topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව ජනවරමට පයින් ගසා කළු කඩයක් රකිනවා.

2

ආණ්ඩුව ජනවරමට පයින් ගසා කළු කඩයක් රකිනවා යයි   ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  පවසයි .ඔහු මෙසේ පැවසුවේ  බත්තරමුල්ල, පැලවත්ත ජ.වි.පෙ. ප‍්‍රධාන කාර්යාලයේදී  පැවති  මාධ්‍ය හමුවක් අමතමිණි.එහෙදි  වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා.

“සයිටම්  කිරීමට බලකරමින් ඊයේ(17) ශිෂ්‍යයින් විසින් සංවිධානය කළ පා ගමනට ආණ්ඩුව පොලීසිය ලවා පහර දුන්නා. විශ්වවිද්‍යාල සිසුන් මෙම විරෝධතා ව්‍යාපාරය පැවැත්වුවේ ඉතාම සාධාරණ හේතුවක් වෙනුවෙන්. ආණ්ඩුව එම සාධාරණ ඉල්ලීමට ඇහුම්කන් දෙනවා වෙනුවට අමානුෂික ලෙස කඳුළු ගෑස්, බැටන් ප‍්‍රහාර එල්ල කළා. ශිෂ්‍යයින්ට පාරවල් දිගේ පන්න පන්නා පහර දුන්නා. පාරවල්වලින් ඉවත්වුණු සිසුන්ට පවා ප‍්‍රහාර එල්ල කළා. මෙම ශිෂ්‍යයින් පා ගමනකින් ආවේ ආණ්ඩුවත් එක්ක හෝ පොලීසියත් එක්ක ගහ ගන්න නෙවෙයි. ඉතාම සාධාරණ ඉල්ලීමකට. ආණ්ඩුව ශිෂ්‍යයින්ගේ මෙම ප‍්‍රශ්න විසඳනවා වෙනුවට ශිෂ්‍යයින්ට අපරාධකාරයින්ට වගේ ප‍්‍රහාර එල්ල කළා. එයින් ශිෂ්‍යයන් 20ක් පමණ තුවාල ලැබුවා. මේ වනවිට 10කට ආසන්න පිරිසක් බන්ධනාගාරගත කොට තිබෙනවා. සිසුන්ගේ මෙම සාධාරණ අරගලයට පොලීසිය ලවා අමානුෂික ලෙස එල්ල කළ ප‍්‍රහාරය දැඩි ලෙස හෙළා දකින අතර බන්ධනාගාරගත කොට සිටින සිසුන් සියලූ දෙනා කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලනවා.

කාලයක් තිස්සේ පටන් සයිටම් අහෝසි කරන ලෙසත් නිදහස් අධ්‍යාපනය අහෝසි නොකරන ලෙසත් විරෝධතා දියත් වෙමින් තිබෙනවා. සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ජවිපෙ ඇතුළු දේශපාලන පක්‍ෂත් වෘත්තීය සමිති, ශිෂ්‍යයන්, වෛද්‍යවරුන්, දෙමාපියන් අරගලයක් දියත් කළේ එම ආයතනය කළු කඩයක් වූ නිසයි. ආණ්ඩුව ජනතාවට ඇහුම්කන් දෙනවා වෙනුවට මේ කළු කඩය ආරක්‍ෂා කිරීමේ උත්සාහයක නිරත වෙලා ඉන්නවා. ජනතාවගේ විරෝධතාවයන් මර්දනයෙන් යටපත් කරන්න හදනවා. සයිටම් අහෝසි කරන්න කියන්නේ, එම ආයතනය සමඟ තිබෙන ප‍්‍රශ්නයක් නිසා නෙවෙයි. නිදහස් අධ්‍යාපනය අහෝසි කර මුදලට අධ්‍යාපනය විකිණීමේ පියවරක් ලෙසයි මෙම සයිටම් ආයතනය පවත්වාගෙන යන්නේ. එය හුදකලා ආයතනයක් නෙවෙයි. පරාජය කළ යුත්තේ ඒ නිසයි. ආණ්ඩුවේ කොටසක් මෙම සයිටම් ආයතනය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් විවිධ තර්ක ගොඩනගමින් තිබෙනවා.
