topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ප්‍රෝඩාකාරී ලෙස ඡන්ද කල් දැමීමට එරෙහිව තවත් නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරනවා…ජවිපෙ විජිත හේරත්.

රටේ ආර්ථිකය බංකොළොත් කළ මේ ආණ්ඩුව ප්රජාතන්ත්රවාදය හකුලමින් කිසිදු පිළිගත හැකි හේතුවක් නැතිව පසුගිය මාර්තු 09වැනිදාට යොදාගෙන තිබුණු පළාත් පාලන මැතිවරණය කල් දැම්මා. අපේ්්රල් 25වැනිදා නැවත මැතිවරණය පැවැත්වීමේ දිනය මැතිවරණ කොමිෂන් සභාවෙන් නිවේදනය කළත් දින නියමයක් නැතිව එය කල්දමා තිබෙනවා. කිසිදු ජනවරමක් නැති, ජනාධිපතිත් ජනවරමට පටහැනි විකෘති පාර්ලිමේන්තුවත් පළාත් සභා, පළාත් පාලන ආයතන යටපත් කරමින් කටයුතු කරනවා. අලුත් ආණ්ඩුකාරවරු පත්කරමින් කිසිදු පක්ෂයකට 50%කට වඩා ඡන්දය ලබාගත නොහැකි බව ජනවරමක් නැති ජනාධිපති විහිළුකාරී කතා කියමින් ජනතාවගේ මූලික අයිතිය පැහැර ගනිමින් කටයුතු කරමින් සිටිනවා. මැතිවරණයට සල්ලි නැහැ කියන කතාව සම්පූර්ණයෙන්ම බොරු. තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ අපි මේ සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් කරුණු සොයා බැලුවා.
මැතිවරණ කොමිසමෙන් මුදල් අමාත්යාංශයේ ලේකම්වරයාට ලිඛිතව යැවූ ලිපියක් මගින් කොටස් වශයෙන් අදාල මුදල් ලබාදෙන ලෙස ඉල්ලා තිබෙනවා. මාර්තු 14ට පෙර රු. කෝටි 10, මාර්තු 21ට පෙර තවත් කෝටි 10ක්, ආදී වශයෙන් අප්රේල් 17වැනිදාට පෙර රු. කෝටි 110ක් ඉල්ලා තිබෙනවා. පොලිස් දෙපාර්තමේන්තුව, තැපැල් දෙපාර්තමේන්තුව, මුද්රණාලය යන ආයතනවලට වියදම් වන මුදලත් කොටස් වශයෙන් ඉල්ලා තිබුණා. අප්රේල් 25 මැතිවරණය පැවැත්වීමට ඉල්ලා තිබූ මුලු මුදල රු. කෝටි 240යි. මාර්තු 07වැනිදාම මුදල් අමාත්යාංශයේ ලේකම් මැතිවරණ කොමිසමට ලිඛිතව දැනුම් දී තිබුණේ මුදල් ඇමතිවරයාට මේ සම්බන්ධයෙන් දැනුම් දුන් බවයි. නමුත් අද වන තුරුත් මේ මුදල් ලබා දුන්නේ නැහැ. නමුත් භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිල වශයෙන් නිකුක් කළ අක්මුදල් වාර්තාව අනුව ජනවාරි මාසයේදී රු. කෝටි 17,790ක ආදායමක් ලැබී තිබෙනවා. රාජ්ය ආයතනවලට රු. කෝටි 15,676ක් ගෙවා තිබෙනවා. ජනවාරි මාසයේ රු. කෝටි 2,141ක ඉතිරියක් තිබෙනවා. ඒ වගේම පෙබරවාරි මාසයේදී රු. කෝටි 27,175ක ආදායමක් ලැබී රු. කෝටි 20,862ක් වියදම් වී තිබෙනවා. පෙබරවාරි 28 වනවිට රු. කෝටි 6,313ක මුදලක් ඉතිරි වෙලා තිබෙනවා. මේ මාස දෙකේදීම රු. කෝටි 8,427ක් ඉතිරි වී තිබෙන බව භාණ්ඩාගාර නියෝජ්ය ලේකම් සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතු නිල ලේඛනයක පිළිගෙන තිබෙනවා. නමුත් මැතිවරණ කොමිසම ඉල්ලා තිබුණේ රු. කෝටි 246ක මුදලක් ලබාදෙන ලෙසයි.
