topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආණ්ඩුව පනත් සංශෝධනය කරලා, ලිහිල්කරණය යටතේ මුළු රටම විදේශිකයින්ට බිලිදෙන්න හදනවා-ජවිපෙ අයවැයට විරුද්ධයි.

 Studio_20171114_153119

ආණ්ඩුව පනත් සංශෝධනය කරලා, ලිහිල්කරණය යටතේ මුළු රටම විදේශිකයින්ට බිලිදෙන්න හදනවා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක කියා සිටී. ඔහු මෙම අදහස් පළකර සිටියේ, බත්තරමුල්ල, පැලවත්ත ජවිපෙ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජවිපෙ ජාතික සංවිධායක බිමල් රත්නායක,

මෙවර ආණ්ඩුව ඉදිරිපත් කළ අයවැයෙන් ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තිය වුණු ලිබරල්කරණය වේගවත් කිරීම වෙනුවෙන් අණපනත් කිහිපයක් වෙනස් කිරීමට යන බව සඳහන් කර තිබෙනවා. මුදල් ඇමතිවරයා කියන්නේ පැරණි යල්පැන ගිය අණ පනත් වෙනස් කළ යුතුයි කියලා. පනත් කෙටුම්පත් දහයකට ආසන්න ප‍්‍රමාණයක් වෙනස් කිරීමට ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා. මුදල් ඇමතිවරයා ඉදිරිපත් කළ අයවැයේ ඒ අණ පනත් මොනවාද කියලා නිශ්චිතව සඳහන් කර තිබෙනවා. මේව වෙනස් කරන්න යන්නේ පැරණි යල් පැනගිය පනත් සංශෝධනය කළ යුතුයි කියලා. යල්පැන ගිහින් තිබෙනවා නම් ඒකට වගකිව යුත්තෙත් මේ පක්‍ෂ දෙකමයි. මොකද, මෙතෙක් කල් රට පාලනය කළෙත් දැන් හවුල් ආණ්ඩුව විදිහට පාලනය කරන්නෙත් මේ පක්‍ෂ දෙකයි. පනත් පැරණි වූ පමණින් නරක් වෙන්නේ නැහැ. නමුත් යල්පැන ගොස් තිබෙනවා නම් පනත් සංශෝධනය කළ යුතු බව අපි පිළිගන්නවා. නමුත් මේ ආණ්ඩුව පැරණි යැයි කියමින් සංශෝධනය කරන්න යන්නේ ආණ්ඩුවේ ලිහිල්කරණ ආර්ථිකයට ගැලපෙන ලෙසයි. වර්තමාන ආණ්ඩුවේ ආර්ථික උපායමාර්ග අනුව සියල්ල විකුණලා දාන්නයි ආණ්ඩුව හදන්නේ.

මේ අණ පනත් ජන ජීවිතයට සෘජුවම බලපාන දේවල්. අපේ රටේ ගොවි ජනතාවට ඉතා වැදගත් ඉඩම් පනත වගේම සිසුන්ට, වැඩ කරන ජනතාවට බලපාන පනත්වලිින් ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්‍ෂාවී තිබෙනවා. එයට පහර එල්ල කිරීමටයි ආණ්ඩුව උත්සාහ කරන්නේ. වර්තමාන ආණ්ඩුව කතා කරන ලිබරල්කරණය ලෝකයේ කොහේවත් තියෙන දෙයක් නෙවෙයි. අද ඇමරිකාව පවා ආර්ථිකයේදී ආරක්‍ෂණවාදී වැඩපිළිවෙළක ඉන්නවා. වර්තමාන ඇමරිකානු ජනාධිපතිවරයා වීසා දෙන එක පවා සීමා කර තිබෙනවා. යුරෝපයේ බොහෝ රටවලූත් එහෙමයි. එසේ තිබියදී අපි වගේ රටවල් සියලූ දේවල් නිදහසේ අලෙවි කරන වීදි ගණිකාවන් බවට පත්වෙලා. සියලූ දේවල් නිදහස් කරලා දෙන්නම් කියලා ආයෝජකයන්ට කතා කරනවා. එහෙම ආරාධනා කළ පලියටම ආයෝජකයෝ එන්නේ නැහැ. අද ලෝකයේ ආර්ථිකය අස්ථාවර වෙලා. එනිසා පොදුවේ රටවල්වලට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ. ඉන්දියාවටත් පසුගිය වසරේ ලැබුණේ ඩොලර් බිලියන 44ක් වගේ විදේශ ආයෝජන. ඉන් ඩොලර් බිලියන 26ක්ම මුරිසි දිවයිනේ කළු සල්ලිකාරයින්ගේ කොටස් වෙළඳපොළ ආයෝජනයි. අපේ රටම බිල්ලට දීලා ආයෝජකයන්ට කතා කළත් ඔවුන් එන්නේ නැහැ.