රටක අධ්‍යාපනය පුද්ගලීකරණය වුණාම ඉන් ලැබෙන ප‍්‍රතිවිපාක බරපතළයි. අපේ රටේ බහුතරයක් තවමත් ජීවත් වෙන්නේ ආණ්ඩුවේ ආධාරවලින්. රටේ ජනගහනයෙන් බහුතරයකගේ දෛනික ආදායම ඩොලර් දෙකකට ආසන්නයි. එවැනි රටක ජීවත් වෙන බොහෝ දෙනාට ළමයින්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 120-125ක් හොයාගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ ආණ්ඩුව රටේ අනාගතයක් එක්කයි සෙල්ලම් කරමින් ඉන්නේ. පුද්ගලික අධ්‍යාපනය නිසා ඇතිවුණු සිදුවීම් පසුගියදා අපිට අසන්නට ලැබුණා. තරුණයෙක් බැංකුවක් කඩලා පොලීසියට අහුවුණා. ඔහු ගැන සොයා බලද්දී ඔහු රුසියාවේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක වෛද්‍ය පීඨ සිසුවෙක්. සල්ලි නැති නිසා වෛද්‍යවරයෙක් වෙන්න හිටපු සිසුවෙක් අපරාධකාරයෙක් වෙලා. ඒ වගේම යුරෝපා රටවල පෞද්ගලික ආයතනවල ඉගෙන ගන්නා සිසුවියන් දැන්වීම් දාලා ඇඟ විකුණනවා. මේ විදිහට ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට බැංකු කඩන්න, ඇඟ විකුණන්න, කුඩු බිස්නස් කරන්න, පොකට් ගහන්න, සිදු වුණොත් අනාගතයේදී බිහි වෙන්නේ වෛද්‍යවරු නොව අපරාධකාරයින්. ඒ නිසා තමයි අපි නිදහස් අධ්‍යාපනය අහෝසි කරන්න එපා කියලා ආණ්ඩුවට බල කරන්නේ. නමුත් ආණ්ඩුව අත්තනෝමතික හිතුවක්කාරී ලෙස තමයි එයට ප‍්‍රතිචාර දක්වන්නේ.
මෙය ජනතාවගේ සටනක්. ආණ්ඩුව මෙම ප‍්‍රශ්නයට ඇහුම්කන් නොදෙන නිසා තමයි ව්‍යවස්ථානුකූලව තහවුරු කරලා තිබෙන ජනතාවගේ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතිය පාවිච්චි කරලා උද්ඝෝෂණ කරන්නේ. එහෙම උද්ඝෝෂණය කරන සිසුන්ට ප‍්‍රහාර දියත් කරන්නේ හිතක් පපුවක් නැති අමානුෂික ආණ්ඩුවක් විදිහටයි. එහෙම කරමින් ආණ්ඩුව සයිටම් ආයතනය රකිනවා. සයිටම් කියන්නේ කළු කඩයක්. දෙමාපියන්ට, ශිෂ්‍යයින්ට බොරු කියලා, වංචා කරලා පවත්වාගෙන යන කඩයක්. ඒ මදිවට දැන් පුවත්පත්වල රු. ලක්‍ෂ ගණන් ඇඞ් දාලා බොරුත් කියනවා. වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබුණා, නීතිමය අවසර ලැබුණා කියලා. අමු අමුවේ බොරු කරන කළු කඩයක්. ඒ විතරක් නෙවෙයි මෙම ආයතනය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාවන්ට සම්බන්ධයි. මෙම ආයතනයේ සේවය කරපු සමීර කියන පුද්ගලයා පුද්ගලයින් පිරිසක් ලවා වෙඩි තබා ගත්තා. එය නාටකයක් බව ඔප්පු වුණාට පස්සෙත් එම පුද්ගලයාට හෝ සයිටම් මුදලාලිට