topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

හම්බන්තොට ඩීල්.

Studio_20170325_142115

 හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම මේ වන විට යහපාලන ආණ්ඩුව දෙදරා යන තරමට උග්‍ර දේශපාලන අර්බුදයක් බවට පත් වෙමින් තිබේ. හම්බන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවරීමට යන්නේ අවුරුදු 99කටය. එම ගනුදෙනුවේදී මුළු වරායම සහ ඒ අවට සියලුම ඉඩම් චීන සමාගමට පැවරේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියට ඇත්තේ සියයට 20ක කොටස් ප්‍රමාණයක් පමණි. චීන සමාගමට හම්බන්තොට වරාය පැවරීම පහසු කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පනතද වෙනස් කිරීමට තීරණ කර ඇත. හම්බන්තොට වරාය භූමියේ ආරක්ෂක කටයුතු චීන සමාගමට පැවරීම එහි මූලික අමුණයි. මේ අනුව හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීම මේ රටේ ආරක්ෂාවටද චීන කොලනියක් මෙරට නිර්මාණය වීමටද පිටිවහලක් වනු ඇත.

හම්බන්තොට වරාය චීන සමාගමට පවරන්නේ එක් ගිවිසුමකින් නොවේ. ගිවිසුම් කිහිපයක් ඒ සදහා අත්සන් කරයි. පසුගිය 21 වැනිදා පැවැති කැබිනට් මණ්ඩලයට එහි සහන ගිවිසුම ඉදිරිපත් කළේ ආචර්ය සරත් අමුණුගම අමාත්‍යවරයා විසිනි. එම ගිවිසුම ඉදිරිපත් කරන අවස්ථාවේ වරාය අමාත්‍ය අර්ජුන රණතුංග මෙරට සිටියේ නැත. ඔහු ක්‍රාන්ස් මොන්ටානා සමුළුවට සහභාගි වීමේ අපෙක්ෂාවෙන් මොරොක්කෝ බලා පිටත්ව ගොස් තිබිණ. මේ හේතුවෙන් කැබිනට් මණ්ඩලයට ගියේ වැඩබලන අමාත්‍යවරයා ලෙස නිශාන්ත මුතුහෙට්ටිගම ය. ඔහු අර්ජුන රණතුංගගේ උපදෙස් මත සහන ගිවිසුමේ අහිතකර බව කැබිනට් සටහනකින් සියලු අමාත්‍යවරුන්ට දැන්වීය. එය සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සිය නිරීක්ෂණ සටහනින් පැවසුවේ මෙම ගිවිසුමට කැබිනට් අනුමැතිය දීම ගැඹුරින් කරුණු සලකා බලා කළ යුතු බවයි. ඒ සදහා කරුණු සොයා බැලීමට කැබිනට් අනුකමිටුවක්ද පත් කෙරිණ. ආචාර්ය සරත් අමුණුගම, අර්ජුන රණතුංග, ෆයිසර් මුස්තාපා, සුසිල් ප්‍රේම්ජයන්ත සහ චම්පික රණතුංග එහි විය. ඒ අනුව හම්බන්තොට ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම පසුවට තැබිණ.

හම්බන්තොට ගිවිසුම සලකා බැලීමට ජනාපතිවරයා කැබිනට් අනුකාරක කමිටුවක්ද පත් කළේය. ඉන්පසුව එදින සවසම ජනාධිපතිවරයා රුසියාව බලා පිටත්ව ගියේය. කෙසේ නමුත් ඊට පසුදිනම ආචාර්ය සරත් අමුණුගම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනට් මණ්ඩලයේ ලේකම්වරයා ලිඛිතව සියලු කැබිනට් අමාත්‍යාංශවලට දැන්වීය. එයින් විමතියට පත් නිශාන්ත මුතුහෙට්ටිගම අමාත්‍යවරයා වහාම ජනාධිපතිවරයාට හදිසි ලිපියක් යොමු කරමින් පවසන්නේ “ඔබතුමාගේ 2017 17 20 වැනි දින නිරීක්ෂණ පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ලබා දුණි. ඒ අනුව එදින ප්‍රකාශ වුණේ පස්දෙනකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කර අමාත්‍ය මණ්ඩල පත්‍රිකා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටය. එසේ වුවද අමාත්‍ය මණ්ඩල ලේකම්ගේ 17/0601/753/002 අංකයෙන් වරාය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ ලිපියේ දැක්වෙන්නේ ඊට පරස්පර වූ කරුණුය. එහි සදහන් වන්නේ අමාත්‍ය මණ්ඩලය ගරු සරත් අමුණුගම අමාත්‍යතුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්මත වූ බවයි..” යනුවෙනි. එමෙන්ම ජනාධිපතිවරයා පත් කළ පස්දෙනකුගෙන් යුත් කමිටුවට තවත් තිදෙනකුගේ නම්ද ඇතුළත් වී තිබිණ. ඒ මහින්ද අමරවීර, මලික් සමරවීර සහ සාගල රත්නායක වේ. මේ අනුව පෙනෙන්නේ ජනාධිපතිත් එපා කියද්දී කිසියම් බලවතෙක් ආචාර්ය සරත් අමුණුගම  ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සම්මත කර ඇති බවයි. එමෙන්ම ජනාධිපතිවරයා පත් කළ කමිටුවද වෙනස් කර ඇති බවයි.

