topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

එකට ජීවත් වෙන්න දීපන්… ජාතිවාදය නතර කරපන්…එරංග ගුණසේකර.

ජුලි මාසය අපේ රටේ ඓතිහාසික සිදුවීම් කිහිපයක් සිදුවූ මාසයක්. විශේෂයෙන්ම අපට සිහිවෙන්නේ කළු ජූලිය පිළිබඳව. පාලකයෝ තමන්ගේ දේශපාලන අවශ්යතාවයන් වෙනුවෙන් ජාතිවාදය පදනම් කරගෙන ජාතිවාදය පැතිරෙව්වා. කළු ජූලිය එහි ප්රධානම සන්ධිස්ථානයක්. ඒ, විනාශකාරී සිදුවීම් සිදුවී වසර 40ක් වෙනවා. මේ මාධ්ය හමුව සූදානම් කළේ ජාතිවාදය පරාජයට පත්කිරීම වෙනුවෙන් සහෝදරත්වයේ දිනය ගන්නා ක්රියාමාර්ග ජනතාව දැනුවත් කිරීමේ අරමුණෙනුයි.
මුහුදු රැල්ලක් එක් වරෙක අපිව තෙමාගෙන යනවා වගේම වරෙක අපට පේන නොපෙනෙන මානයක් දක්වා ගමන් කරනවා. ඒ වගේ තමයි මේ ජාතිවාදයත්. ජාතිවාදය, විවිධ අවස්ථාවල විවිධ ස්වරූපවලින් අපේ රටේ පැන නගිනවා. වරෙක ආගම මත, ඉඩමක් මත, පුරාවිද්යා කැණීමක් මත පදනම් කරගෙන ජාතිවාදය මතුකරනවා. අපි දුටුවා ජාතිවාදය වපුරලා, ජනාධිපතිවරු හදලා අවසානයේ රටට සිදුවුණේ මොකක්ද කියලා. ඒ විනාශයන් යම් තරමකින් පරාජයට පත්කිරීමට හැකිවුණා. නමුත් අපට පේනවා නැවත වතාවක්, ලිබරල් කඳවුරේ මුදුන් මල්කඩ ලෙස හඳුන්වන රනිල් ජනාධිපති වී සිටින තත්වයත් තුළ නැවත ජාතිවාදය හොල්මන් කරන්න පටන්ගෙන තිබෙනවා. විවිධ සිදුවීම් හරහා, විවිධ ආගමික නායකයන් මගින්, පුරාවිද්යාත්මකව හරහා ජාතිවාදය, ආගම්වාදය නැවත හොල්මන් කිරීමට පටන්ගෙන තිබෙනවා.
1833 කොල්බෲක් කැමරන් ප්රතිසංස්කරණ සුද්දා අපේ රටට හඳුන්වා දෙනවා. එදා සිට මේ මොහොත තෙක් ශ්රී ලාංකේය ජනතාව ගොඩනඟා ගැනීමට නොහැකිවීමෙන් අපි හැමෝම පීඩාවට පත්වී තිබෙනවා. රටක් ලෙස අපට විනාශකාරී අත්දැකීම් ඉතිහාසය පුරාම ගෙනත් දී තිබෙනවා. අපේ රටට නිදහස ලැබුණු දා සිට මේ වන තෙක් පත්වුණු සෑම පාලකයෙක්ම, ජාතිවාදය, ආගම්වාදය තමන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් පාවිච්චි කළා. මෙහිදී සිදුවීම් දෙකක් මතුකර දක්වන්නම්. අපේ රටේ දැවැන්ත බලයක්, 5/6ක බලයක් ලබාගත් කෙනෙක් තමයි ජේ.ආර්. ජයවර්ධන. ඔහුට වුවමනා වුණා රටේ සමස්ත ජනතාවම එකම මතයක ඉන්න බව පෙන්වන්න. 1981 අපේ රටේ සංවර්ධන සභා ඡන්දය පැවැත්වුණා. යාපනයේ සංවර්ධන සභා ඡන්දය කියන්නේ, ජාතිවාදය පදනම් කරගත් අපේ පාලකයන්ගේ ක්රියාවලියේ, අඳුරු පැල්ලමක පැතිකඩක් පෙන්නූ එකක් තමයි වුණේ. උතුරු පළාත තුළත්, යාපනය තුළත් තමන්ට ජන බලයක් තිබෙන බව පෙන්වීමට ජේ.ආර්. ජයවර්ධනට වුවමනා වුණා. ඒ වුවමනාව නිසා, මැර බලය පාවිච්චි කරලා, දේපොළ විනාශ කරලා, දෙමළ ජනතාවට පීඩාවට පත්කරලා සංවර්ධන සභා ඡන්දය මංකොල්ලකෑවා.