මැතිවරණයට මුදල් නැහැ කියන එක සම්පූර්ණ අසත්යයක් බව නිල ලේඛනවලින් ප්රබල ලෙස ඔප්පු වෙනවා. ප්රජාතන්ත්ර විරෝධී ප්රෝඩාකාරී ලෙස ඡන්ද කල් දැමීමට විරුද්ධව දැනටමත් ගොනුකර තිබෙන නඩුවට අපි මේ තොරුතුරු ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි ලබන සතියේ තවත් නඩුවක් ශ්රේෂ්ඨාධිකරණයට ගොනු කරනවා. ආණ්ඩුව මෙතෙක් කල් ඡන්දයට මුදල් නැහැ කීවේ සම්පූර්ණ බොරුවක් බව අපි ඔප්පු කරනවා. මුද්රණ දෙපාර්තමේන්තුවේ පත්රිකා මුද්රණය වෙනුවෙන් අවශ්ය තීන්ත සහ කඩදාසි ඇතුළු සියලු අමුද්රව්ය තොග සහිතව තිබුණු බවත් මුදල් තිබුණු බවත් සාක්ෂි සහිතව ඔප්පු කරනවා. මේ නිසා මුද්රණාලාධිපතිනියට හෝ මුදල් අමාත්යාංශ ලේකම්වරයාට හෝ මෙයින් පළා යන්න බැහැ.
ජනවරමක් නැති ජනාධිපති විවිධ තනතුරුවලට පුද්ගලයන් පත් කරමින් සිටින අතර අගමැති දිනේෂ් ගුණවර්ධන මැයි මාසයේ 09වැනිදා ඉතා බරපතල නීතිවිරෝධී චක්රලේඛයක් නිකුත් කර තිබෙනවා. රාජ්ය පරිපාලන අමාත්යවරයා හැටියට ඒ අමාත්යාංශයේ ලේකම් හරහා පළාත් ප්රධාන ලේකම්වරුන්ට යවා අති ලිපියක් අනුව ප්රාදේශීය ලේකම් කොට්ඨාසවල සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් ලෙස කටයුතු කරන අය අදාල පළාත් පාලන ආයතනයේ අධීක්ෂණ නිලධාරියා ලෙස පත්කරන්නැයි දන්වා තිබෙනවා. මේකෙන් කියන්නේ සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට අභිමත පුද්ගලයන් අදාල පළාත් පාලන ආයතනයේ අධීක්ෂණ නිලධාරින් හැටියට පත්කරන ලෙසයි.