එරෙහිව ආණ්ඩුව කිසිදු පරීක්‍ෂණයක් සිදුකළේ නැහැ. ඒ වගේම පසුගියදා ශී‍්‍ර ලංකා වෛද්‍ය සභාවට අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ල වුණා. සයිටම් ආයතනයේ වැඩ කරන පුද්ගලයින් පාතාල කණ්ඩායමක් වගේ. අහිංසක ආයතනයක් නෙවෙයි. සල්ලි, මැර බලය, පාතාලය යොදාගෙන පවත්වාගෙන යන ආයතනයක්. ඒ නිසා තමයි සයිටම් ආයතනය අහෝසි කරන්න බලපෑම් කරන්නේ. දේශපාලන පක්‍ෂ, සිසුන්, වෛද්‍යවරුන්, දෙමව්පියන් ඇතුළු ජනතාව සයිටම් ආයතනය අහෝසි කරන්න කියලා ඉල්ලද්දී ආණ්ඩුව එයට ඇහුම්කන් නොදී ඉන්නවා. ජනවරමට පයින් ගහලා මර්දනය කැඳවන්නේ නැතිව මෙම ප‍්‍රශ්නය විසඳන්න ආණ්ඩුව පියවර ගත යුතුයි.
ආණ්ඩුව උද්ඝෝෂණවලට කැමති නැහැ. උද්ඝෝෂණවලට බයයි. අපි ආණ්ඩුවට කියන්නේ උද්ඝෝෂණවලට කැමති නැත්නම් ජනතාවගේ සාධාරණ ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන්න කියලයි. ජනතාව උද්ඝෝෂණ කරන තැනට එන්නේ සාධාරණ ඉල්ලීම්වලට ආණ්ඩුව ඇහුම්කන් නොදෙන නිසයි. කවුරුවත් කැමති නැහැ පාරට බැහැලා කඳුළු ගෑස්, බැටන් පොළු ප‍්‍රහාර කන්න. ආණ්ඩුව ප‍්‍රශ්න විසඳනවා වෙනුවට මර්දනය කරන්න උත්සාහ කරනවා. එක වෙලාවක නීති හදලා උද්ඝෝෂණ මර්දනය කරන්න හදනවා. ස්ථාන වෙන් කරලා, වෙලාවල් දීලා උද්ඝෝෂණ කරන්න බැහැ. ඒ විදිහට කරන්න පුළුවන් ටෙලි නාට්‍ය, අනෙක් පැත්තෙන් වාරණ නියෝග ගෙනල්ලා ප‍්‍රශ්න විසඳන්න හදනවා. ඒ විදිහට ප‍්‍රශ්න විසඳන්න ගියොත් වෙන්නේ අධිකරණය පවා හෑල්ලූවට ලක්වීමයි.
ජනතාව තමන්ගේ ප‍්‍රශ්නවලට සාධාරණ ලෙස විරෝධය පළකරන කොට ආණ්ඩුවට සංයමයක් නැති වෙලා ගිහින්. අපේ රටේ ඇමතිවරු හැසිරෙන්නේ පිස්සන් කොටුවක වගේ. වම් අත කරන දේ දකුණු අත දන්නේ නැහැ. ඇමති මණ්ඩලයේ ඇතැම් ඇමතිවරු එක වෙලාවකදී කරන ප‍්‍රකාශ තව වෙලාවකදී නැහැ කියනවා. ඔවුන්ට ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න වුවමනාවක් නැහැ. ආණ්ඩුවේ ප‍්‍රශ්න ටික විසඳගන්න තමයි ඔවුන් මැදිහත් වෙන්නේ. උතුරු මැද පළාත් සභාවේ ප‍්‍රශ්නයක් ඇතිවුණු වෙලාවේදී ඉතා කඩිනමින් ඇමතිවරු අස් කරලා අලූත් ඇමතිවරු පත්කරගත්තා. ජනාධිපතිතුමා කඩිනමින්ම මැදිහත්වුණු ප‍්‍රශ්නය මේක වෙන්න පුළුවන්. ඒ ප‍්‍රශ්නවලට උත්තර හොයන්න කොමිසන් නැහැ. සාකච්ඡුා නැහැ. උපදේශකයෝ ඕන නැහැ. තමන්ගේ බලය තහවුරු කරගන්න කඩිනමින් මැදිහත් වෙනවා. එක රැුයින් විරුද්ධ පැත්තේ අය තමන්ගේ පැත්තට ගන්න මැදිහත් වෙනවා.