මේ සිදුවීම සිදුවෙන්නේ 1981 මැයි මාසයේදීයි. මේ ඡන්ද මංකොල්ලය සඳහා අපේ ඇමතිවරු හතරදෙනෙක් යාපනයට යනවා. ඉඩම් හා ඉඩම් සංවර්ධන හා මහවැලි ඇමති – ගාමිණී දිසානායක, ධීවර ඇමති, කර්මාන්ත හා විදේශ ඇමති – සිරිල් මැතිව්, මේ වන විට මේ තිදෙනා මියගොස් තිබෙනවා. මේ තිදෙනාත්, ඒ වන විට යෞවන කටයුතු හා රැකීරක්ෂා ඇමති – රනිල් වික්රමසිංහත් ඡන්දය මංකොල්ලකෑමට වගේම ආසියාවේ ලොකුම පුස්තකාලය බවට පත්වී තිබුණු යාපනය පුස්තකාලය විනාශ කිරීමට සහභාගී වී තිබෙනවා. මේ සිව්දෙනා යාපනයේ තානායමේ නතරවෙලා සංවර්ධන සභා ඡන්දය මංකොල්ල කෑමට කටයුතු කර තිබෙනවා. මේ ඡන්ද මංකොල්ලය, රාජ්ය නිලධාරීන් සම්බන්ධ කරගෙන රාජ්ය මැදිහත්වීමෙන් සැලසුම් කර තිබෙනවා. මේ කටයුත්ත සඳහා කුරුණෑගල සිට ගමන් කළ දුම්රියේ සියලුම නැවතුම් ස්ථානවලදී මැරයන් සහ රාජ්ය නිලධාරීන් රැගෙන ගොස් තිබෙනවා. 30දා රාත්රියේ නිලධාරීන් සමග සාකච්ඡා කිහිපයක් සිදුකර තිබෙනවා. ඉහත සඳහන් කළ ඇමතිවරු මේ සාකච්ඡාවලට සම්බන්ධ වී තිබෙනවා. ඒ සාකච්ඡාවේදී පැහැදිලිව කියා තිබෙනවා, “අපි යාපනයේ සංවර්ධන සභා ඡන්දය උදේ 7.00ට පටන් ගන්නවා. හැබැයි මේ ඡන්දෙ තියෙන්නේ පැයයි. එතනින් පස්සේ මේ ඡන්දය නතර කරනවා. එතනින් පස්සේ කරන්න ඕන දේ ඕගොල්ලන්ට අමුතුවෙන් කියන්න ඕනේ නෑ. දන්නවනේ සතා. සතාට ගහලා ඡන්දෙ දාන්න.” කියලා නිලධාරීන්ට කියා තිබෙනවා.