ඒ වගේම අද රටේ අපනයනය බිඳ වැටිලා. ආනයන දෙගුණ වෙලා. අපේ රටේ ආනයනවලින්  දහයෙන් එකකටත් වැඩි ප‍්‍රමාණයක් ආහාර සහ බීමයි. අපි භාණ්ඩ අපනයනය කරනවා කිවුවාට මුං ඇට, ළූණු පවා ආනයනය කරනවා. අපේ රටේ අපනයන වැඩි වෙන්නේ නැහැ. මංගල සමරවීර ඇමතිවරයා ආර්ථිකය තවත් ලිහිල් කරනවා කියලා මොනවද කරන්න යන්නේ? අණ පනත් වෙනස් කරලා ආණ්ඩුව කරන්න යන්නේ අපේ රටේ තියෙන සියලූම දේවල් විදේශිකයන්ට ගොදුරු කර දෙන්න.

අයවැයේ සඳහන් වෙනවා 1954 අංක 19 දරන සාප්පු හා කාර්යාල පනත සංශෝධනය කරනවා කියලා. පැය අටේ වැඩ දිනය නීතිගත කර තිබෙන්නේ මේ පනත අනුවයි. අපේ රටේ වැඩ කරන ජනතාවට පැය අටෙන් පසුව අතිකාල දීමනා ලැබෙන්නේ මේ පනත නිසා. කාන්තාවන්ට, රාතී‍්‍ර වැඩ මුරය ලබාදීමේදී විශේෂ අවසරයක් ලබාගත යුත්තේ මේ පනත මගින්. ඒවගේම ළමා ශ‍්‍රමය තහනම් කොට තිබෙන්නේ මේ පනත අනුවයි. ඒ නිසා මේ සාප්පු හා කාර්යාල පනත වැඩ කරන ජනතාවට විශේෂ පනතක්. මුදල් ඇමති ඒක වෙනස් කරන්න හදනවා. සේවකයින් වෙනුවෙන් නොව ආණ්ඩුවේ ලිහිල්කරණය වෙනුවෙන්. ඇමරිකානු ආධාර මුදල් වියදම් කරලා අපේ රටේ කම්කරු නීති කිහිපයක් වෙනස් කරන්න උත්සාහ කරමින් තිබෙනවා. නමුත් ඒවා තරමක් හෝ පස්සට තල්ලූ වෙලා තිබෙන්නේ වෘත්තීය සමිති අරගල නිසා. අද තොරතුරු තාක්‍ෂණය ඉතා දියුණු මට්ටමක තිබෙනවා. එම තාක්‍ෂණය භාවිතා කරලා පැය අටේ වැඩ දිනය පැය හතක් කරන්නයි අපි උත්සාහ කළ යුතු වන්නේ. ප‍්‍රංශය, ස්වීඩනය වැනි රටවල්වල පැය හතයි වැඩ කළ යුතු වන්නේ. ඔවුන් පැය හයක් කරන්න සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් මේ ආණ්ඩුව කරන්න යන්නේ සාප්පු හා කර්යාල පනත වෙනස් කරලා පැය අටේ වැඩදිනය තමන්ට  ඕන විදිහට සකස් තීරණය කරගන්න අවස්ථාව හදන්නයි. මේ වෙනුවෙන් ආණ්ඩුව යොදා ගන්නා මතය තමයි නම්‍යශීලී වැඩ කිරීම. එය අටේ සිට හතර දක්වා හෝ නමයේ සිට පහ දක්වා ආවරණය කළ හැකි වැඩ මුරයක් බවට පත්කිරීම කිව්වත් එයට මුවා වෙලා පැය අටේ වැඩදිනය අවලංගු කරන්නයි ආණ්ඩුව හදන්නේ. අවුරුදු සිය ගාණක් වැඩ කරන ජනතාව බුක්ති විඳපු අයිතිය ආණ්ඩුව අහෝසි කරන්න හදනවා. එම පනත් සංශෝධනය මගින් කාන්තා අයිිතිවාසිකම් උල්ලංඝනය කරනවා. ළමා ශ‍්‍රමයට ඉඩ හදන්න උත්සාහ කරනවා.

