topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කඩා වැට්ටූ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන නැවුම් දේශපාලන පරිවර්තනයක් අවශ්‍යයි .

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක
අපේ රටේ විශාලතම කාන්තා නැගිටීමක් අද බදුල්ලෙන් සිදුකර තිබෙනවා. ජාතික ජන බලවේගයේ අපිට එරෙහිව මේ දවස්වල නගන අවලාද ප්රමාණය වැඩිවෙලා තිබෙනවා. කළුතර පැත්තේ රත්තරංවලට සම්බන්ධ කෙනෙක්, ගම්පහ පැත්තේ කප්පම් ගත්ත කෙනෙක්, මීගමුව පැත්තේ කුඩුවලට සම්බන්ධ කෙනෙක්, කුරුණෑගල පැත්තේ බදු පොලු තැබූ කෙනෙක්, ඒ වගේම ඇලෝසියස් සාධාරණීයකරණය කරන්න පොත් ලියලා සල්ලි ගත්ත කෙනෙක් තව පැත්තකින් ආදී වශයෙන් අවලාද විශාල වශයෙන් වැඩිවී තිබෙනවා. මෙහෙම වැඩිවෙන්න හේතුව අපේ රටේ සහෝදරියන්, අම්මලා, තාත්තලා, රවටන්න පුළුවන් කියලා ඔවුන් හිතාගෙන හිටිය තත්වය අවසන් කරමින් මාතරින් පටන් ගත් ගැහැනු සුනාමිය සතුරන් කලබලයට පත්කරමින් රට පුරා හඹාගෙන යනවා. අද බදුල්ල දැක්කාම තවත් කලබල වෙනවා. ගම්වල තිබෙන විවිධ තිබෙන සමිති සමාගම්වල සක්රියවම කාන්තාවන් සිටියත් දේශපාලනයේදී එය මහත්තයාට බාරදී මුළු ගන්වා තිබුණා. අද ඒ පවුරු, මිථ්යා මත බිඳ දමා ජාතික ජන බලවේගය යටතේ ලංකාවේ ප්රබලම කාන්තා නැගිටීම සිදුවෙමින් තිබෙනවා. සහෝදරියන්, කාන්තාවන් අවදි වුණා කියන්නේ ඔවුන්ගේ දේශපාලන මළගම අවසන් කරන බව පැහැදිලියි.
ගැහැනු පරපුර ලංකාවේ ඉදිරියටම එන්න ඕන බව අපිත් හිතනවා. අපේ රටේ තිබෙන්නේ ආර්ථික වශයෙන් කඩා වැටුණු, අපරාධවලින් ගහණය වුණු, මත්ද්රව්ය පැතිරුණු, සෞඛ්යය සහ අධ්යාපනය කඩා වැටුණු, ග්රාමීය ජනතාව විශාල ණය උගුලක හිරවුණු දුක්බර කතාවක්. ලෝකයේ රටකට වීසා නොදෙන තත්වයට පත්වී තිබෙනවා. පුහුණුවකට එංගලන්තයට ගිය පොලිස් නිලධාරීන් පිරිසකුත් පැනලා ගිහිල්ලා. ඉතිං වීසා දෙන්නේ නැහැ. ලෝකය ඉදිරියේ හෑල්ලුවට ලක්වී තිබෙනවා. රටේ කතාව පමණක් නොවෙයි, ජනතාවගේ කතාවත් දුක්බරයි. රටේ කතාවටත් ජනතාවගේ පොදු කතාවටත් වඩා වැඩියෙන්ම දුක්බර වී තිබෙන්නේ අපේ රටේ කාන්තාවගේ කතාව. ගැබිණි මව්වරුන්ගෙන් 20%කට ආසන්න පිරිසක් ලේ හිඟකමින් පෙළෙනවා. හරිහමන් ආහාර වේලක් නැහැ. දරුවන්ගේ අධ්යාපනය කඩා වැටුණාම වැඩියෙන්ම දුක් විඳින්නේ අම්මලා. දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දිවා රෑ කල්පනා කරන්නේ අම්මලා. නමුත් ඒ දරුවන්ගෙන් 54%කට අධ්යාපන උපකරණ මිලදී ගැනීම අඩුකර හෝ නවත්වා දමා තිබෙනවා. දරුවන්ගෙන් 19%ක් අමතර පංති යෑම නතර කරලා. ආර්ථිකය කඩා වැටීමේ ප්රතිවිපාක හෙණයක් වගේ දරුවන් මත කඩා වැටීමෙන් වැඩිම ප්රතිවිපාක විඳින්නේ අම්මලා. මත්ද්රව්ය භාවිතය නිසා වැඩිම වේදනා විඳින්නෙත් අම්මලා. සිරගෙවල් ආසන්නයේ උසුළු විසුළුවලට ලක්වෙමින් වේදනා විඳින්නෙත් අම්මලා. අපරාධවලින් පිරුණු රටක ගැහැනියට නිදහසක් නැහැ. අපේ රටේ දැරිවියන්ගෙන් විශාල පිරිසක් කවර වර්ගයක හෝ ලිංගික අඩම්තෙට්ටම්වලට ලක්වීමෙනුත් වේදනා විඳින්නේ අම්මලා.
