැනීම වී තිබෙනවා. නැවත ජාතිවාදයේ, ආගම්වාදයේ පිල්ලි ගොඩනැගෙමින් තිබෙනවා. සහරාන්ගේ ඉස්ලාම් අන්තවාදයටත් සිංහල අන්තවාදයටත් ආරක්ෂක අමාත්යාංශයේ එකම ගිණුමෙන් සල්ලි ගියේ කොහොමද? අන්තවාදී කණ්ඩායම් දෙකක් බලය වෙනුවෙන් පෝෂණය කළා. ඒ පිල්ලි අදත් ක්රමානුකූලව එළියට එන්න පටන්ගෙන තිබෙනවා. පැරණි සිතියම නැවත එළන්න පටන්ගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් ප්රකාශ කර සිටි පාස්ටර්ගේ ප්රකාශය අහම්භයක් නොවෙයි. නයි වඩම්මපු නාලිකාවල ප්රවෘත්ති විශාල කාලයක් ඒ වෙනුවෙන් වෙන්කළා. කිසිදු ජාතිවාදයකට, ආගම්වාදයකට අපි ඉඩ ලබානොදිය යුතුයි. ස්ථිර ලෙසම අපි ඒ ස්ථාවරයේ ඉන්නවා.
අපේ දරුවන්ගේ පරම්පරාව සමගියෙන් සතුටෙන් ජීවත් වෙන රාජ්යයක් ජාතික ජන බලවේගය නිර්මාණය කරනවා. ලෝකයේ දියුණු වුණු සෑම රටකම පදනම ජාතිවාදය සහ ආගම්වාදය ප්රතික්ෂේප කිරීමයි. උතුරේ සමහර සිදුවීම් රජය විසින් නිර්මාණය කරනවාද කියලා සාධාරණ සැකයක් තිබෙනවා. පාලකයාට ජාතිවාදය නැතිව බැහැ. ජේ.ආර්. ජයවර්ධනලා ජාතිවාදයේ පිනුම් ගහන කොට අපි ව්යාපාරයක් හැටියට කුඩායි. එයාගේ බෑනා ජාතිවාදයේ බඩපිනුම් ගහන කොට අපි ලංකාවේ ප්රබලතම දේශපාලන ව්යාපාරය ගොඩනඟා ජාතිවාදී බඩපිනුම්වලට ඉඩ නොදෙන මතවාදී අරගලය ගෙනයනවා. ඉන්දියාවේ, පාකිස්ථානයේ සිටි දේශපාලන නායකයන් හොරකම් කර හිරේ ගිහින් තිබෙනවා. ලංකාවේ ප්රාදේශීය සභා මන්ත්රී කෙනෙක්වත් හොරකම් කිරීම නිසා හිරේ ගිහින් නැහැ. ධනය, බලය තිබෙන අයට එක නීතියකුත්, දුප්පත් අයට එක නීතියකුත් ක්රියාත්මක වෙනවා. ඒ නිසා සැම කෙනාටම සාධාරණ ලෙස නීතිය ක්රියාත්මක වෙන රටක් ජාතික ජන බලවේගයෙන් නිර්මාණය කරනවා. ඈත ග්රාමීය ප්රදේශවලට කුඩු ව්යාප්ත වුණේ කොහොමද? මේ කුඩු ව්යාපාරයේ කප්පිත්තන් ආණ්ඩුවේ ඡන්ද ව්යාපාරවලට සල්ලි පොම්ප කරනවා.