ඒ වගේම ආණ්ඩුව රේගු පනත සංශෝධනය කරන්න යෝජනා කොට තිබෙනවා. අපේ රටේ තිබෙන රේගු ආඥා පනත 1869දී හදපු එකක්. එය 1969දී 1973දී, 1978දී සංශෝධනය කොට තිබෙනවා. මුල් රේගු පනතේ තිබුණු සංශෝධන 167න් වගන්ති 128ක්ම අලූතෙන්ම සකස් කොට තිබෙනවා. හිටපු මුදල් ඇමති රවී කරුණානායක කිවුවා වගේම මේ පනත් පැරණියි කියන ප‍්‍රකාශයම කරමින් තමයි මංගල සමරවීරත් මේ පනත් සංශෝධනය කරන්න යන්නේ. අපේ රටේ රේගු පනත කියන්නේ රට වටේ හදල තියෙන ආරක්‍ෂක වැටක්. රේගුවේ පරීක්‍ෂණවලින් තොරව භාණ්ඩ ගෙන්වීම බරපතළ තත්වයක්. දැනටමත් ලංකාවේ ප‍්‍රධාන සමාගම් 47ක ආනයන භාණ්ඩ පරීක්‍ෂණයකින් තොරව නිදහස් කිරීමට කටයුතු කර තිබෙනවා. රේගුව කටයුතු කළ යුතු වන්නේ නීත්‍යානුකූල වෙළඳාම දිරිගැන්වීමයි. නමුත් ආණ්ඩුව  ඕන කුණු ගොඩක් ලංකාවට ගේන්න පුළුවන් විදිහට රේගු පනත වෙනස් කරන්න හදනවා. ඒ මගින් ඇමතිට පගාව දීලා  ඕනෑම කුණු බඩුවක් ගේන්න පුළුවන්කම ලැබෙනවා. දැනටමත් ලංකාව මත්ද්‍රව්‍ය තිප්පොලක් බවට ප‍්‍රකාශ වෙනවා. රේගු පරීක්‍ෂණ අඩපණ වීම නිසා තවදුරටත් මත්ද්‍රව්‍යවලට ඉඩ හැදෙනවා. රේගු පනත සංශෝධනයට එරෙහි වෙන වෘත්තීය සමිතිවලට රේගු නිලධාරීන්ට එරෙහිව ආණ්ඩුව වැරදි මත හදනවා. ආණ්ඩුව කියන්නේ රේගු නිලධාරීන් ලබන තෑගි ප‍්‍රමාණය ආණ්ඩුවට ලැබෙන ආදායමට වැඩියි කියලා. නමුත් අත්ත කතාව වන්නේ රේගු නිලධාරීන් නීති විරෝධීව ගේන භාණ්ඩ අත්අඩංගුවට අරගෙන ආණ්ඩුවට ලැබෙන ආදායමෙන් ප‍්‍රතිශතයක් තෑගි ලෙස ලබා ගැනීමයි. එසේ කළ යුතු වන්නේ රේගු නිලධාරීන් ඔත්තුකරුවන් නඩත්තු කරන නිසයි. රේගු නිලධාරීන්ට තෑගි දීම ආණ්ඩුවට ආදායම් අහිමි වීමක් නෙවෙයි. රේගු වැටලීම් නිසා ආනයකරුවන්ට නීත්‍යානුකූලව භාණ්ඩ ගෙන්වීමට බලපෑමක් වෙනවා.  රට වටේ තිබෙන ආරක්‍ෂණ වැට බිඳින්නයි ආණ්ඩුව මේ හදන්නේ.