රැකවරණයක් නැති මේ රට හොඳද? මේ විදිහට ගැහැනුන් ජීවත් වෙන්න ඕනෑද? නගරවල ආරක්ෂිතව යන්න පුළුවන් කාන්තා වැසිකිලි නැහැ. මේ නිසා විශාල වශයෙන් රෝග පීඩාවන්ට ලක්වී සිටිනවා. මේ විදිහට වේදනා විඳින සතුටක් නැති, විනෝදයක් නැති, අපේ අම්මලා, අක්කලා මියැදෙනවා. අපේ ගම්වල අම්මලා, අක්කලාට සතුටක් නැති, වියලි දර කැබලි වගේ ජීවිත අත්කර දුන්නත් ඒ ගොල්ලන්ට එහෙම නැහැ. ශිරන්ති නෝනා ඇවිදින කොට හත්අට දෙනෙක් වටෙන් යනවා. පාලකයන් ඇති කරන ලද ව්යසනයේ ප්රධානම ගොදුර බවට පත්වී සිටින්නේ කාන්තාවන්. මෙය වෙනස් කිරීමට ධෛර්යය සම්පන්නව නැගිටින්න ඕනෙ අපේ රටේ කාන්තාවන්. විදෙස්ගත ශ්රමිකයන්ගෙන් ඩොලර් බිලියන 6ක පමණ වැඩිම විදේශ විනිමය ප්රමාණය උපයා දී තිබෙන්නේ කාන්තාවන්. ඇඟලුම් කර්මාන්තයේ නියැලී සිටින්නෙත් අපේ සහෝදරියන්. ඊළඟට වැඩිම විදේශ විනිමය උපයන තේ කර්මාන්තයේ වැඩිම පිරිසක් සිටින්නෙත් අම්මලා සහ සහොදරියන්. මේ රටේ ආර්ථිකය තිබෙන්නේ ගැහැනුන් අතේ. අනෙක් පැත්තෙන් පාසල්වල වැඩිියෙන්ම සිටින්නෙත් ගුරුවරියන්. මේ විදිහට වැඩිම කාර්යයන් ප්රමාණයක් සිදුකරමින් ක්රියා කළත් වැඩියම දුක්විඳින කානාතාවන්ගේ තත්වය වෙනස් කළ යුතුයි. මෙතනට ඒකරාශීවී සිටින ඔබ සියලු දෙනාම අන්කවරදාටත් වඩා වැඩියෙන්, වේගයෙන් ඉදිරියට එමින් මේ තත්වය වෙනස් කළ යුතුයි.
