පොලිස්පති පුජිත ජයසුන්දර ගේ මෙහෙයවීම මත සියලුම පොලිස් ස්ථානවල පොලිස් නිලධරීන් 10756 යොදවා ලංකාවම අවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කල බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. මෙම මෙහෙයුමදී පුද්ගලයින් 1570 දෙදෙනෙකු පරික්ෂා කිරීමට අත්අඩංගුවට ගෙන ඇති බවත්.අධිකරණය මගින් වරෙන්තු ලබා ඇති 739 දෙනෙකු සහ අපරාධ සදහා අත්අඩංගුවට ගෙන සිටි 112 ක් ගංජා ළග තබා ගත් 198 ක්, හෙරොයි ළග තබා ගැනීමට සම්බන්ධව 106ක්, මත්පැන් ළග තබා ගැනීමට සම්බන්ධ පුද්ගලයින් 200 ක් අත්අඩංගුවට ගෙන ඇත.
මිට අමතරව බීමත්ව රිය පැදවීම සම්බන්ධ පුද්ගලයින් 310ක්, බලපත්‍ර නොමැතිව රිය ධාවනය කළ 169 ක් බරපතල රථවාහන නීති උල්ලංගනය කළ 96 දෙනෙක් අඩංගුවට ගෙන ඇත.
මෙවැනි විශේෂ මෙහෙයුම් තුලින් මධ්‍යම රාත්‍රියේ සහ අළුයම් කාලයේ වැඩිපුර පොලිස් නිලධාරීන් රාජකාරියේ යෙදවීමත්, ඒ තුලින් අපරාධ නිවාරණය කිරීම පොලිසිය බලාපොරොත්තුවේ.