මේවන විට සිදු කෙරෙන වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලට කෙසේ මුහුණ දිය යුතුද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ විශේෂ රැස්වීමක් අරලියගහ මන්දිරයේදී පවත්වා තිබේ.
මෙම සාකච්ඊඡාව සඳහා අමාත්‍යවරුන් පිරිසක් සහභාගිවු බව වාර්තා වේ ඒ අතරට මංගල සමරවීර, සාගල රත්නායක, තලතා අතුකෝරල, රාජිත සේනාරත්න, අජිත් පී පෙරේරා සහ රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන් ඊට එක්ව සිට ඇත.
අමාත්‍යවරුන් විවිධ මත දැරීම රජයේ කටයුතුවලට හානිදායක වන බැවින් ආණ්ඩුවේ මැති ඇමතිවරු සියලුදෙනා එකම මතයක් දැරිය යුතු බවට මෙහිදී සාකච්ඡාකර ඇත.