හදිසියේ ඇතිවූ රෝග තත්වයන් සහ අනතුරු නිසා විදේශීය ජතිකයන් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි.ඒ කටුනායක, හික්කඩුව සහ දෙමටගොඩ යන ප්‍රදේශවලදීය. කටුනායකදී මියගොස් ඇත්තේ සෞදී අරාබියේ සිට ඉන්දුනීසියාව බලා ගමන්ගත් ගුවන්යානයක සිටි ගුවන් මගියෙකි.හික්කඩුව ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ එංගලන්ත ජාතිකයෙකි. ඔහු හික්කඩුව ප්‍රදේශයේ නිවසක නවාතැන්ගෙන සිටි බවත් එම නිවස ඉදිරිපිට වැටි මියගොස් ඇතිබව සදහන්ය. දෙමටගොඩ ප්‍රදේශයේදී මියගොස් ඇත්තේ චීන ජාතිකයෙකි. ඔහු දෙමටගොඩ මහවෙල පටුමග ප්‍රදේශයේ මාර්ගයේ වැටි සිහි විකල්ව සිටි බවත් පසුව පොලිසිය විසින් රෝහල් ගත කළ බවත් රෝහලේදී ඔහු මියගොස් ඇති බව වාර්ථා වේ .