රනිල්ගෙන් මහින්දට බලය යනවා නම්, මැතිවරණ පවත්වනවා. රනිල්ගෙන් සජිත්ට යනවා නම්, ඒත් පවත්වනවා. මේ දක්වා දෙපැත්තට පැද්දුණු දේශපාලන තොටිල්ල දැන් ගැස්සිලා තිබෙන්නේ. ලංකාවේ විශ්රාමික ත්රිවිධ හමුදා සාමාජික සාමාජිකාවන් දහස් ගණනක් කුරුණෑගලට මේ විදිහට රැස්වෙයි කියලා ඒගොල්ලෝ කවදාවත් සිතුවේ නැහැ. නමුත් ඔවුන් ගැස්සිලා තිබෙන්නේ මෙවැනි බලවේග නිසයි. මේ බලවේග හමුවේ සතුරා කළ හැකි සෑම කුමන්ත්රණයක්ම සිදුකරනවා. මේ රටේ පුරවැසියන් මීට වඩා හොඳ රටක් බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව මගේත්, ඔබේත් සෑම දෙනාගේම බලාපොරොත්තුවයි. සුනාමිය වගේ ඛේදවාචක් පවා වංචා, දූෂණවලට යොදා ගත්තා. යුද්ධයේ මිග් ප්රහාරක යානා ඇතුළු, සියලුම මිලදී ගැනීම් ඉල්ලමක් බවට පත්කරගෙන තිබුණා. කෝවිඞ් වසංගතයත් ඒ වගේම ඉල්ලමක් කර ගත්තා. තෙල්, ගෑස් නැතිවීමත් ඉල්ලමක් කර ගත්තා. එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගෙන ලෝකයේ සිදුවුණු විශාලතම සමූද්ර රසායනික විනාශයත් ඉල්ලමක් කර ගත්තා. සෑම විනාශයක්ම තමන්ට රන් ආකරයක් බවට පත්කර ගන්න මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන බලවේගයකට බලය මාරුවෙනවාට රනිල් වික්රමසිංහලා බයයි. රාජපක්ෂ පවුලත් බයයි. මහජනයාගේ දේපළ නීත්යානුකූල නොවෙන මාර්ගවලින් එක්රැස්කරගෙන තිබෙන තැන්වලින් යළි පවරා ගන්නා පාලනයක් ජාතික ජන බලවේගයෙන් ගොඩනගනවා.
අපරාධකරුවන්ගේ දැලකට සමාජය යටත් කරගෙන ඉන්නවා. එයින් මිදෙන්න තනි තනිව විවිධ ප්රයත්න දරනවා. නමුත් ගොඩ එන්න බැහැ. අපි කියන්නේ මෙයින් ගොඩ එන්න, සාමූහික ප්රයත්නයක් දැරිය යුතු බවයි. විශ්රාම ත්රිවිධ හමුදා සාමූහිකය කියන්නේ ඒ ප්රයත්නයේ විශාල පංගුවක් විශාල ප්රවාහයක් වී තිබෙනවා. අර අපරාධකරුවන්ගේ ග්රහණයෙන් මේ රටත් ජනතාවත් බේරා ගන්න ඔවුන්ගේ අත්දැකීම්, ඉවසීම, පුහුණුව යොදා ගන්න පුළුවන්. සිංහල, දෙමළ, මුස්ලිම් ජාතිකත්වයන් වගේම බෞද්ධ, කිතුනු, ඉස්ලාම්, හින්දු ආගම් අදහන අපි සෑම දෙනාම පොදු අපරාධකරුවන්ගේ ග්රහණයට හසුවී තිබෙනවා. අපරාධකරුවන්ගේ දැල ඇතුලේ ඉන්න අපි එකිනෙකාව කොටවන්න දඩයක්කාරයෝ යළි යළි උත්සාහ කරනවා. ඒ නිසා අපට තිබෙන්නේ මේ අපරාධකරුවන්ගෙන් මේ චෞරයන්ගෙන් අපේ රට මුදාගැනීමේ සාමූහික ප්රයත්නයක් දැරීමට එකට එකතු වී ඉදිරියට පැමිණීමයි. ඒ සඳහා සියලු දෙනාම එක්වන ලෙස ඉල්ලා සිටිනවා.

 

Leave A Reply

Your email address will not be published.