රැකියාවට ගැලපෙන පුහුණු පාඨමාලා ඉදිරියේදී ඇතිකරනවා. අනාගතයට ගැලපෙන ආකාරයට අනාගත ශ්‍රම හමුදාව නිර්මානය කිරීම අපි හෙට සිට ආරම්භ කරනවා. අද මට තියන වගකීම අපේ රටේ තරුණයන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමයි. බොහෝ දෙනෙක් අද රැකියා දස ලක්ෂයක් ගැන කථා කරනාවා නමුත් කිසිම වැඩ පිළිවෙලක් නෑ. අපේ රටට ආයෝකයෝ අවාට ඒ අයට අවශ්‍යකරන පුහුණු සේවකයෝ නෑ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි පැවසීය.
අමාත්‍යවරයා මෙම අදහස් ප්‍රකාශ කලේ අද(23) ගාල්ලේ ඉමදුව දීගොඩ සමාධි ශ්‍රී සම්බුද්ධ විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරනලද චෛත්‍යයේ කොත නිරාවරණය කිරීම සදහා එක්වෙමිනි. අමාත්‍යවරයගේ දෙමාපියන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම චෛත්‍ය ඉදිකර තිබේ. මේ සදහා රුපියල් ලක්ෂ 20ක් පමණ වැය කර ඇත.
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා කියාසිටියේ පසුගිය වසර දෙක තුල ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉතිහාසිගත වාර්ථාවක් තබන්න හැකියාව ලැබුනා. ලංකාවේ දැන් ලොකම ප්රශ්නය කුණු එයට ප්‍රදාන හේතුව ප්ලාස්ටික් අපි ප්ලාස්ටික් වලින් තෙල් නිෂ්පාදනය කිරීම අපි ආරම්භ කරා. මන්නාරම් ද්‍රෝනියේ තෙල් ලබාගැනිමට කැනීම් කිරීම ආරම්භ කරා. අපි කර ගෙන ගිය කාලය තුල බාල තෙල් බිංදුවක්වත් රටට ආවේ නෑ. මා සිටි කාලය තුල සිංහල අවුරුදු දෙකක් තිබුනා ඒ දෙකේම තෙල් හිගයක් තිබුනේ නෑ. අවුරුදු පහක් තුල කැබිනට් පත්‍රිකා 5ක් දමා අලුත්වැඩියා කරන්න කරන්න බැරි වුනු නල පද්ධතිය අලුත්වැඩිය කරන්න අනුමැතිය ලබා ගත්තා. එයත් රටට විශාල ඉතිරියක් වෙනවා. යයි පැවැසිය. අමාත්‍ය වරයාගේ ජන්ම දිනය නිමිති කරගෙන මෙම වැඩසටහන අද සිදුකෙරුනි.