ඉදිරි පළාත් පාලන මැතිවරණය සදහා අපේක්ෂකයන් ලෙස අපරාධකරුවලට සම්බන්ධ පුද්ගලයින් 80 වක් පමණ ඉදිරිපත්ව සිටින බව වාර්ථා වේ. නීතියට අනුව අපරාධ වරදකට මාස 3ක සිරදඩුවමක් විදි අයෙකුට අවුරුදු 7ක් කාලය දක්වා ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්විය නොහැක. සාමාන්‍ය වරදකට මාස 12ක් සිර දඩුවම් විදි අයෙකුට අවුරුදු 7ක් යනතුරු ඡන්දයකට ඉදිරිපත්විය නොහැක.පළාත් පාලන මැතිවරණයේදී අපරාධවලට සම්බන්ධ අපේක්ෂකයෙකු ජයග්‍රණය කලද එම ජයග්‍රණය අහෝසි කිරීමට කටයුතු කරන බව සදහන් වේ.එබැවින් අපරාධකරුවන්ට ඡන්දය ලබාදීමෙන් වැලකි සිටින ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.