මේවායේ සාක්ෂි තිබෙනවා. බොහෝ තොරතුරු තිබෙනවා. සිරිල් මැතිව්, ගාමිණී දිසානායක, රනිල් වික්රමසිංහ ඇතුළු ඇමතිවරු සිව්දෙනා මේ ප්රකාශ කර තිබෙනවා. ඒ ප්රකාශ කළ ආකාරයටම හමුදා, පොලීසි රැකවරණය මැද්දේ උදේ 7.00ට මැතිවරණය පටන්ගෙන පැයක් ඡන්දය පත්වලා තිබෙනවා. පසුව යාපනය දිස්ත්රික්කයේම රාජ්ය මැදිහත්වෙලා මැරයෝ මැදිහත්වෙලා දෙමළ ජනතාව බය කරමින්, ස්ථාන ගිනි තබමින් විශාල භීෂණයක් ඇති කළා. ඡන්ද මංකොල්ලය කෑවා. විවිධ වර්ගයේ අනූපන්දහසකට වඩා වැඩි ප්රමාණයක් පොත් තිබූ, යාපනය පුස්තකාලය ගිනි තැබුවා. පොතපත කියවූ සාහිත්ය වේදීන්ට මෙය මහත් වේදනාවක් වුණා. මුස්ලිම් කවියෙක් ඒ වේදනාව කවියකින් ඉදිරිපත් කළා. “යාපනය පුස්තකාලය බුදුන් ඝාතනය කළා වැනි දෙයක්” මේ අදහස ඔහු ප්රකාශ කළා. එදා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන. එයාගේ බෑනා, රනිල් වික්රමසිංහ එදා මැර බලයෙන් ඡන්දය මංකොල්ල කෑවා. ඒ විනාශයන් කිරීමට දායක වූ රනිල් ජනාධිපතිවෙලා අද ව්යවස්ථාවේ අයිති නැති බලයක් පාවිච්චි කරලා මේ මැතිවරණ වළක්වමින්, ඡන්ද නොපවත්වමින් කටයුතු කරනවා.
1981 සංවර්ධන සභා ඡන්ද මංකොල්ලය සිදුකරනවා. ඉන් වසර දෙකකට පස්සේ, 1983 කළු ජූලිය ඇති කරනවා. මෙය ඕපපාතික සිදුවුණු දෙයක් නොවෙයි. පාලකයෝ මැදිහත්වෙලා තමන්ගේ බල වුවමනාවන් වෙනුවෙන් ජාතිවාදය වපුරමින් කටයුතු කරනවා. 1983 ජූලි මුල් සතියේදී, එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග සම්බන්ධ වී සිටි චාල්ස් ලූකස් ඇන්තනි ඇතුළු කිහිපදෙනෙක් ආණ්ඩුව විසින් ඝාතනය කරනවා. මේ සිදුවීමට දින 12කට පෙර, ජේ.ආර්. ජාත්යන්තරයට දෙන ලද ප්රකාශයක මෙසේ කරුණු තුනක් සටහන් වෙනවා. “දෙමළ ජනතාවගේ මතය ගැන මම කරදර වෙන්නේ නෑ.”, “ඇත්තටම ඔවුන්ගේ ජීවිත, ඔවුන්ගේ පැවතුම් පිළිබඳව අපට හිතන්න වෙලාවක් නෑ.”, “ඇත්තම කිව්වොත් මේ වෙලාවේ දෙමළ ජනතාව හාමතෙන් මිය යන්නට සැලැස්සුවොත් ඒක සිංහල ජනතාවගේ කැමැත්ත බවට පත්වෙනවා” මේ ජේ.ආර්. ජාත්යන්තර මාධ්යයට කළ ප්රකාශ. මේ නායකයෝ රට පාලනය කළේ මෙහෙම.
ඊට පස්සේ 1983 ජූලි මාසයේ 23 දා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මැදිහත්වීමෙන් හමුදාවේ ජීප් රථයකට හා ට්රක් රථයකට ප්රහාර එල්ල කරනවා. මෙහිදී හමුදා සෙබළුන් 13 දෙනෙක් ඝාතනය වෙනවා. දෙමළ ජනතාවගේ සන්නද්ධ ක්රියාවලිය අපි කිසිසේත් අනුමත කරන්නේ නැහැ. නමුත් ලංකාවේ ආණ්ඩුව කළ යුතුව තිබුණේ ඒ මතුවෙමින් ආ ජාතිවාදය දේශපාලනික වශයෙන් සමනය කොට, ජාතික සමගිය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කිරීම. ජේ.