වෙනදා ජනාධිපතිවරණය පැවැත්වූවොත් ඔවුන් දිනනවා. මහා මැතිවරණය පැවැත්වූවත් ඔවුන් දිනනවා. නමුත් දැන් සිදුවී තිබෙන්නේ ජනාධිපතිවරණය මුලින් පවත්වනවාද, මහා මැතිවරණය මුලින් පවත්වනවාද, යනුවෙන් ඔවුන් දෙලොවක් අතර අතරමං වෙන තරමට එන්පීපී එක බලවත් වෙලා ඉන්නේ. බඹරා වැල්ලෙත් කැරකෙන කාලේ අඛණ්ඩව මැතිවරණ තිබ්බා. අද බඹරට වැල්ලට බහින්නවත් බැරිවෙලා තිබෙන්නේ. මෙය වෙනස් කිරීම සඳහා හොඳම අවස්ථාව උදාවී තිබෙනවා. එළාර – දුටුගැමුණු දෙපැත්තේ සිටි රනිල් සහ මහින්ද වේදිකාවේ කඩදාසි කඩුවලින් යුද්ධකර ගන්නකොට ගම්වල අපේ අය පොලුවලින් ගහගත්තා. නමුත් අද වෙනකොට මේ දෙගොල්ලෝම එකම පිරිසක් බව හොඳින්ම ඔප්පු කර තිබෙනවා. රනිල් වික්රමසිංහ රට සවාරි යනකොට සමගි ජන බලවේගයේ මන්ත්රීවරුන් මහජන මුදල්වලින් ගෙන්නාගෙන යනවා. උගන්ඩාවට යනකොට පොළොන්රුවේ ස.ජ.බෙ. කිංස් නෙල්සන්. බදුල්ලේ චාමර සම්පතුත් එක්කගෙන ගිහිල්ලා. එහෙ නතර කරලාම එයිද දන්නේ නැහැ. 75 වසරකට වඩා රට පාලනය කරමින් ආර්ථිකය කඩා වට්ටා හිඟන රටක් බවට පත් කළේ මේ දෙපිරිසම එකතු වෙලා. රටේ කර්මාන්ත කඩා වැට්ටුවා. ගම්වල අපි සතෙක් කන බොන දේවල්වලටවත් වස දෙන්නේ නැහැ. නමුත් සෞඛ්ය අමාත්යාංශයේ ඉන්ජෙක්ෂන් කියලා අරගෙන තිබෙන්නේ දිලීර තිබුණු වතුර. දිලීරවලින් පිරුණු වතුර ඉන්ජෙක්ෂන් කියලා රෝගීන්ට ලබාදුන් සෞඛ්ය ඇමති අදටත් නිදැල්ලේ ඉන්නවා. හැම අතින්ම කඩා වට්ටන ලද රටක් අපට තිබෙන්නේ. ලංකාවේ රාජ්ය සේවය කඩා වට්ටලා, ස්ථිර පොලිස්පතිවරයෙක් නැති තරමට බංකොලොත් කරලා.
අපේ රටේ සියලු සමාජ සංස්ථා කඩා වට්ටලා. එහෙම රටක පන්සල විතරක් බේරෙන්නේ නැහැ. එක එක වර්ගයේ නාඩගම්කාර බෝධි සත්වයෝ ඇවිත් බහිනවා. සියල්ල කඩා වැටුණු තැනක මිනිස් සමාජයක් කඩා වැටිලා. රත්නපුරයේ ප්රේමලාල් ජයසේකර කියන පුද්ගලයා මිනිස් ඝාතන වරදකට මහාධිකරණයෙන් එල්ලුම් ගහට නියම කළා. ඒ ප්රේමලාල් ජයසේකරට රත්නපුර දිස්ත්රික්කයෙන් වැඩිම මනාප දුන්නේ ජනතාව. නුවර පොලී මුදලාලි කෙනෙකුගෙන් ණයට සල්ලි ගත්ත කෙනෙක්ගේ සල්ලි දෙන්න ප්රමාද වීම නිසා අර මුදලාලිගේ අත්දෙක කපාගෙන මෝටර් සයිකලයෙන් පොලීසියට