”සනීපාරක්ෂක වෘත්තිකයන්ගේ සේවා ගුණාත්මක භාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කළ යුතුයි..” – අමාත්‍ය ෆයිසර් මුස්තෆා
සනීපාරක්ෂක සේවකයන් කියන්නේ අපේම සමාජයේ සහෝදර පිරිසක්. ඔවුන්ගේ සේවය සාමාජීය පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක්. ඒ නිසා ඔවුන්ගේ සුභ සාධනයට අපි මුල් තැන දිය යුතුයි. ඒ ගැන රජයක් ලෙස අපි සුවිශේෂ අවධානයක් යොමු කරනවා. පසුගිය දා කෝට්ටේ නගර සභාව තුළ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත වු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යය ෆයිසර් මුස්තෆා එහි සේවය කරන සනීපාරක්ෂක වෘත්තිකයන් අමතා එසේ ප්‍රකාශ කළේ ය.
එහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ෆයිසර් මුස්තෆා , “සෑම පළාත් පාලන ආයතනයකම අත්‍යාවශය සේවක කොට්ඨාශයක් තමයි සනීපාරක්ෂක වෘත්තිකයන් කියන්නේ. යම් හේතුවක් මත ඔවුන්ගේ සේවය නිසි පරිදි ඉටු කරන්න බැරි වුණොත් සමස්ත සමාජ පද්ධතියේම ක්‍රියාවලිය අඩ පණ වෙනවා, පරිසරය දුෂණය වෙනවා, විවිධ සෞඛ්‍යමය ගැටලු මතු වෙනවා. මේ පිළිබඳ පුර්ව අත්දැකිම් අපි සියලු දෙනාටම තිබෙනවා. ඒ නිසා තමයි සනීපාරක්ෂක වෘත්තිකයන් කියන්නේ සමාජයේ පැවැත්වීමට අත්‍යාවශ්‍ය සාධකයක් කියලා මම ප්‍රකාශ කරන්නේ. මේ සනීපාරක්ෂක වෘත්තිකයන් පිළිබඳ සියලු දෙනාගේම අවධානය යොමු විය යුතුයි. ඔවුන්ගේ සුභ සාධනය පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලිය යුතුයි. ඔවුන් විතරක් නෙමෙයි, අපි ඔවුන්ගේ පවුල් පිළිබඳවද සොයා බලා අවශ්‍යතා ඉටු කල යුතුයි. එහෙම කළාම ඔවුන් තම වෘත්තිය නිසි ආකාරයෙන් ඉටු කරන්න උත්තේජනය ලබනවා. මේ පිළිබඳව මම පුද්ගලිකවම අවධානය යොමු කර කටයුතු කරනවා. විශේෂයෙන් සනීපාරක්ෂක වෘත්තිකයන්ගේ සුභ සාධනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරලා කටයුතු කරන්න මම හැම පළාත් පාලන ආයතනයකම ප්‍රධානින් දැනුවත් කරනවා. ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්න මම සැම විටම මැදිහත් වෙනවා යයි පැවැසීය.