ආර්. බලය වෙනුවෙන් ජාතිවාදය වපුරවමින් සිටියේ. මේ අවස්ථාව උපයෝගී කරගෙන ඒ මියගිය හමුදා සෙබලුන්ගේ සිරුරු 24 දා, බොරැල්ලේ කනත්තට ගේන බවට නිවේදනය කරනවා. මේ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ සිටි මැර කල්ලි සැලසුම් සහගතව, සූදානම් වෙනවා ලංකාව තුළ නැවතත් ජාතිවාදී කෝලාහලයක් ස්ථාපනය කරන්න. 25 දා කොළඹ කච්චේරියට මැරයෝ පැනලා මංකොල්ල කෑමට පටන් ගන්නවා. ඡන්ද නාමලේඛන ටික උස්සනවා. ඒ දෙමළ මිනිසුන්ගේ නම් ටික ගන්න. ඒක සාමාන්ය මිනිස්සු කළේ නැහැ. දෙමළ මිනිස්සු ඉන්න තැන් සොයා මරා දමන්න සැලසුම් සහගතව ඒක කළේ. කොළඹ සම්පූර්ණයෙන්ම ගිනි ජාලාවක් බවට පත්කළා. මේ මිනිස්සු නැවතත් ජාතිවාදයට අවශ්ය මැදිහත්වීම කරනවා. ආණ්ඩුව, නාමිකව ඇඳිරි නීතිය දමනවා. පොලීසිය, හමුදාව කිසිදු මැදිහත් වීමක් කරන්නේ නැහැ. අධි ආරක්ෂක කලාපයක වූ වැලිකඩ බන්ධනාගාරයේ සිටි දෙමළ සිරකරුවන් 37 දෙනෙකු යකඩ පොලුවලින්, ලීවලින් ගසා, ඝාතනය කරනවා. 28 දා දෙමළ රැඳවියන් 15 දෙනෙක් සිරකඳවුරු තුළදී පොලුවලින් ගසා, ඝාතනය කරනවා. මේවා වළක්වීමට ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ. ඒ දේශපාලන අවශ්යතාවය මත, මෙය වර්ධනය වෙන්න ඉඩ දුන්නා. රට පුරාම ඇඳිරි නීතිය දැම්මේ නැහැ. ජේ.ආර්. පාලනය, රට පුරා සිටි දෙමළ ජනතාවට එරෙහිව සිංහල ජාතිවාදය පැතිරවීමට ඉඩකඩ සලසා දුන්නා. පැය 48කට පසුව තමයි ඇඳිරි නීතිය දැම්මේ. එයත් නාමිකව පමණයි. අවසානයේ කළු ජූලිය අවසන් වුණේ කර්මාන්ත 11ක් විනාශ වෙලා. නිවාස 18,000ක් විනාශ වෙලා. සිංහල, මුස්ලිම්, දෙමළ ජනතාව 10,000කට වැඩි ප්රමාණයක් ඝාතනය වෙනවා. මේ සිදුවීම් තුළින් එල්.ටී.ටී.ඊ. එකට, ජාත්යන්තරව බලවත් හා ධනවත් සංවිධානයක් බවට පත්වීමට හැකිවෙනවා. අවසානයේ අපේ රට 30 අවුරුදු යුද්ධයක පැටලෙනවා. ඒ යුද්ධය අවසන් වෙද්දී අපට දැවැන්ත දේපොළ විනාශයක් සිදුවුණා. අපි රටක් විදිහට ආපස්සට ගියා. වැන්දඹු අම්මාවරුන් ප්රමාණයක් ඉතිරි වුණා. දෙමව්පියන් දෙන්නාම අහිමි දරුවන් ඉතිරි වුණා. ජාතිවාදය වපුරපු නායකයන්ට සිදුවූ හානියක් නැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි සැමටම රටක් ලෙස ආපස්සට ගියා.
කළු ජූලියෙන් අපට ගන්නට තිබෙන පාඩම එයයි. පසුගිය කාලයේ වඳ කොත්තු, වඳ පෙති, ගර්භාෂ යුද්ධය, සිංහල ජාතියේ අවසානය කියලා රාජපක්ෂ කඳවුර, දැවැන්ත ජාතිවාදයක් වැපිරුවා. අපේ රටේ ජනතාව එයට අසුවුණා. අපේ සමහර නාලිකා ජාතිවාදය පෝෂණය කළා. ඒකේ ප්රතිඵලයක් ලෙස 69 ලක්ෂයක ඡන්දය දීලා නායකයෝ පත්කරලා දැවැන්ත විනාශයක් රටට අත්කර දුන්නා. මේවා තමයි අපිට ජාතිවාදය වැපිරීමෙන් ලැබෙන පාඩම්. මේවා තේරුම් ගත් ප්රගතිශීලී ජනතාව, සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියල දෙනාම එකතු වෙලා නැගිටලා ජාතිවාදය පරාජය කරලා, පත්කර ගත් නායකයෝ පරාජයට පත් කළා. නමුත් එය ජනතාවාදී ජයග්රහණයෙන් කෙළවර වුණේ නැති බව අපි දන්නවා. නැවතත් රනිල් – රාජපක්ෂලා බලයට පත්වෙලා ඉන්නවා. පාලකයෝ නැවතත් උත්සාහ කරනවා මියගිය ජාතිවාදය මතුකර ගන්න. වසර 75ක් තිස්සේ පාලනයට පැමිණි විවිධ වර්නයෙන් ආ පාලකයන්ට මේ සිස්ටම් එක පවත්වාගෙන යන්න ජාතිවාදය අවශ්යයි.