ඒ වගේම 1939 ගෙනාපු අධ්‍යාපන ආඥා පනතින් ලංකාවේ පාසැල්වල මුදල් අයකිරීම තහනම් කිරීම, පාසැල් පවත්වාගෙන යාම රජය සතු වගකීමක් බවට පත්කිරීම, පුද්ගලික අධ්‍යාපන ආයතනවලට වැට බැඳීම සිදුකොට තිබෙනවා. එය ප‍්‍රගතිශීලී පනතක්. ආණ්ඩුව අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට කන්නංගර ප‍්‍රතිමාව තබාගෙන නෙවිල් ප‍්‍රනාන්දුගේ වැඬේ කරනවා. ඒ නිසා ආණ්ඩුව කරන්න  ඕන නෙවිල්ගේ ප‍්‍රතිමාවක් හදාගන්න එකයි. අද පාසැල්වල මුදල් අයකරන තත්වයක් ඇතිවෙලා තිබෙනවා. නමුත් පනත අනුව තහනම්. ඒක වෙනස් කරන්න ආණ්ඩුව හදනවා. පෞද්ගිලක පාසැල් ආරම්භ කරන්න පනතින් තහනම් වුවත් අදටත් පෞද්ගලික අධ්‍යාපන ආයතන තිබෙනවා. ලෝකයේ කොහේවත් රටක් පෞද්ගලික අධ්‍යාපනයෙන් දියුණුවෙලා නැහැ. යුරෝපයේ බොහෝ රටවල්වල තිබෙන්නේ ආණ්ඩුවෙන් නොමිලේ ලබාදෙන ආධ්‍යාපනයයි. පනත වෙනස් කරලා ආණ්ඩුව අධ්‍යාපනයේ වගකීමෙන් නිදහස් වෙන්න හදනවා. අපි ආණ්ඩුවට අභියෝග කරනවා ජාත්‍යන්තර පාසැල්වල ගුරු මණ්ඩලයේ ඉන්න උපාධිධාරීන් ප‍්‍රමාණය හෙළිදරව් කරන්න කියලා. මම ඉතාම වගකීමෙන් කියනවා, මොනරාගල තිබෙන දුප්පත්ම පාසැලේ ඉන්න උපාධිධාරී ගුරුවරුන්ට වඩා කොළඹ ජාත්‍යන්තර පාසැලක ඉන්න උපාධිධාරී ගුරුවරුන් අඩුයි කියලා. ඒ නිසා අධ්‍යාපනයේ ප‍්‍රමිතිය රැකෙන්නේ අලූත් ගොඩනැගිලිවලින් පමණක් නෙවෙයි. අධ්‍යාපනයේ ප‍්‍රමිතිය වෙනුවෙන් තිබෙන අධ්‍යාපන ආඥා පනත තමයි මේ ආණ්ඩුව සංශෝධනය කරන්න යන්නේ.