ගියා. ජනතාව එයාව මහනුවර නගර සභාවට යැව්වා. කළුතරෙන් රෝහිත, මහනුවරින් මහින්දානන්ද, කුරුණෑගලින් ජොන්ස්ටන් පාර්ලිමේන්තු යවන තරමට මිනිස් සමාජය වැටිලා තිබෙන්නේ. මොනවා හරි දෙයක් ලබාගන්න තමන්ගේ මුළු ජීවිතයම උගස් තියන මිනිස්සු ඉන්නේ. මේ රටේ කිසි තැනක් ඉතිරිවෙලා නැහැ. පාරේ විකුණන අඹගෙඩියක් ගත්තත් විශ්වාසයෙන් ආහාරයට ගන්න බැහැ. මුළු මිනිස් ශිෂ්ටාචාරයම කඩා වැටිලා තිබෙන්නේ. කඩා වැට්ටූ මේ රට ශිෂ්ටසම්පන්නභාවයට ගෙන එන්න නැවුම් දේශපාලන පරිවර්තනයක් රටට අවශ්යයි. සහකම්පනයක් සහිත මිනිස් සමාජයක් අවශ්යයි. පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා රන් ගෙල බැඳි කන්යාවකට ආරක්ෂිතව යන්න පුළුවන් තත්වයක් එදා තිබුණා. අද කඩා වැටී තිබෙන මුළු සමාජ පද්ධතියම ගොඩගන්නා සමාජ පරිවර්තනයක් අවශ්යයි. සාහිත්යය, ගීත, රසවිඳින, චිත්රපට බලන, නාට්ය බලන, පවුල් වගේම එක මේසයේ වාඩිවෙලා පවුලේ සියලු දෙනා කෑම කන සමාජයක් අපට අවශ්යයි.
ඒ නිසා අපි සියලු දෙනාට ආරාධනා කරන්නේ හුදු නායකයන් මාරුවක්, ආණ්ඩු මාරුවක් වෙනුවට මුළු සමාජ පද්ධතියම යළි නඟා සිටුවීමේ නව ජාතික පිබිදීමක් අවශ්ය බවයි. නව ජාතික නැගිටීමක් අවශ්යයි. නව ජාතික ඒකාග්රතාවයක් අවශ්යයි. නව ජාතික ඒකමතියක් අවශ්යයි. නව ජාතික ව්යාපාරයක් අවශ්යයි. අපට අවශ්ය වෙන්නේ හුදු දේශපාලන ව්යාපාරයක් නොවෙයි; සියලු දෙනා ඒකාබද්ධ කරගෙන රාජ්යය ගොඩනැගීමේ දැක්මක් සහිත ව්යාපාරයක්. ඉන්දියාවේ නේරු, පාතෙල්, ගාන්ධි, සුභාෂ් චන්ද්රබෝස් වගේ සියලු දෙනා ඉන්දියාව එක්සත් කර, ජාතික අභිමානයකින් නැගිට්ටවා බි්රතාන්ය අධිරාජ්යවාදීන්ට එරෙහිව සටන් කළා. ඒ ජයග්රහණවල පිම්ම ජාතික න්යාය පත්රයක් අනුව හසුරුවන ඉන්දියාව අද හඳට යනවා. නමුත් අපේ රටේ සවස හයෙන් පස්සේ රිදීමාලියැද්දට යන්න බස් එකක් නැහැ. පාරේ යනකොට අලි ගහනවා. ඉන්දියාවේ අබ්දුල් කලාම් වගේම කුලහීන කාන්තාවක් ජනාධිපති වුණා. ලෝකයේ රටවල් නැගිට්ටේ ජයග්රහණවලදී විතරක් නොවෙයි. පරාජයන්හිදිත් නැගිට්ටා. පරමාණු බෝම්බවලින් විනාශ වුණු ජපානය ආසියාවේ දැවැන්තම තාක්ෂණික රාජ්ය බවට පත්වී නැගී සිටියා.