අපි නියෝජනය කරන්නේ ජාතික සමගිය. විවිධත්වය සහිතව තිබෙන මනුෂ්යත්වය. ආදරය. අපි දිගින් දිගටම ක්රියාමාර්ග තෝරමින් සිටින්නේ ඒ සමගිය පවත්වා ගැනීමට. 2008 අපි තරුණ සංගමය පිහිටුවා ‘සහෝදරත්වයේ දිනය’ ලෙස නම් කළා. කළු ජූලිය පාර නොවෙයි. මේකට පාර ජාතික සමගිය. ’83 කළු ජූලිය’ සහෝදරත්වයේ දිනය ලෙස නම් කළා. එදා පිළිනොගත් ජනතාව අද පිළිගෙන තිබෙනවා රටේ දියුණුවට පාර ජාතික සමගිය බවට. සහෝදරත්වයේ දිනය වෙනුවෙන් අපි විවිධ ක්රියාමාර්ග තෝරාගෙන තිබෙනවා. “බෙදන්නට ඉඩ නොදෙමු. එක්ව අපි පියාඹමු” කියන තේමාව යටතේ ජූලි මාසය පුරාම විවිධ ක්රියාමාර්ග ගැනීමට තෝරාගෙන තිබෙනවා. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් අපි සියලු දෙනාම එකතු වී ජාතික සමගිය ගොඩනැගීම පැත්තට වැඩ කරන ගමන්, රනිල්ලාගේ මේ ජාතිවාදී, ආගම්වාදී රැල්ලට හසු නොවී, මෙය නතර කරන ලෙසට ඔවුන්ට බලපෑම් කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ජූලි 12 දා මාතලේ, 14දා වවුනියාව, 15දා යාපනයේ, 17 ත්රීකුණාමලේ, 18දා මඩකලපුව, 27 පුත්තලම යන දිස්ත්රික්කවල අපි විවිධ වැඩසටහන් සූදානම් කර තිබෙනවා. ජනතාව දැනුවත් කිරීම, සංස්කෘතික වැඩසටහන්, සිනමා වැඩසටහන්, දරුවන් සම්බන්ධ කරගත් ක්රියාකාරකම් රාශියක් සූදානම් කර තිබෙනවා. රනිල් රාජපක්ෂගේ ආණ්ඩුවට එරෙහිව, මේ සිස්ටම් එකටත් එරෙහිවත්, “නැවත සිංහල, මුස්ලිම්, බර්ගර්, දෙමළ අපි හැමෝටම එකට ජීවත් වෙන්න ඉඩ දීපන්, නැවත වතාවක් ජාතිවාදය ස්ථාපනය කිරීම නතර කරපන්” කියන උද්ඝෝෂණ ක්රියාවලියකුත් කරනවා. ජූලි 20දා රටපුරාම ජාතික සමගියේ අවශ්යතාවයත්, ආණ්ඩුව ක්රියාකරන ජාතිවාදයටත් එරෙහිව අත්පත්රිකා බෙදා හැරීමක් සහ 23 දා සහෝදරත්වයේ පා ගමනක් සහ විහාරදේවී උද්යානයේදී සංස්කෘතික ප්රසංගයක්, සවස 3.00ට කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ රටේ ජනතාවටත්, තරුණ පරම්පරාවටත් අපි කියනවා සිස්ටම් එක කුඩු පට්ටම් කරන අතරම, ජාතික සමගිය වෙනුවෙන් වැඩකරමු.

 

Leave A Reply

Your email address will not be published.