ඒ වගේම මේ ආණ්ඩුව කුඹුරු පනත හා රජයේ ඉඩම් ආඥා පනත සංශෝධනය කරන්න යනවා. ආණ්ඩුව ගේන ප‍්‍රධාන තර්කය තමයි, අපේ රටට ආයෝජකයන් එන්නේ නැත්තේ ඉඩම් නැති නිසා කියලා. නමුත් ආයෝජන කලාපවල තාප්පවලින් වට කරලා වැටවල් ගහලා ඉඩම් අක්කර සිය ගණනක් අලි ඉන්න කැලෑ බවට පත්වෙලා තිබෙනවා. ෆැක්ටරි හදනවානම්  ඕනෑතරම් ඉඩම් තිබෙනවා. ලෝකයේ පිළිගැනීම වන්නේ රටේ  ඉඩම් රටේ මිනිස්සුන්ට කියන එක. මේ ආණ්ඩුව කරන්න යන්නේ විදේශිකයින්ට සින්නක්කරව ඉඩම් ලබාගන්න නීති හදලා දෙන්නයි. විදේශිකයන්ට ඉඩම් ලබාගැනීමේදී විවිධ සීමා කිරීම් තිබෙන පනතක් තමයි අපිට තිබෙන්නේ. දැනට ඉඩම් මිලදී ගැනීමේදී විදේශිකයෙක් සියයට සීයක බද්දකට යටත් වෙනවා. කැනඩාව කියන්නේ ලෝකයේ දෙවැනි විශාලතම රටයි. ඒ වගේම ජනශූන්‍ය ප‍්‍රදේශ විශාල ලෙස ඇති රටක්. එසේ තිබියදී කැනඩාවේ ඉඩම් විදේශිකයන්ට විකුණන්න දෙන්නේ නැහැ. ඉන්දියාව අතිවිශාල රටක්. ඉඩම් විකුණන්න දෙන්නේ නැහැ. ඒත් හුණ්ඩුවක් වගේ තියෙන අපේ රටේ ඉඩම් ධනවත් විදේශිකයන්ට ගන්න නීති හදන්න ආණ්ඩුව උත්සාහ කරනවා. මේ මගින් අපේ රටේ තීරණාත්මක ඉඩම් රටට අහිමි වෙන්න පුළුවන්. ඒ වගේම විදේශ රටවල් දේශපාලනික වශයෙන් බලපෑම් කරන්න මේ ඉඩම් යොදා ගන්නවා. මහින්ද රාජපක්‍ෂලා ෂැංගි‍්‍රලා සමාගමට ඉඩම් දුන්නේ නීතියට පිටින් ගිහින් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගෙනයි. නමුත් මෛතී‍්‍ර-රනිල් ආණ්ඩුව නීති හදලා විදේශිකයන්ට ඉඩම් දෙන්න යනවා.

කුඹුරු පනත මගින් අපේ රටේ වී වගාවට අවශ්‍ය කුඹුරු ඉඩම් ප‍්‍රමාණය ආරක්‍ෂා කොට තිබෙවා. අපේ රටේ ප‍්‍රධාන ආහාරය බත් නිසා වී වගාව සඳහා එම ඉඩම් ප‍්‍රමාණය ආරක්‍ෂා කරගත යුතු වෙනවා. අදටත් හාල් කිලෝ එක සියයට, එකසිය පහළොවට ගන්න සිදුවෙලා. ප‍්‍රධාන ආහාරය සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ඉඩම් ආරක්‍ෂා කිරීම වෙනුවට තිබෙන ප‍්‍රගතිශීලී පනතක් තමයි මේක. ආණ්ඩුවේ ව්‍යාපෘතිවලට ඉඩම් අවශ්‍ය නම් කුඹුරු ඉඩම් පවා පවරා ගැනීමට විද්‍යානුකූල ක‍්‍රමවේද තිබෙනවා. නමුත් ආණ්ඩුව මේ පනත වෙනස් කිරීම මගින් අපේ රටේ කුඹුරු ඉඩම්  ඕනෑම දේකට යොදා ගැනීමට අවස්ථාව හදලා දෙනවා. අපේ රටේ වී වගාවට තිබෙන ඉඩම් ප‍්‍රමාණය අහිමි වීමෙන් ආහාර සුරක්‍ෂිතතාවය බිඳ වැටෙනවා. මීට කලින් එස්.බී දිසානායකත් මේ පනත වෙනස් කරන්න යෝජනා කළා. 86 ඉඳලා ලෝක බැංකුව මේ පනත් වෙනස් කරන්න යෝජනා කරමින් ඉන්නවා. අද 115ට හාල් කිලෝ එක ගන්න සිදුවෙලා තියෙන තත්වයකදීත් ආණ්ඩුව මේ පනත් වෙනස් කරන්න යනවා.

