පන්සල්වල සිදුවන හුදකලා සිද්දීන් සමාජ මාධ්ය වෙත මුදාහරින පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව බුද්ධ සාසන අමාත්යංශයේ ලේකම් වරයා උපුටා දක්වමින් මාධ්ය වාර්තා කරයි. පසුගියදා පොලිස් මාධ්ය ප්රකාශක වරයාද මේ හා සමාන අදහසක් පැවසීය.
මේ වන විට මේ සම්බන්ධයෙන් සමාජ මාධ්ය ඔස්සේම ඔවුනට පිළිතුරු ලැබෙමින් පවතින අතර එහි දක්වා ඇත්තේ එසේනම් ඔවුන් මැදිහත්ව මේවා නිරාකරණය කල යුතු බවත් නීතිය කාටත් පොදු නම් එය පන්සලද පල්ලියද කෝවිලද යන්න අදාල නොවන බවත්ය.