ඒ වගේම කැබිනට් මණ්ඩලයේ ප‍්‍රශ්නයක් මතු වුණා. ජනාධිපතිවරයා කළා යැයි කියන ප‍්‍රකාශයක් ගැන රාජිත ඇමතිවරයා මාධ්‍යයට කිව්වා. එහෙම ප‍්‍රකාශක් කළේ නැහැ කියලා ගැටුමක් මතුවුණා. ජනාධිපතිවරයාගේ පාර්ශවය වෙනුවෙන් කැබිනට් ප‍්‍රකාශකවරයෙක් පත් කරලා ඉතාම කඩිනමින් ප‍්‍රශ්නය විසඳුවා. මේ විදිහට තමන්ගේ බලය රැුක ගැනීම වෙනුවෙන් කඩිනම් තීරණ ගන්න ආණ්ඩුව ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් මැදිහත් වෙන්නේ නැහැ. ඇමතිවරුන්ට වාහන ගේන්න ඉතාම කඩිනමින් මැදිහත් වෙනවා. විශ්වවිද්‍යාල පුළුල් කරන්න සල්ලි නැහැ කියන ආණ්ඩුව ඇමතිවරුන්ට වාහන ගේනන ඕන තරම් සල්ලි වියදම් කරනවා. මාස් පතා ඇමතිවරුන්ට වාහන ගෙන්වනවා. අනුන්ගේ බිල්ඩින්වලට කෝටි ගණන් කුලී ගෙවනවා. එනිසා මේ ආණ්ඩුවේ හැසිරීම ජනතාව වෙනුවෙන් නොවෙයි. රටේ සම්පත් මුදල් වරප‍්‍රසාද යොදාගෙන තමන්ගේ ප‍්‍රශ්න විසඳා ගැනීමට හැසිරෙන ආණ්ඩුවක්. හම්බන්තොට වරාය චීනයට දෙන්න, කොළඹ නැගෙනහිර ජැටිය විකුණන්න ඉඩම් ටික පුද්ගලික සමාගම්වලට දෙන්න ඉතාම කඩිනමින් කටයුතු කරන ආණ්ඩුව තමන්ගේ සුපිරි පැලැන්තියට අනාගතයක් හදන්න කටයුතු කරමින් ඉන්නවා.
අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා. දෙකෙන් එකක් තෝර ගන්න කියලා. සයිටම් තෝරාගෙන ආණ්ඩුවේ පැවැත්ම අත්හරින්න හෝ සයිටම් අහෝසි කර ආණ්ඩුව බේරා ගන්න කියලා අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ආණ්ඩුවේ පැවැත්ම ගැනවත් නොහිතා සයිටම් වෙනුවෙන් මේ තරම් මැදිහත් වෙන්නේ ඇයි? නිදහස් අධ්‍යාපනය රැුක ගැනීම වෙනුවෙනුත් අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහිවත් ජනතා විමුක්ති පෙරමුණේ අපි සියලූ බලවේග එකතු කරනවා. එම වංචනික සයිටම් ආයතනය දිගට පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ. මේ ආණ්ඩුව සයිටම් අහෝසි කරන්නේ නැත්නම් ජනතාවාදී ආණ්ඩුවක් සඳහා මෙම නීති විරෝධී සයිටම් ආයතනය අහෝසි කරන්න කටයුතු කරනවා.
