පිරිසිදු පානීය ජලය ඉල්ලූ ගම්පහ රතුපස්වල ගම්වාසීන්ට වෙඩි තබා තිදෙනකු මරා දැමීමේ සිද්ධියට සැකපිට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යුද හමුදා සාමාජිකයන් තිදෙනාම අප්‍රේල් 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනී මැරීම සහ මිනී මැරීමට තැත් කිරීම යන චෝදනා යටතේ ය.