අපේ රටේ නායකයන් 1948 නිදහස ලැබුණු වහාම පුරවැසි පනත ගෙනැත් වතුකරයේ දෙමළ ජනතාව පළවා හැරියා. 1956 භාෂා පනත ගෙනැත් කෝලාහල පටන් ගත්තා. 2019 පාස්කු ප්රහාරය දක්වා මේ විදිහට ගමන් කළා. වෙනත් රටවල් පිබිදීමේ ඉතිහාසයක් තිබෙන කොට, අපේ රටේ කුලල් කා ගැනීමේ ඉතිහාසයක් තිබෙනවා. නායකයන්ට ජාතික දැක්මක් තිබුණේ නැහැ. විමලසුරේන්ද්ර වැනි ඉංජිනේරුවන්, විශාල දැක්මක් සහිතව 1917දී පමණ ජල විදුලි බලාගාර සැලසුම් කළා. නමුත් අපේ නායකයෝ ඒ දියුණු චින්තනයට ඉඩක් දුන්නේ නැහැ. අතීතයේ තිබුණු දේවල් ගැන පුරාජේරු දොඩවන නායකයන් හිටියා. මෙයින් රට මුදා ගන්නා නව පිබිදීමක් අපට අවශ්යයි. මේ විනාශකාරී, චෞර කණ්ඩායම දෙපැත්තට පැන පැන භූත වළල්ලක් වගේ මේ දක්වා ඇවිත් තිබෙනවා. ඒ භූත වළල්ලෙන් මිදීම සඳහා ධෛර්ය සම්පන්නව කැපවීමෙන් අපි වැඩකරනවා කියන හැඟීමක් ඇතිවීමම විශාල තෘප්තියක් නොවෙයිද? මේ සාපයෙන් ගැලවුනහම කොතරම් සැනසීමක් අතිවෙයිද? අන්න එවැනි නැගිටීමක් අවශ්යයි. ගමේ පක්ෂ භේද තියාගන්න එපා. උඩ ඉන්න නායකයෝ එක්ක ඒ භේද තියාගන්න. එක්සත් ජාතික පාක්ෂිකයා, ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයා වගේ බෙදීම් පැත්තකින් තියලා ජාති, කුල භේද පැත්තකින් තියලා මේ භූත පාලකයන්ගෙන් මේ රටත් සමාජයත් බේරා ගන්න නව පිබිදීමකින් ඉදිරියට එන්න.
මේ වසරේ එන කවර හෝ මැතිවරණයකදී ඒ නව පිබිදීම වෙනුවෙන් අපි හැමදෙනාම එකතු වී වැඩ කරමු. අපේ දරුවන්ට නව අධ්යාපනයක් ලබාදී, කර්මාන්තකරුවන්, ධීවරයන්, ගොවීන් නඟාසිටුවා රට ගොඩනඟන්න එක්වෙමු. පුරවැසියන්ට සෞඛ්ය පිළිබඳ විද්යාත්මක අධ්යාපනයක් ලබාදෙන්න ඕනෑ. රටේ සියලුම ජනතාවට පෝෂ්යදායී ආහර වේලක් ලබාදීම තහවුරු කරන්න ඕනෑ. අපරාධකරුවන්ගෙන් තොර රටක් හදන්න ඕනෑ. වංචාවේ, දූෂණයේ යෙදුණු අයට දඬුවම් දෙන්න ඕනෑ. මෙතෙක් මේ රටේ ජනතාව විඳි දුක් සුසුම් නිමාකර, මේ රට හොඳ රාජ්යයක් බවට පත්කිරීමේ පොදු සිහිනයේ කොටස්කරුවන් වෙන්න ඕනෑ. ඒ රට ගොඩනැගීමේ නව පුනරුද යුගයක ක්රියාකාරී කොටස්කරුවන් වෙන්න ඕනෑ. අපි ආරම්භය ගනිමු. ඉතා හොඳ ප්රතිඵල අපේ දරුවන් භුක්ති විඳීවි. අපි ඡන්දය දිනනවා කියන්නේ මේ වැඩේ අවසානය නොවෙයි, ආරම්භයයි. අපි හැමදෙනාම ධෛර්යයෙන් මේ කාර්යයට මැදිහත් වෙමු කියලා ආරාධනා කරනවා.

 

Leave A Reply

Your email address will not be published.