 

ජනාධිපතිත් එපා කියද්දී කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නොමැතිව කැබිනට් පත්‍රිකාවක් අනුමත බවට තීරණයක් ගත්තේ නම් එය මෙරට ඉතිහාසයේ මහා පාවාදීමකි. විශාල දේශපාලන අර්බුදයකි. එය සනාථ කරමින් මේ වන විටත් ඇමති පාඨලී චම්පික රණවක හම්බන්තොට ගිවිසුම ගැන සොයා බැලීමට 21 වැනිදා පත් කළ ජනාධිපතිවරයා පත් කළ කැබිනට් අනුකමිටුවෙන් ඉල්ලා අස් වීතිබේ. ඔහු අවධාරණය කරන්නේ අදාල ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඉදිරිපත් කළ නිරීක්ෂණ නොසලකා හැර ඇති බවයි. තමන්ගේ ඉල්ලා අස්වීම ගැන මේ වන විටත් ඔහු විසින් ජනාධිපතිට දන්වා තිබේ.

චීන සමාගම ආරම්භයේ සිටම හම්බන්තොට වරාය ඉල්ලා සිටියේ අවුරුදු 198කටය. සියයට 80ක කොටස් තමන්ට අවශ්‍ය බවද පැවසීය. ඔවුන් සම්පූර්ණ වරායද එහි ඉඩම්ද ඉල්ලා සිටියේය. වසර 198කින් පසුව හම්බන්තොට වරායට ශ්‍රී ලංකාවට පැවරීම සදහා ඒ වන විට හම්බන්තොට වරායේ වටිනාකම තමන්ට ගෙවිය යුතු බවද චීන සමාගම පැවසීය. කෙසේ නමුත් වරාය අමාත්‍ය අර්ජුන රණතුංග පැවසුවේ එය එසේ කළ නොහැකි බවයි. හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම දිය නොහැකි බවත්, ඒ වෙනුවට වරායේ පර්යන්ත පමණක් දිය හැකි බවත්, එයද අවුරුදු 60කට සහ එයින් සියයට 65ක කොටස් පමණක් දිය හැකි බවත් ඒවා ආපසු පවරා ගැනීමේදී තම රජය සත පහක්වත් නොගෙවන බවත් වරාය අමාත්‍යවරයා දැඩිව කියා සිටියේය. ඒ සදහා චීන සමාගමද අර්ජුන රණතුංග හමුවේ සිය කැමැත්ත ප්‍රකාශ කළේය. එසේ තිබියදීත් ඇතැම් පිරිසකට අවශ්‍යව ඇත්තේ හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම අවුරුදු 198කට චීන සමාගමට පැවරීමටය. හම්බන්තොට වරාය සම්පූර්ණයෙන්ම ලබා දීමටය. ඉඩම්ද දීමටය. සාමාන්‍යයෙන් කියනුයේ  “චීන සමාගම අර්ජුන රණතුංග ළගදී අපේ යෝජනාවලට එකග වෙනවා. නමුත් ඊට පස්සේ මලික්ලා සරත් අමුණුගමලා ඒ තීරණ වෙනස් කරලා හම්බන්තොට වරාය ගෙඩි පිටින්ම චීනෙට දෙන්න කියලා ලියුම් එවනවා” යනුවෙනි.

මේ අතර හම්බන්තොට වරාය චීන සමාගමට ගෙඩි පිටින් දීමට උත්සාහ කරන චරිතයක් ගැනද කරළියේ ඇසේ. ඒ මංගල යාපාය. ඔහු අමාත්‍යාංශ ලේකම්වරයකු නොවේ. ආයතනයක  සභාපති ධුරයක්වත් නැත. එහෙත් හම්බන්තොට වරාය චීන සමාගමට පැවරීමේ රැස්වීම්වලට ඔහු සහභාගි වේ. ඇමතිවරුන්ටද උපදෙස් දෙයි. රටට අහිතකර මෙම ගිවිසුම සකස් කර ඇත්තේද ඔහු බව කියවේ. මේ අතර හම්බන්තොට දිස්ත්‍රිකයේ මහින්ද අමරවීරද හම්බන්තොට වරාය ගෙඩිපිටින් චීන සමාගමට දීමට විරෝධය නොදක්වන බව වාර්තා වේ. විශේෂයෙන්ම ඔහු හම්බන්තොට වරාය චීන සමාගමට සරත් අමුණුගමලා කියන විදියට දිය යුතු බව අවස්ථා කිහිපයදීම පවසා ඇත. එමෙන්ම තීරණාත්මක සාකච්ඡාවලදී නිහඩ පිළිවෙතක් අනුගමනය කරමින් සිටින බවද වාර්තා වේ. කෙසේ නමුත් රුසියාවේ සංචාරයක නිරතව සිටින ජනාධිපතිවරයා ලංකාවට පැමිණීමෙන් පසුව තමන් දුන් තීරණය කුණු කූඩයට දැමූ අයට එරෙහිව දැඩි පියවරක් ගැනීමට අපේක්ෂාවෙන් සිටින බවද පැවසේ.

 

Leave A Reply

Your email address will not be published.