මාධ්‍යවේදීන් නැගු ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
උද්ඝෝෂණ නිසා ජනතාව පීඩාවට පත්වෙනවා නම් ආණ්ඩුව කළ යුත්තේ උද්ඝෝෂණ ඇතිවීම වැළැක්වීම. උද්ඝෝෂණ ඇතිවීම වළක්වන්න ඕනෑ පහර දීලා නොව ප‍්‍රශ්න විසඳලයි. මේ ආණ්ඩුවයි උද්ඝෝෂණ කැඳවා ගන්නේ. උද්ඝෝෂණ කැඳවා ගන්න ආණ්ඩුවම උද්ඝෝෂකයින්ට වැරැද්ද පටවන්න උත්සාහ කරනවා. ඊයේ වාහන තදබදය ඇතිවුණේ උද්ඝෝෂණය නිසා නොව උද්ඝෝෂකයින්ට පොලීසිය පන්න පන්නා පහර දීපු නිසයි. පොලීසිය සිසුන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කළ නිසයි. පොලීසිය කඳුලූ ගෑස්, බැටන් ප‍්‍රහාර එල්ල කරපු නිසයි ශිෂ්‍යයින් පාරවල් දිගේ දිව්වේ. පාරේ ගමන් ගත් ජනතාවටත් කදුළු  ගෑස් වැදුණේ. ජනතාව පීඩාවට පත්වුණේ උද්ඝෝෂකයින්ගෙන් නොවේ. ආණ්ඩුවේ පොලීසියෙන්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා වෙඩි තියලා උද්ඝෝෂණ මර්දනය කරන්න පුළුවන්කමක් නැහැ කියලා. වෙඩි උණ්ඩයෙන් ජනතාව මර්දනය කරන්න හදපු බොහෝ අය ගෙදර ගියා. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලෙත් උද්ඝෝෂණවලට වෙඩි තියලා රතු පස්වලදී තුන් දෙනෙක් මැරුවා. ධීවරයෙක් ඝාතනය කළා. දැන් මහින්ද ගෙදර ගියාට වෙඩි තියපු පුද්ගලයින් බන්ධනාගාරගත වෙලා.
මේ උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළන්න ආපු ඒවා නෙවෙයි. ආණ්ඩුව කියනවා නම් ආණ්ඩුව පෙරළන්න ආවා කියලා ශිෂ්‍යයින්ගේ සාධාරණ ඉල්ලීම් ඉටු කරලා ආණ්ඩුව පෙරළීම වළක්වා ගන්න පුළුවන්. මේ සියලූ දෙනා ඉල්ලන්නේ ජනාධිපතිකමවත්, අගමැතිකමවත් ඇමතිකම්වත් වාහනවත් නෙවෙයි. නීති විරෝධී සයිටම් අහෝසි කරන ලෙසයි. සයිටම් වහල දැම්මා නම් ප‍්‍රශ්නය විසඳෙනවා. ආණ්ඩුවේ ආයතනයකුත් නොවන සයිටම් වහන්න ආණ්ඩුව මේ තරම් මැළි වෙන්නේ ඇයි? සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් කරන උද්ඝෝෂණ ආණ්ඩුව පෙරළීමේ බිල්ලා පෙන්වලා මර්දනය කරන්න අපි ඉඩ දෙන්නේ නැහැ.