දැනටමත් සමහර සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන් පළාත් පාලන ආයතන ලේකම්වරුන්ට දුරකතන මගින් විවිධ බලපෑම් කරමින් තිබෙනවා. පළාත් පාලන ආයතනයේ හිටපු සභාපතිට වාහනවල යතුරු බාර දෙන ලෙස බලපෑම් කර තිබෙනවා. හිටපු සභාපතිවරු සහ නගරාධිපතිවරු කියන්නේ දැන් කිසිදු බලයක්, අයිතියක් නැති අය. රෝසි සේනානායකට හිටපු කොළඹ පුරපති ලෙස තව දුරටත් කිසිදු බලයක් නැහැ. නමුත් දැන් මේ නියෝග කරන්නේ හිටපු නගරාධිපති හැටියට මේ ආයතනය අධීක්ෂණය කරන්න බලය ලබාදීමයි. ජනාධිපතිවරයාගේ ඡන්ද පදනමක් නැතිව මුලු රටේම පළාත් පාලන ආයතනවල දැනට ජනවරමක් නැති පිරිසකට බලය පැවරීමේ ක්රියාවලියක් නීතිවිරෝධීව දියත් කර තිබෙනවා. ජනතාවගේ අභිමතයෙන් අලුතින් පත්වන සභාපතිවරුන්ට හෝ නගරාධිපතිවරුන්ට පමණයි එවැනි ආයතනයක් අධීක්ෂණය කිරීමේ බලය තිබෙන්නේ. දැන් මේ කරන්න යන්නේ ඡන්දයක් නැතිව ගෙදර ගිය කට්ටිය අනීතිකව සභාපති ධුරයේ වැඩ බැලීමට පත්කිරීමයි. මෙයට එරෙහිව ජනතාව පෙළ ගැහෙන්න ඕනෑ. ඡන්දයක් පවත්වා නිසි පරිදි පළාත් පාලන ආයතන පිහිටුවා නැති පසුබිමක බලය පැවරී තිබෙන්නේ කොමසාරිස්වරයාට හෝ පළාත් පාලන ලේකම්වරයාට පමණයි. මෙයට පිටින් ආණ්ඩුව ගෙනයන ක්රියාමාර්ගයට එරෙහිව අපි නීතිමය ක්රියාමාර්ග ගන්නා බවත් මහජන නියෝජිතයන් නොවන අයගේ මෙවැනි ක්රියාකාරිත්වයන්ට කිසි සේත් ඉඩ නොදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මැතිවරණ කොමිසමට අදාළ මුදල් ලබාදී වහාම මැතිවරණය පැවැත්වීමට මුදල් ලබාදෙන ලෙස අපි බල කරනවා. ඒ වගේම මේ මොහොතේ නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය හෝ වෙනත් ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් කටයුතු කිරීමට මාලිමාවේ අපි සූදානම් බව අවධාරණය කරනවා. ඒ වගේම මේ රටේ ජනතාවට 50% ඉක්මවා ගිය ඡන්දයක් මාලිමාවට ලබාදී දූෂිතයන් ආරක්ෂා කරන දුර්දාන්ත පාලන ක්රමය වෙනස් කරන්න ජනතාව සූදානම් බව මැතිවරණයකදී ඔප්පු කරනවා. මේ රට ගොඩනගන ආර්ථික වැඩපිළිවෙළක් ක්රියාත්ම කිරීමට නිසි ජන වරමක් ලබාදීම වෙනුවෙන් ඉඩ ලබාදෙන ලෙස ආණ්ඩුවට බල කරනවා. ඒ වගේම නිසි පරිදි මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් ක්රියා කරන ලෙස මැතිවරණ කොමිසමට අවධාරනය කරනවා.
*මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු ලබා දෙමින්…*
ප්රශ්නය – මාධ්ය මර්දනය කිරීමට අලුතින් පනතක් ගෙන ඒමට ආණ්ඩුව සූදානම් වෙලා ඉන්නවා. මේ සම්බන්ධයෙන් ඔබේ අවධානය යොමුවී තිබෙනවාද?