මේ විදිහට වර්තමාන ආණ්ඩුව රේගු පනත, සාප්පු හා කාර්යාල පනත, ඉඩම් පනත, කුඹුරු පනත, අධ්‍යාපන ආඥා පනත ඇතුළු පනත් පැරණියි කියා සංශෝධනය කරමින් ලිහිල්කරණ ප‍්‍රතිපත්තියට අනුව විදේශ ආක‍්‍රමණයකට ගැලපෙන විදිහට නීති සකස් කරන්න හදනවා. එනිසා අපි මේ රටේ ඉන්න කෘෂිකර්මයට අදාළ වෘත්තිකයින්ගෙන්, රටේ ශිෂ්‍යයන් සහ දෙමාපියන්ගෙන්, වැඩ කරන ජනතාවගෙන්  ඇතුළු සියලූම ජනතාවගෙන් ඉල්ලනවා මෙම පනත් සංශෝධනයට එරෙහිව අරගලයකට එන්න කියලා. රේගු පනත සංශෝධනය කිරීම රටේ ජාතික ආරක්‍ෂාවට අදාළ දෙයක්. ඊට එරෙහිව අපේ රටේ සියලූම ජනතාව නැගී සිටිය යුතු වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ අමනෝඥ තීරණයට අත උස්සන්න පාර්ලිමේන්තුවේ අය හිටියට අපි මේක පාරේ සටනේදී පරාජය කරනවා. ඒ වෙනුවෙන් අපි ජනතාව දැනුවත් කරනවා. යල් පැන ගිය අණපනත් කියලා ආණ්ඩුව කටයුතු කරන්නේ අපේ රටේ ආර්ථිකය බිලි දෙන්න නීති වෙනස් කරන්නයි යයි පැවසීය.

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…

ආයෝජකයෝ එන්නේ නැත්තේ වෘත්තීය සමිති නිසා කියලා ආණ්ඩුව කියන කතාව සම්පූර්ණ බොරුවක්. රටක කම්කරු නීති ශක්තිමත් වීම අත්‍යාවශ්‍ය දෙයක්. අපේ රටේ ආණ්ඩු කම්කරු අයිතිවාසිකම් පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන්වලට අත්සන් කොට තිබෙනවා. නමුත් එම නීති රට තුළ හදන්න කටයුතු කර නැහැ.  ඕනෑම රටක් වෘත්තීය සමිති අයිතිවාසිකම් පිළිගත යුතුයි.

මංගල සමරවීර ඇමතිවරයා අයවැය කථාව කළේ මාධ්‍ය වෙනුවෙන්. එළියට දැම්ම එක නෙවෙයි ආණ්ඩුව කි‍්‍රයාත්මක කරන්නේ වෙන අයවැයක්. සෙවනගල සීනි කර්මාන්ත ශාලාව, හිල්ටන් හෝටලයෙන් 50% කොටස් විකුණන්න යනවා. මත්තල විකුණන්න යනවා. ආණ්ඩුවට අයිති හයට් හෝටලය විකුණන්න යනවා. මේ එකක්වත් අයවැයේ සඳහන් වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුව අයවැයට පිටින් මේවා කරනවා.