ආණ්ඩුව දීලා තියෙන්නේ ඉල්ලපු දේවල් නෙවෙයි. රෝහල පවරා ගන්න කටයුතු කළාට ඒක ශිෂ්‍යයන්ගේ ඉල්ලීම්වල තිබ්බ එකක් නෙවෙයි. ඒ වගේම සයිටම් ආයතනය තනි අයිතිය වෙනුවට කොටස් වෙළඳපොළට දාන එකත් සිසුන් ඉල්ලපු එකක් නෙවෙයි. ශිෂ්‍යයින් ඉල්ලන දෙයට අදාළ දේවල් නෙවෙයි ආණ්ඩුව කරන්නේ. රෝහල සමඟ ප‍්‍රශ්නයක් නැහැ. රෝහල පවරා ගත්තහම සයිටම් මුදලාලිට ඒක වාසියක්. ආණඩුවේ සල්ලිිවලින් රෝහල පවත්වාගෙන ගිහින් එයාට ඕන වැඬේ කරගන්න පුළුවන්. සයිටම් ආයතනය කොටස් වෙළඳපොළට දැම්මාම සයිටම් මුදලාලි තමන්ගේ මුදලින් මෙම ආයතනය පවත්වාගෙන යනවා වෙනුවට ජනතාවගේ මුදල්වලට එම ආයතනය පවත්වාගෙන යන්න පුළුවන්. දැන් සිසුන් බඳවා ගැනීම නතර කර තිබෙන්නේ ලැජ්ජාවෙන් බේරෙන්න. මොකද, මේ ආයතනයට එල්ල වූ විරෝධය නිසා සිසුන් බඳවා ගැනීම අඩු වෙලා තිබෙනවා.
මන්තී‍්‍රවරුන්ගේ වාහන පර්මිට් විකිණීම ජනතාව ගෙවන පවක්. ජනතාව ඡුන්දය දීලා මන්තී‍්‍රවරු පාර්ලිමේන්තු එවන්නේ රට හදන්නයි. පාර්ලිමේන්තුවට එන මන්තී‍්‍රවරු මුලින්ම කරන්නේ තමන්ට ලැබෙන පර්මිට් එක ලක්‍ෂ 250-300කට විකුණා ගන්න එකයි. එයින් සිදුවෙන්නේ ආණ්ඩුවට ලැබිය යුතු බදු මුදලක් අනියම් ආකාරයෙන් මන්තී‍්‍රවරු අතට ගැනීමයි. එය වංචාකාරී වැඩක්. ජවිපෙ මන්තී‍්‍රවරු ඇරෙන්න අනෙක් සියලූ පක්‍ෂවල මන්තී‍්‍රවරුන් වාහන පර්මිට් විකුණනවා. ඒ බව දැන දැනත් ආණ්ඩුව පර්මිට් දෙන්නේ කප්පමක් විදිහටයි. මන්තී‍්‍රවරුන්ට දේශපාලනයට ආපුවාම ආර්ථික අමාරුකම් අපහසුතා තියෙනවා නම් ගෙදරට වෙලා හිටියා නම් හරි. සමහරු කියනවා කශේරුකාව ගෙවෙන නිසා හොඳ වාහන ඕන කියලා. ඇත්තටම ඔවුන්ට කශේරුකාවක් නැහැ. මේ අයගේ කශේරුකාව ගෙවෙනවා නම් බස් එකේ ගමන් කරන ජනතාවගේ කශේරුකාවට මොකද වෙන්නේ? මේ අය දේශපාලනයට එන්නේම සල්ලි හම්බ කරන්නයි. මන්තී‍්‍ර වැටුපෙන්, දීමනාවලින් හම්බ කරනවා. සමහරු කොමිස් ගහනවා. ඇමති වුණාම කොන්ත‍්‍රාත්වලින් හම්බ කරනවා. එනිසා ඔවුන්ට පාර්ලිමේන්තුව කියන්නේ ආදායම් උපයන ඉල්ලමක්. ඒ නිසා ජනතාවයි තේරුම් ගත යුත්තේ මොවුන් ජනතා මුදල් කාබාසිනියා කරන බව. ” යයි   පැවසිය  මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍යම කාරක සභික, පලාත් සභා මන්තී‍්‍ර සුනිල් වටගලද  සහභාගි විය.

 

Leave A Reply

Your email address will not be published.