පිළිතුර- මේක අලුත් පනතක්ම නෙවෙයි. විකාශන අධිකාරී පනත 1997 ගෙන ආ එක සුළු වෙනසකම් සහිතව නැවත හඳුන්වාදී තිබෙනවා. 1997 මේ පනත ගෙන ආ වෙලාවේ ශ්රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කළා. එය විභාග කළ ශ්රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීන්දු කළේ ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 10වැනි වගන්තියට මෙය මුළුමනින්ම පටහැනි බවයි. 10වැනි වගන්තියේ තියෙන්නේ සිතීමේ නිදහස, හෘද සාක්ෂියේ නිදහස සහ ආගමික නිදහසයි. මේ පනතෙන් උල්ලංගණය කරන්නේ ජනතාවගේ සිතීමේ නිදහසයි. මේ පනත අනුව ජනාධිපති විසින් කොමිසමක් පත් කරන අතර ඒ සාමාජිකයන් සියලු දෙනාම පත් කරන්නේ ජනාධිපතිමයි. අමාත්යාංශයේ ලේකම්, විදුලි සංදේශ නියාමන අධිකාරියේ සභාපති යන නිලධාරීන් දෙදෙනාත් කොමිසමට පත් කරනවා. නමුත් මේ නිලධාරීන් පත් කරන්නෙත් ජනාධිපතිමයි. මේ පත්කරන අය ඉවත් කිරීමේ බලය තිබෙන්නෙත් ජනාධිපතිට සත්ය ප්රවෘත්ති වාර්තා කරන ලෙස මාධ්ය ආයනතවලට නියම කර ඒ සම්බන්ධ සත්ය අසත්යතාවය තීරණය කරන්නෙත් මේ කොමිසමමයි. රනිල් වික්රමසිංහ රට හදනවා කියලා රට විකුණමින් ඉන්න අතර ව්යවස්ථානුකූලව මර්දනය ක්රියාත්මක කරන්න මාධ්ය ආයතනවල කට වහන්න මේ අධිකාරී පනත හඳුන්වා දෙනවා. අදාල ප්රවෘත්තියක් පළ වෙන්නේ නැත්නම් ජනතාවගේ සිතීමේ නිදහස මුළුමනින්ම යට වෙනවා. මේක සම්මත වෙන්න ඉඩ දෙන්න බැහැ. ජනාධිපතිගේ රූකඩ කොමිසම ජනාධිපතිට ඕනෑ හැටියට සත්යාසත්යතාවය තීරණය කර මාධ්යවල කටවල් වහනවා. මේ නීති විරෝධී පනත මුළුමනින්ම හකුළා ගත යුතුයි කියන ස්ථාවරයේ හිඳිමින් අපි බලපෑම් කරනවා.
ප්රශ්නය- මේ වනවිට ආර්ථීකය යථා තත්වයට පත් වෙමින් භාණ්ඩ මිල අඩුවන බව විවිධ පැතිවලින් අහන්න ලැබෙනවා. මේ සම්බන්ධයෙන් මොකද කියන්නේ?
පිළිතුර- තොරන් පෙන්නුවාට, වෙසක් කූඩු පත්තු කළාට ආර්ථිකය ශක්තිමත් වෙලා නැහැ. ලෝක වෙළඳපොළේ තෙල් සහ ගෑස් මිල අඩුවුණා. ඒ හැර අත්යාවශ්ය භාණ්ඩවල මිල අඩුවී නැහැ. රුපියල් 51ට තිබුණු සබන් කෑල්ල දැන් රු. 170ට ඉහළ ගිහින් තිබෙන්නේ. ඩොලර් එකේ මිල අඩු වුණා කියලා ප්රචාරය කළත් ජනතාවගේ ආර්ථිකය බිඳ වැටිලා තියෙන්නේ. ඉදිකිරීම් කර්මාන්තය, අපනයන කර්මාන්ත, බිඳවැටී තිබෙනවා. තවත් සමහර කර්මාන්ත අපේ රටෙන් ඉවත් කරගෙන යනවා. ආර්ථිකය හැකිලී රටේ ජනතාවගේ ජීවන මට්ටම ශක්තිමත් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ජාතිය අමතන දවසේ අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයන්ට බදු අයකිරීමේ ලිපිගොනු විවෘත කරනවා. රු. 20,000ට ආදායමක් ඊ.පී.එෆ්. අරමුදලෙන් ලබන කෙනත් ආණ්ඩුවට බදු ගෙවිය යුතු තත්වයට පත්කර තිබෙනවා. අයි.එම්.එෆ් යෝජනා අනුව බදු ආදායම් බිලියන 700 ඉඳලා 1400ට වැඩිකරන්න නියමිතයි. බදු ප්රමාණය වැඩිකර බදු පරාසය පළල් කරනවා. බදු පිට බදු ගහලා ජනතාව තව තවත් පීඩාවට පත්කරනවා හැර මේ කියන බකට් පත්තු කිරීම්වලින්, තොරන් ගැහීම්වලින් ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් වෙන්නේ නැහැ.

 

Leave A Reply

Your email address will not be published.