බියර් බද්ද අඩු කිරීමට අපි විරුද්ධයි. ආණ්ඩුවේ බදු වැඩිකිරීම්වලට විරුද්ධ වුවත් පැණි බීම භාවිතය අඩු කිරීමට අපි එකඟයි. සීනි යොදා නිෂ්පාදනය කරන බීමවලට බද්ද වැඩි කරන ආණ්ඩුව, සීනිවලින් හදන බියර්වලට බදු අඩුකිරීම තේරුම් ගන්න බැරි දෙයක්. මෙම බියර් මිල අඩුවීම මගින් අපේ රටේ දරුවන් බියර් පානයට ඇබ්බැහි වීමට පුළුවන්. දැනටමත් අතිවිශාල බියර් පරිභෝජනයක් අපේ රටේ තිබෙනවා. බියර් පානයට හුරුවන පුද්ගලයින් ඊට වඩා ඇල්කොහොල් ප‍්‍රතිශතයක් තිබෙන මත්පැන්වලට හුරු වෙනවා. රවී කරුණානායක අපේ රටේ බියර් සමාගමකට අතිවිශාල බදු නිදහසක් දුන්නා. මංගල බියර් මිල අඩු කරනවා. මේ මගින් අපේ රටේ තරුණයින් මත්ද්‍රව්‍යවලට ගොදුරු වෙනවා. එය ආර්ථික හානියක්.  ඒ නිසා අපි ආණ්ඩුවට බල කරනවා බියර්වල බදු ප‍්‍රමාණය තිබුණු මට්ටමට හරි ගේ්න්න කියලා. ජෝන් සෙනෙවිරත්න කියලා තිබුණා අරක්කු මිල අඩු කරන්න  ඕනෑ කියලා. එවැනි ඇමතිවරයෙක් මේ වගේ ප‍්‍රකාශ කිරීම ගැන අපි ලැජ්ජා වෙනවා. මහින්ද රාජපක්‍ෂලාගේ අනුරාධපුර රැුලියේදී අපි දැක්කා බීලා මිනිස්සු වැටිලා ඉන්නවා. මේ වගේ ජනතාව වහල්ලූ ලෙස තබාගන්නයි ජෝන් සෙනෙවිරත්නලාට අවශ්‍ය වෙලා තිබෙන්නේ.

අපේ රටේ අයවැයවල්වලින් ඉදිරිපත් වන ප‍්‍රාග්ධන යෝජනාවලින් 40%ක්වත් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ. පසුගිය අයවැයෙන් ශිෂ්‍යයන්ට ටැබ් දෙන්න යෝජනා කළත් සිම් කාඞ් එකක්වත් දුන්නේ නැහැ. ඒ මදිවට ටෙන්ඩර් වංචාවකුත් වෙලා තිබෙනවා. අපේ රටේ තිබෙන කළමනාකරණයේ දුර්වලතා නිසාත් මුදල් නොමැතිකම නිසාත් මෙම ප‍්‍රාග්ධන යෝජනා ඉටුවෙන්නේ නැහැ. මේ අයවැයෙන් ඉදිරිපත් කොට තිබෙන සංවර්ධන යෝජනාවලින් හතරෙන් එකක්වත් කෙරෙයි කියලා අපි හිතන්නේ නහැ. අයවැයෙන් වෙන් කරපු මුදල් ඇත්තටම නැහැ. අපි හිතන්නේ මේ  අයවැය හදලා තිබෙන්නේ ජන මාධ්‍ය අමාත්‍යාංශයෙන් කියලා. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හදපු අයවැයක් නෙවෙයි. අපි මේ සමස්ත අයවැයටම විරුද්ධයි.

Leave A Reply

Your email address will not be published.