කටුනායක ගුවන්තොටුපලේ බැංකු ශාඛා මඟින් කටාර් රියල් වෙනත් මුදල් වර්ගවලට හුවමාරු කිරීම තාවකාලිකව නවතා ඇති බව සදහන්ය
මේ හේතුවෙන් කටාර්හී සිට පැමිණි ශ්රී ලාංකික විශාල ශ්රමිකයින් පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව ඇත.
අද පෙරවරුවේ සිට මෙම පියවර ගෙන ඇති බව ගුවන් තොටුපල කළමනාකාරීත්වය සදහන් කලේය.
ශ්රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ දැනුම්දීමකට අනුව කටුනායක ගුවන්තොටුපලේ ක්රියාත්මක බැංකු ශාඛා මෙම මෙම තීරණය ගෙන ඇත.